වසර 4ක් තුල අධ්‍යාපන ‍හා සෞඛ්‍යයට බිලියන 1300 ක්!

12

2015 සිට 2019 දක්වා මේ අවුරුදු හතරේ අධ්‍යාපන ‍ක්ෂේත්‍රයට විතරක් අධ්‍යාපන අමාත්‍යංශයට, උසස් අධ්‍යාපන අමාත්‍යංශයට සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයට  බිලියන 635 ක් මෙන්ම අවුරුදු කිහිපයේදී සෞඛ්‍යය වෙනුවෙන් බිලියන 690 ක් වියදම් කරලා ඇති බවත් ඒ අනුව බිලියන 1300 ක් අවුරුදු 4 කින් වියදම් කරලා තියෙන බව සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අනාවරණය කළා.

රත්නපුර ශික්ෂණ රෝහල විවෘත කිරීම සහ සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කිරීමේ උත්සවයන්ට මම සහභාගී වුණා. මේ අවස්ථා දෙක ම එකිනෙකට සම්බන්ධයි. ශික්ෂණ රෝහල විවෘත කිරීම සඳහා මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් පළමුවෙන් අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමාට මම ස්තුති වන්ත වෙනවා.  එතුමා යටතේ මේ රටේ සෞඛ්‍ය සේවාව සඳහා විශාල පෙරළියක් සිදුවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මම දීර්ඝ ලෙස කතා කිරීම අවශ්‍ය නැහැ. සෞඛ්‍ය සේවාව සඳහා ස්ටෙන්ට් ලබාදීම, පිලිකා රෝගීන්ට ජීවිත කාලය පුරා ඔඣීෂධ ලබා දීම, ඖෂධ වර්ග වල මිල අඩුකිරීම වැනි විශාල සේවයක් රාජිත සේනාරත්න අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සිදුවී තිබෙනවා. මේ ආකාරයට යම්කිසි සැලැස්මකට අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  දියුණුව උදෙසා මෙතුමා විසින් වැඩකටයුතු කරනු ලබනවා.

ඒවගේම ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස රාවුෆ් හකීම් ඇමතිතුමා ද විශාල කාර්යභාරයක් සිදු කරනවා. මේ රටේ ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවයක් වන පානීය ජලය ලබාදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. තවත් කටයුතු රාශියක් අපිට සිදුකිරීමට තිබෙනවා.  ලබන වසර කිහිපය තුල  පානීය ජලය ලබාදීම සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය ලබාදීම සිදුකරනවා. මේ රටේ නාගරීකරණය, අර්ධ නාගරීකරණය සමඟ පානීය ජලය ලබාදෙන්න දැනට රාවුෆ් හකීම් ඇමතිතුමා විශාල ව්‍යාපෘති ගණනාවක් ලබාගෙන තිබෙනවා.  ඒ වගේම අනාගතයට යා යුතු මාර්ගයත් එතුමා පෙන්වා දෙනවා.  ජල සම්පාදන අමාත්‍යාංශයට අමතරව මෙතුමා උසස් අධ්‍යාපනය අමාත්‍යාංශය ද භාර අරගෙන කටයුතු කරනවා.  සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් බෞද්ධ , ක්‍රිස්තියානි, හින්දු ආදී සෑම දෙනාගේම විශ්වාසය දිනාගෙන එතුමාට වැඩකටයුතු කරන්න අවස්ථාව ලැබිලා තිබෙනවා.

මේ සියළු කාර්යයන් කිරීමට හැකියාව ලැබුණේ අමාත්‍ය තලතා අතුකෝරල මැතිනිය නිසයි.  එතුමිය විසින් රත්නපුර රෝහල පිළිබදවත්, අද දින විවෘත කරන ලද මෙම විශ්ව විද්‍යාලය පිළිබඳවත් වසර ගණනාවක සිට මා වෙත පැවසුවා. එතුමියගේ සහෝදර ගාමිණි අතුකෝරල මැතිතුමා මා සමඟ සමීපව කටයුතු කළ නිසා එතුමාව සිහිපත් කරමින් මගේ යුතුකමක් ලෙස මේ වැඩකටයුතු ඉටු කළා. ඒ පිළිබද තලතා අතුකෝරල ඇමතිතුමිය සහ විජේතුංග මන්ත්‍රිතුමා විසින් දිගින් දිගටම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වලට අමතරව විවිධ කාර්යයන් සම්බන්ධයෙන් නිත මා දැනුවත් කළා.

