රාජපක්ෂලා ව්‍යවස්ථා ගෝනී බිල්ලෙක් හදන්න හදනවා…

167

විරුද්ධවාදීන් අද ව්‍යවස්ථා ගෝනී බිල්ලෙක් නිර්මාණය කර ඇති බවත් බෞද්ධ ආගමට හිමි මුල්තැනත්, රටේ ඒකීය භාවයත් නැතිවෙනවා යැයි කරන ප්‍රකාශ මුසාවක් බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමති සජිත් ප්‍රේමදාස පවසනවා.

“යළි පිබිදුනු ගම් උදාව” වැඩසටහන යටතේ දිවයිනේ 152 වන උදා ගම්මානය වන “සිරිසරණගම” හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේදී ජනතා අයිතියට පත් වනවා.

නව නිවාස 23 කින් “සිරිසරණගම” උදා ගම්මානය සමන්විතයි. ඉඩමක් හා නිවසක් නොමැති පවුල් 23 කට මෙම ගම්මානයෙන් නොමිලේ ඉඩම් ලබා දී මෙහි නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා ඉතා සුළු පොළී ණය මුදල්ද අප ලබා දුන්නා. ඔවුන් ඊට තම මුදල්ද එක්කර ඉතා අපූරු නිවාස ඉදිකරගෙන තිබෙනවා. මෙම උදා ගම්මානයේ කටයුතු අංග සම්පූර්ණව නිම කිරීම සඳහා රුපියල් ලක්ෂ 212 ක පමණ මුදලක් වැය කර තිබෙනවා. පිරිසිදු පානීය නළ ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් “සිරිසරණගම” උදා ගම්මානය සමන්විතයි.

අපේ ඉලක්කය වන්නේ 2019 වසරේ සැප්තැම්බර් මස අවසන් වන විට රට තුළ උදා ගම්මාන 2,500 ක් ඉදිකිරීමයි. මේ වන විට දිවයින පුරා උදා ගම්මාන 1,684 ක පමණ ප්‍රමාණයක ඉදිකිරීම් අප ආරම්භ කර තිබෙනවා. ගම්මාන 2,500 ඉලක්කය වෙත යන්නට තවත් ගම්මාන 816 ක් අප ඉදි කළ යුතුයි. මෙම ඉලක්කය ජය ගැනීම අභියෝගාත්මකයි. නමුත් කෙසේ හෝ එම ඉලක්කය ජය ගන්නා බව මා ප්‍රකාශ කරනවා. අපගේ අවසන් ඉලක්කය වන්නේ 2025 දී රටේ උදා ගම්මාන 20,000 ක් ඉදි කිරීමයි. ඒ අනුව පළමු අදියරේදී උදා ගම්මාන 2,500 ක්, දෙවන අදියරේදී උදා ගම්මාන 5,000 ක්, තුන්වන අදියරේදී උදා ගම්මාන 10,000 ක් සහ සිව්වන අදියරේදී නැවත උදා ගම්මාන 2,500 ක් වශයෙන් අප ආරම්භ කිරීමට බලාපොරොත්තු වනවා. ඒ අනුව වසර 2025 වන විට මෙරට උදා ගම්මාන 20,000 ක් ඉදි කර සැමට සෙවණ ලබා දෙන බව බව මා සතුටින් ප්‍රකාශ කරනවා.

අද දින මෙම ගම්මානයේ පවුල් 23 ට නිවාස අයිතිය මෙන්ම රුපියල් ලක්ෂ 69 ක් වටිනා බිම් කොටස් 23 ක අයිතිය හිමි වනවා. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 500 කට රුපියල් ලක්ෂ 500 ක් වටිනා ‘විසිරි නිවාස ණය’ ලබා දෙනවා. පවුල් 50 කට රුපියල් ලක්ෂ 100 ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’ ලබා දෙනවා. ප්‍රදේශයේ සිටින දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 200 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි ලබා දෙනවා. ප්‍රාදේශීය කලාකරුවන් 8 දෙදෙනෙකුට රුපියල් 80,000 ක් වටිනා වෛද්‍ය ආධාර ලබා දෙනවා. “සිරිසරණගම” උදා ගම්මානය ජනතා අයිතියට පත් වීමත් සමඟ මෙම ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිලාභ රැසක් ලබා දීමට අප කටයුතු කරනවා.

යහපාලන රජය බලයට පත්ව වසර හතරක කාලයක් වනවා. ඒ කාල වකවානුවේදී නිවාස, ඉදිකිරීම් හා සංස්කෘති කටයුතු අමාත්‍යාංශය නිවාස ගැටළුවලින් පෙළෙන පවුල් 332,000 කට ආධාර උපකාර කර තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 26,000 ක මුදලක් වැය කර තිබෙනවා.

