2015 – 2018 රජයේ ආයතනවල දුෂණ සහ වංචා සෙවීමට ජනපති පරීක්ෂණ කොමිෂමක්

18

2015 ජනවාරි මස 15 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දුෂණ, වංචා පිළිබ`ද සොයා බැලීමට ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේනවිසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබේ.

2015 ජනවාරි මස 15 වැනි දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දුෂණ කි‍්‍රයා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධී පරිහරණය, රැවටීම සහ බලය හෝ අධිකාරය, රාජ්‍ය සම්පත් හා වරප‍්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීම හෝ අවභාවිතය සහ එකී වරදවල් සහ වැරදි කි‍්‍රයාවන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස රාජ්‍ය වත්කම්වලට, රාජ්‍ය ආදායමට බරපතළ අලාභ හෝ හානි සිදුවී තිබීම සම්බන්ධයෙන් දේශපාලන පදවි දැරූ හෝ තවදුරටත් දරමින් සිටින පුද්ගලයන්ට සහ රජයේ සේවකයින් හා ව්‍යවස්ථාපිත මණ්ඩලයන් හි නිලධාරින් වශයෙන් සේවයේ නිරත ව සිටි සහ තවදුරටත් සේවයේ නිරතව සිටින පුද්ගලයන්ට එරෙහි බරපතළ චෝදනා පිළිබ`දව මහජන පැමිණලිි, තොරතුරු සහ සෙසු කරුණු කැ`දවීම සහ ඒවා කඩිනම් අපක්ෂපාතී, පු`ථල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිෂන් සභාවේ කාර්යභාරයයි.

එබදු වරදවල් සම්බන්ධයෙන් නිතී ප‍්‍රකාරව වගකිව යුතුව සිටි හෝ වගකිව යුතු වන පුද්ගලයන් හදුනා ගැනීම හා සාක්ෂි එක් රැස් කිරීම ද මෙම කොමිෂන් සභාව හරහා සිදු වේ.

මෙම ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න කටයුතු කරන අතර, විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන, විශ‍්‍රාමික විගණකාධිපති පස්දුන් කෝරළේ ආරචිචිගේ පේමතිලක, විශ‍්‍රාමික අමාත්‍යාංශ ලේකම් ලලිත් ආර්. ද සිල්වා, විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එම්.කේ.ඞී. විජය අමරසිංහ යන මහත්ම මහත්මීන් එහි සෙසු සාමාජිකයෝ වෙති.

එහි පළමු අතුරු වාර්තාව මාස 03 ක් ඇතුළතත්, නිගමනයන් හා නිර්දේශයන් ඇතුළත් අවසන් වාර්තාව මාස 06 ක් ඇතුළතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඉදිරිපත් කිරීමට උපදෙස් දී තිබේ.

2015 ජනවාරි 08 වනදා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන වෙත මේ රටේ හැට දෙලක්ෂ පනස්දහසක ජනතාව එක්ව ජන වරමක් ලබා දෙන ලද්දේ දුෂණය සහ වංචාව පිටුදැකීම ස`දහායි.

18 COMMENTS

  1. For latest information you have to pay a quick visit world-wide-web
    and on internet I found this web page as a finest web
    page for hottest updates.

  2. I just want to mention I’m new to blogs and absolutely savored you’re web blog. Probably I’m want to bookmark your site . You actually come with perfect well written articles. Thanks for sharing with us your web site.

  3. Whats up. Very nice website!! Man .. Excellent .. Superb .. I’ll bookmark your website and take the feeds additionally…I am satisfied to find numerous useful info right here within the post. Thanks for sharing.

  4. An interesting discussion may be valued at comment. There’s no doubt that that you ought to write on this topic, may well often be a taboo subject but normally persons are there are not enough to talk on such topics. Yet another. Cheers

Comments are closed.