සබරගමුව විශ්ව විද්‍යාලය ආරම්භ කළ කාල වකවානුව පිළිබද මට මතකයි.  ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලයේ අළුත් විශ්ව විද්‍යාල කිහිපයක් අපි ආරම්භ කළා.  රුහුණ, නැගෙනහිර, විවෘත විශ්ව විද්‍යාලය, සහ මොරටුවත් අපි විශ්ව විද්‍යාලයක් බවට පත්කළා.  බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයත් ආරම්භ කළා. ඊට අමතරව විද්‍යාපීඨ ගණනාවක් අපි විවෘත කළා.

පසුව ආර්. පේ‍ර්මදාස  මහතා ජනාධිපති වූ පසුව එතුමාගේ ඉල්ලීමක් තිබුණා.  මේ සියළු විශ්ව විද්‍යාල නගර වලට ගෙන එන්න එපා කියලා එතුමා එම අවස්ථාවේදී පැවසුවා.  අනුබද්ධ විශ්ව විද්‍යාල ලෙස ආරම්භ කල  සබරගමුව විශ්ව විද්‍යාලය කෑගල්ලේ ද රත්නපුරේද ආරම්භ කරන්නේ කියලා ගැටළුවක් තිබුණා.  හිස්වුණු ගොඩනැගිලි සහිත නිවාස සංකිර්ණය පිහිටියේ සමනල වැවයි. ඒ අනුව සබරගමුව විශ්ව විද්‍යාලයේ එම ස්ථානයේ ආරම්භ වුණා. එහිදී පසුව වෙනත් ස්ථානයකට ගෙනෙන බවට අපි තීරණය කළා.  මේ වන විට සමනල වැව දියුණු වෙලා තිබෙනවා.

එවකට චන්ඬිකා කුමාරතුංග ජනාධිපතිතුමිය යටතේත් උඣීව සහ සබරගමුව විශ්ව විද්‍යාල තත්වයට පත් කළා.  එතැන් පටන් මෙහි දියුණුව ඇතිවුණා.  නමුත් අංග සම්පූර්ණ විශ්ව විද්‍යාල නොවෙයි. වෛද්‍ය පීඨයක් විශ්ව විද්‍යාලයට අවශ්‍ය වුණා. නමුත් එම කටයුතු ආරම්භ කිරීම අතපසු වුණා.  2015 ජුලි හෝ අගෝස්තු මාසයේදී තලතා අතුකෝරල ඇමතිතුමිය මේ සම්බන්ධයෙන් මා දැනුවත් කළා. එම අවස්ථාවේදී අපේ ආණ්ඩුව යටතේ අපි අද දින මෙහි ආරම්භ කළ වෛද්‍ය පීඨය ලබාදෙන බවට පොරොන්දු වුණා.

2016 වර්ෂයේදී ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙසත් අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවටත් මම දැනුම් දුන්නා. 2017 වර්ෂයේ ඊට අදාල සැලසුම ලැබුණා. මේ සඳහා ගොඩනැගිල්ලක් අළුතින් ඉදිකරනවාද ,නැතිනම් තිබෙන ගොඩනැගිල්ලක් මේ සදහා ලබාගෙන කටයුතු කරනවාද යන්න ගැටළු මතුවුණා. එහිදී උප කුලපතිතුමා මේ ගොඩනැගිල්ල ලබාගෙන වසරක් යාමට පෙර මේ විද්‍යාපීඨය ආරම්භ  කිරීමට අවස්ථාව ලබාගත්තා.  මේ කටයුතු කඩිනම් කිරීම සදහා කටයුතු කළ උපකුලපතිතුමාටත් අනෙක් සියළු දෙනාටත්  මම මේ අවස්ථාවේ විශේෂයෙන්ම ස්තුති වන්ත වෙනවා.

අද දින මෙම ආරම්භ කරන ලද  වෛද්‍ය පීඨය රත්නපුර ප්‍රදේශයේ තිබෙන ඉහළ ම උසස් අධ්‍යාපන ආයතනයයි.  නමුත් මෙය පළමුවන උසස් අධ්‍යාපන ආයතනය නොවෙයි. දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ පලාබද්දල මහ පිරිවෙනක් තිබුණා. ඒ පිරිවෙනෙන් පසුව තොටගමුව විජයබා  පිරිවෙන තිබුණා.  ඉන් පසුව එම ප්‍රදේශයේ අධ්‍යාපනයේ දියුණුවක් තිබුණේ නැහැ. එය යළිත් ආරම්භ වුණේ රුහුණු විශ්ව විද්‍යාලය සහ සබරගමුවේ මේ අනුබද්ධ විශ්ව විද්‍යාල අප ආරම්භ කිරීමෙන් පසුවයි.