2015, 2016 සහ 2017 යන වසර තුනෙහිම අමාත්‍යාංශයට ලැබුණ ප්‍රතිපාදන මඟින් සියයට 99 ක්ම නිවාස සංවර්ධනය වෙනුවෙන් වැය කළා. ඒ නමුත් 2018 වසරේදී අමාත්‍යාංශ ප්‍රතිපාදන වලින් වැය කිරීමට හැකි වූයේ සියයට 80 ක ප්‍රතිශතයක් පමණයි. මාස දෙකක අභාග්‍යසම්පන්න කාලයේදී අමාත්‍යාංශයට වෙන්කර තිබූ මුදල් නැවත මහා භාණ්ඩාගාරයට යවා තිබුණා. ඒ කාලයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස ගැටළු වෙනුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලයට ලබා දී ඇත්තේ රුපියල් 77,000 ක මුදලක් පමණයි.

ජනතා කතිරයෙන් පත්වන දේශපාලඥයින් වන අපට විශාල වගකීමක් ඉටු කරන්නට තිබෙනවා. ඔබ ලබා දෙන කතිරයට වටිනාකමක් අප ලබා දිය යුතුයි. රණසිංහ ප්‍රේමදාස යුගයේ වැඩසටහන් අප අද නව මුහුණුවරකින් ක්‍රියාත්මක කරන්නේද ඔබ වෙනුවෙනුයි. ජංගම සේවා වැඩසටහන තුළින් අස්සක් මුල්ලක් නෑර සිටින මෙරට ජනතාව ළඟට ගොස් ඔවුන්ගේ දුක සැප සොයා බලනවා. නිවාස ගැටළු, ආර්ථික ගැටළු, සමාජීය ගැටළු, තරුණ තරුණියන්ගේ රැකියා ගැටළු එහිදි විමසා බලා එක් පවුලකට අවම වශයෙන් එක උපකාරයක් බැගින් සිදු කරන වැඩසටහන අප ආරම්භ කර තිබෙනවා. “ජනතාව කතිරය ගසනවා, දේශපාලකයින්ට තනතුරු ලැබෙනවා, පෙරළා තනතුරු ලැබුණ අය කතිර ගැසූ අය වෙත ගොස් ජනතා ගැටළු වලට විසඳුම් ලබා දෙනවා” නිවැරැදි සංවර්ධන ක්‍රමවේදය හා නිවැරැදි දේශපාලනය මෙයයි. මේ චක්‍රය නිවැරැදිව සිදු කළ විට ජනප්‍රිය වනවා. තවත් ජනප්‍රිය වන ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ජනප්‍රිය වන ක්‍රමවේදයට සංවර්ධනය, ජනතා සේවාව අවශ්‍ය වන්නේ නැහැ. නව ගෝනිබිල්ලන් නිර්මාණය කර ජනතාවගේ මනස විකෘති කරමින් රට තුළ බේදභින්න ඇති කරවීම තුළින්ද ජනප්‍රිය වන්නට පුළුවන්. ඔක්තෝම්බර් 26 වැනිදා සිදු වූයේද එයයි. රට, ජාතිය, ආගම, රණවිරුවන් උදෙසා වෙනුවෙන් යැයි ඔවුන් පවසනවා. නමුත් එය තේරුම් ගැනීමට ජනතාව බුද්ධිමත් විය යුතුයි.

මෙරට බුද්ධ සාසන අමාත්‍යාංශය ස්ථාපිත කළේ කවුරුන්ද? නොමිලේ ඉඩම් ලබා දී මෙරට රණවිරුවන්ට නිවාස ඉදිකරන වැඩසටහන පළමුවෙන් ආරම්භ කළේ කවුරුන්ද? වෙන කිසිවකු නොව එක්සත් ජාතික පක්ෂයෙන් බිහි වූ දිංවගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් විසිනුයි. අද කෑ ගසන පිරිස ඔවුන්ගේ පාලන කාලයේදී ජනතාවට නොමිලේ ඉඩම් ලබා දුන්නාද කියා සොයා බැලිය යුතුයි. ඒ ගැන විමසන විට ඔවුන්ට පිළිතුරු නැතිව ගොළු වනවා. මෙරට ජනතාව අටමස්ථානය වන්දනාවේ යනවා නම් ඉපලෝගම රණවිරු ගම්මානයද බලන්න යන්න යැයි මා කියනවා. රණවිරුවන් වෙනුවෙන් ඉදිකළ ඒ ගම්මානයෙන් එක රණවිරු පවුලකින් රුපියල් ලක්ෂ 08 ක මුදලක් පසුගිය පාලකයින් ලබා ගෙන තිබෙනවා.