අතීතයේ පැල්මඩුල්ල මහා විහාරයේ බොහෝ දෙනෙක් ඉංගි්‍රසි සහ පාලි ඉගෙන ගත්තා. මුල්කිරිගල මහා වංශය සොයා ගන්න අවස්ථාව ලැබුණේ ඒ අනුව යි. පැල්මඩුල්ල විහාරය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක්ව පැවතුණා.

අපි අනාගතය ගැනත් බැලිය යුතුයි. විශේෂයෙන් මතක තියා ගත යුතු කරුණක් තිබෙනවා. මේ යන වැඩසටහන් නිසා හම්බන්තොට විශාල ආර්ථික කලාපයක් බවට පත්කිරීමට අපට ශක්තියක් ලැබී තිබෙනවා. කර්මාන්ත ශාලා 100ක්, අලූත් ව්‍යාපාර ගණනාවක් ඇති වෙනවා. එදා සුදු අලියෙක් ලෙස නම් කෙරුණු හම්බන්තොට දියුණු කරන්න අපට පුළුවන් වී තිබෙනවා. එම අවස්ථාවේදී විශ්ව විද්‍යාල එම ස්ථානයට යොමු විය යුතුයි. උදාහරණයක් ලෙස මොරටුව කොළඹට යොමු උනා වගේ. සබරගමුව, රුහුණ , උඣීව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය හම්බන්තොට අනාගත දියුණුවත් බලලා ඊළග වසර පහේදී දහයේදී තමන්ගේ වැඩකටයුතු කළ යුතු යි. මේ විශ්ව විද්‍යාලයට උවමනා නම් අපේ උසස් අධ්‍යාපන ඇමතිතුමත්, දකුණ සංවර්ධන ඇමතිතුමත් සම්බන්ධ කරගෙන, චයිනා හාබර් මර්චන්ට් සමාගම සමගත් සාකච්ඡා කර, අනාගතයේ ඒ සමාගම්වල හා කර්මාන්ත ආයතනවල අවශ්‍යතාවන්ට සරිලන පාඨාමාලා සහිත උසස් අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති කරගන්න පුළුවන්.

දැන් ඉංග්‍රීසි භාෂාවෙන් එහෙම වැඩකටයුතු කරගෙන යනවා. මොකද අපිට අනාගතයේ අපනයනය වැඩි කිරීම, කර්මාන්ත අගය වැඩි කිරීමේ සේවා, තොරතුරු තාක්‍ෂණ සේවා ලබාගැනීමට නම් සෞඛ්‍යටත් අධ්‍යාපනයටත් අපි මූලික ප්‍රමුඛත්වය දිය යුතුයි. පළමුවෙන්ම නිරෝගි මනසක් අවශ්‍යයි.  අපි මෙතරම් මුදල් වියදම් කරලා, දැනුම වැඩි කරලා, අවුරුදු 50 ක් ජීවත් වෙනවා නම් ඇත්ත වශයෙන්ම එතනින් ප්‍රයෝජනයක් නැහැ. අවුරුදු 60 ක් 70 ක් 80 ක් ජීවත් වෙන්න පුළුවන් විදියට ජනතාව නීරෝගී විය යුතු යි.  මොකද අපේ ජනගහනය වැඩි වෙන්නේ නැහැ.  රෝගියෙක් වුනාම මුලින්ම හිතන්නේ කොහොමද සුව වෙන්නේ කියලා. ඉගෙන ගන්න එක නෙවෙයි. අපි ඒක වෙනස් කරන්න ඕන.

 

අපේ අවුරුදු 30 ක යුද්ධයක් තිබුණා. යුද්දෙ අන්තිම කාලේ මුදල් වැය වුණේ යුද්දෙට. යුද්දෙන් පස්සෙ  මුදල් යෙදෙව්වේ යටිතල පහසුකම්වලට. ඉතිං සමහර ඒවා අපතේ ගියා. සූරියවැව ක්‍රිකට් කී්‍රඩාංගණයක් තියෙනවා මම දන්නේ නැහැ මොනවද කෙරෙන්නේ කියලා. ක්‍රිකට් පීඨයක් ඇති කළොත් භාවිතයට එය ගැනීමට පුළුවන්. සම්මන්ත්‍රණ ශාලාවක් හම්බන්තොට තියෙනවා . මේවා මඟුල් ගෙවල්වලටත් අරගන්නේ නැහැ.  මත්තල තියෙනවා ගුවන් තොටුපලක්. අපි දැන් ඉන්දියන් සමාගම සමග සාකච්ඡා කර අලාභෙ අඩු කරගන් කටයුතු කරනවා.

හම්බන්තොට වරායෙ විශාල අලාභයක් තිබුණා. අපි කොහොම හරි ඒ අලාභෙ නැති කරගෙන දැන් චයිනා මර්චන්ට් සමාගම එක්ක චයිනා හාබර් සමාගම එක්ක විශාල වැඩකොටසක් කරගෙන යනවා.

ශ්‍රී ලංකා ගුවන් සේවයට සුදුසු නැති ගුවන් යානා අරගෙන තියෙනවා. ඇමරිකාවට යන්න පුළුවන් ගුවන් යානය අරගෙන අපි වැඩියෙන්ම යන්නේ ලන්ඩන් නුවරට. ඉතිරි තෙල්වලින් මොනවද කරන්නේ? අපි විශාල ලෙස මුදල් වියදම් කරලා තියෙනවා අකුරුගොඩ ආරක්‍ෂා මධ්‍යස්ථානයක් දාන්න. තාමත් කරගෙන යනවා. ඔය මුදල් ටික දැම්මා නම් සෞඛ්‍යට, අධ්‍යාපනයට එහෙමනම් එදා විශාල වෙනසක් තියෙනවා. ඒත් ඒක සිදු කරේ නැහැ. අපි එදා ඉදන් කිව්වා අධ්‍යාපනයට, සෞඛ්‍යට මුදල් වැඩි කරන්න කියලා. ඒ නිසා 2015 සිට 2019 දක්වා මේ අවුරුදු හතරේ අධ්‍යාපන ‍ක්ෂේත්‍රයට විතරක් අධ්‍යාපන අමාත්‍යංශයට, උසස් අධ්‍යාපන අමාත්‍යංශයට සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයට  අපි බිලියන 635 ක් වියදම් කරලා තියෙනවා. ඒ පලාත් අධ්‍යාපනයට වියදම් කළ මුදලට අමතරව යි. ඒ අවුරුදු කිහිපයේදී සෞඛ්‍යය වෙනුවෙන් බිලියන 690 ක් වියදම් කරලා තියෙනවා. ඒ මුදලත් පලාත් සෞඛ්‍ය සේවයට වියදම් කළ මුදලට අමතරව යි. එසේ නම් අපි බිලියන 1300 ක් අවුරුදු 4 කින් වියදම් කරලා තියෙනවා.

අළුත් ගොඩනැගිලි 800 ක් විවෘත කිරීමට තිබෙන බව මට අධ්‍යාපන අමාත්‍යතුමා පැවසුවා අපි විවෘත කරපු ඒවා දිහා බලන්න. මෙතන මෙතුමා කරපු වැඩ කිව්වා අනිත් පැත්තෙන් බලන්න ශිෂ්‍යයන්ට අපි රක්‍ෂණය දුන්නා. ඒ සංඛ්‍යාව වැඩි කරලා තියෙනවා.

මෙතෙක් කල් විදුහල්පතිවරු පත් කළේ විභාගයෙන් නෙවෙයි. දැන් විදුහල්පතිවරු පත්කරන්නේ විභාගයෙන්. ඒක හොඳ වැඩකටයුත්තක්. අපිට තව දැන් මුදල් වැඩිපුර වියදම් කරන්න තියෙනවා. අපිට ඉංජිනේරු පීඨ පටන් ගන්න එක ප්‍රශ්නයක් තිබෙනවා. එනම් ආචාර්ය මණ්ඩලය නැති කමයි. අපිට ඉංජිනේරු අංශයත් තාක්‍ෂණ අංශයත් තව වැඩි දියුණු කරන්න තිබෙනවා. අපි වෛද්‍ය විද්‍යා අංශ එකතු කරගෙන යනවා. ඇත්තටම කොහොමද අපි මේ කණ්ඩායම් ආචාර්ය මණ්ඩලය සකස් කරන්නේ කියන එක විශාල ප්‍රශ්නයක්.

දෙවනුව තමයි අපි බිලියන 635 ක් වියදම් කළාට වෘත්තීය අමාත්‍යංශය ඉතා සුළු ගණනක් වියදම් කරලා තියෙනවා. ඒක මදි. රැකියාවලට යැවීමට නම් අපි ඒ අංශයට තව වැඩි කරන්න තියෙනවා. විශේෂයෙන්ම වෘත්තීය අංශයට අපි ඒ සංඛ්‍යාව වැඩි කළ යුතුව තිබෙනවා.

අපේ පාසල් තුළ විද්‍යා ගුරුවරු වුවමනායි. මම ඇමතිතුමා සමඟ සාකච්ඡා කළේ ඊලඟ අවුරුදු තුන හතරට වුවමනා ගුරුවරු දැන් බඳවා ගෙන පසුව විද්‍යා උපාධියකුත් ලබාගන්න අපි අවස්ථාව ලබලා දෙමුද කියලා. ඒක විශ්වවිද්‍යාලයෙන්ම සිදුවෙන්නේ නැත්නම් අපිට හරි ඒ වැඩකටයුත්ත කරන්න සිදුවෙනවා.

දැන් අපි ක්‍රියා කරන්නේ අවුරුදු 13 ක් අධ්‍යාපනය අනිවාර්ය කරන්නයි.  අළුත් මඟකට යන්නයි. අධ්‍යාපන ක්‍රමයත් සෞඛ්‍ය ක්‍රමයත් ආර්ථික සංවර්ධනයත් එකට එකතු කරගන්න ඕනේ. මොකද්ද සමාජවාදය කියන්නේ. සමාජවාදය මගින් තමන්ට තමන්ගෙ ස්වශක්තියෙන් නැගලා එන්න අවස්ථාව තියෙන්න ඕන. එසේ නම් නිරෝගිභාවයයි අධ්‍යාපනයයි තියෙනවා නම් ඔය සටනෙන් 60% ක් 70% ක් ඉවරයි. අපි සෑම කෙනාම එක සමානව සලකනවා නම් ආගම ජාතිය බලන්නේ නැත්නම් එවිට තවත් කොටසක් ඉවරයි.

අපේ මේ වියදම් කරලා තියෙන ප්‍රමණය වෙනත් කිසිම ආණ්ඩුවක් වියදම් කරලා නැහැ. අනික් අය කතා කරනවා. කප්පාදුව කියනවා. මේකද කප්පාදුව කියන්නේ. මේක කොහොමද කළේ? හුඟක් අය හිතුවා මේක කරන්න බැහැ කියලා. අපිට විශාල ණයක් ගෙවන්න තිබුණා. අපි ගෙවන ණය මීට වඩා වැඩියි. ඒ ණය ගෙවුවායින් පසුව මොනවද කරන්න පුළුවන් කියලා ඇහුවා. ඔන්න මේ ණයත් ගෙවලා අපිට පුළුවන් වෙලා තියෙනවා අධ්‍යාපනයයි සෞඛ්‍යයි දියුණු කරන්න.

ගම්පෙරලිය වාගේ වැඩසටහන් ආරම්භ කළා. ඒ නිසා අපිට දැන් තියෙන්නේ මේක ඉදිරියට ගෙනියන්න. අවුරුදු 4 ක් බෙර ගැහුවේ නැහැ. කෑගැසුවේ නැහැ. ඒත් ඉවසීමෙන් වැඩේ කළා. ණය පාලනය කරලා අධ්‍යාපන මුදල් ලබලා දුන්නා. ඒකෙන් ඉදිරියට යන්න පුළුවන් වුණා. අද මෙතන සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලූ දෙනාම ගිය අවුරුදු කීපයේදී අපි අධ්‍යාපනයට වියදම් කරපු නිසා ඒකෙනුත් වාසි අරගෙන මෙහාට ආව අය. දැන් තමන්ගේ නංගිලා මල්ලිලාට ඒ වාසිය ලැබෙනවා. ඉදිරියට යන්න තියෙනවා. අන්න ඒ වැඩ කටයුත්ත අපට කරන්න තියෙනවා. මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ නැහැ. ඒත් මෙතනදී මේ සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කරන්න උදව් කරපු සියලූ දෙනාටම ස්තඣති කරමින් මේ පීඨයටත් ආචාර්යවරුන්ටත් මෙතැන සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් විශේෂයෙන්ම සුබ ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය මා අවසන් කරනවා.

 



12 COMMENTS

  1. Everyone loves what you guys tend to be up too.

    This sort of clever work and exposure! Keep up the amazing works guys I’ve included you
    guys to blogroll.

  2. I just want to tell you that I am new to blogging and site-building and honestly savored you’re blog site. Likely I’m likely to bookmark your site . You absolutely come with wonderful stories. Cheers for sharing with us your web page.

  3. Folks today really needs to be even more a lot more certified to celebrate the benefits of your problems, to implement present day methods for contraceptive, to store all of our all-natural solutions additionally recycle for money all of our products and solutions and answers. We’re also guaranteed we’ll have obtained a enhanced in addition tidier web-site when you want it.

Comments are closed.