අප සතුව රාජ්‍ය බලය ඇති විට බෞද්ධ ආගම පිරිහෙනවා යැයි විරුද්ධවාදින් අද පවසනවා. මගේ පියාණන් දළදා මාළිගාවේ රන්වියන ඉදිකළා. එය ඉදිකරන විටද එහි ඉපැරැණි සංස්කෘතික අගය නැති වන බව පවසමින් විරුද්ධවාදීන් එයටද විරුද්ධ වුණා. රන්වියන ඉදිකළ පසු මෑත කාලයේ සිදු වූයේ කුමක්ද? දහවල් කාලයේ දළදා මාළිගාව ඉදිරිපිට රේස් කාර් පැද රාත්‍රී කාලයේ සංගීත සංදර්ශන පැවැත්වුවා. රණවිරුවන් ලවා රේස් කාර් පදින්නට වැලි කොට්ට ගැස්සුවා. දළදා මාළිගාව ඉදිරිපිට රේස් කාර් පැද සංගීත ප්‍රසංග පවත්වන විට බෞද්ධ ආගම ආරක්ෂා වනවාද කියා මා අසනවා.

2015 ජනවාරී 08 වනදා අප බලයට පැමිණි පසු ඉඩම් නොමැති නිවෙස් නොමැති රණවිරුවන්ට ලබා දෙන ඉඩමට කිසිදු මුදල් අය කර ගත්තේ නැහැ. ඒ ඉඩමේ නිවස ඉදිකර ගැනීමට ඔවුන්ට ආධාර ලබා දීමේ ක්‍රමයක්ද ආරම්භ කළ බව මා සතුටින් ප්‍රකාශ කරනවා.

විරුද්ධවාදීන් අද ව්‍යවස්ථා ගෝනී බිල්ලෙක් නිර්මාණය කර තිබෙනවා. බෞද්ධ ආගමට හිමි මුල්තැනත්, රටේ ඒකීය භාවයත් නැතිවෙනවා යැයි පවසනවා. එය මුසාවක් යැයි මා කියනවා.

ද්‍රවිඩ ජාතික සන්ධානය සමඟ ගිවිසුම් ගතව ආණ්ඩුව පවත්වාගෙන යන්නේ රට ද්‍රවිඩ ජාතික සන්ධානයට බාර දෙන්න යැයි අද විරුද්ධවාදීන් නොයෙක් දේ පවසනවා. රට පවා දෙන්නට කිසිවිටක අප ගිවිසුම් ගතව නැහැ. ද්‍රවිඩ ජාතික සන්ධානය අපගෙන් එක ඉල්ලීමක් කළා. ඔවුන්ගේ ඉල්ලීමට අනුව තිබෙන එකම ගිවිසුම උතුර නැගෙනහිර ජනතාවට ඉඩම් ලබා දී නිවාස ඉදිකරන්නට, සෞඛ්‍ය, වාරී, කෘෂි, අධ්‍යාපන ඇතුළු සියළුම ක්ෂේත්‍රයන්ගේ සංවර්ධනයක් සිදු කරන්නටයි. අපේම මාතෘ භුමියේ උතුරු නැගෙනහිර කොටසේ සියලුම ක්ෂේත්‍රයන්ගේ සංවර්ධනය සිදු කිරීම වැරැදිදැයි මා විරුද්ධවාදීන්ගෙන් අසනවා. එය සිදු කිරීම අපගේ වගකීමයි. විරුද්ධවාදීන්ගේ මේ බොරුවට ජනතාව රැවටෙන්නට එපා.

ඔක්තෝම්බර් 26 වැනිදා විරුද්ධවාදීන් බලය ලබා ගත්තේ රට සුරකින්නද, එසේත් නැතිනම් තමන් සුරකින්නද කියා මා අසනවා. මේ අය හැසිරුණ ආකාරය මේ රටේ ජනතාව දුටුවා. නිල ඇඳුම ඇඳන් සිටින රණවිරුවන්ට පහර දෙන්න යැයි පාර්ලිමේන්තුවේදී තාත්තා පුතාට පවසනවා. පුතා ගොස් කිසිදු දැනුමක් නොමැති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කියනවා. ඒ උපදෙස අසා ඔහු පොලිස් නිලධාරියකුගේ කම්මුලට පහර දෙනවා. ඒ දර්ශන මෙරට රණවිරුවන් දුටුවාද කියා මා අසනවා. ඔවුන් බලයට පැමිණියා නම් සියළුම දෙනා අධිවේගී මාර්ගයෙන් කනත්තට යවනවා. රටේ නායකත්වය දැරූ කණ්ඩායම එකතු වී පොලිසියට පහර දෙනවා ඔබ දැක තිබෙනවාද? ඒවා පෙනී පෙනී ඔවුන්ට ගැතිකම් කරන පිරිස් තාමත් මේ ජන සමාජයේ සිටිනවාද කියා මා අසනවා.



167 COMMENTS

  1. You have made some decent points there. I checked on the internet for more information about the issue and found most individuals will go along with your views on this website.

  2. Wow! This could be one particular of the most useful blogs We ave ever arrive across on this subject. Basically Great. I am also an expert in this topic so I can understand your effort.

  3. This blog is without a doubt awesome and informative. I have picked up helluva handy advices out of this amazing blog. I ad love to come back over and over again. Thanks!

  4. Thanks a lot for sharing this with all of us you actually know what you are talking about! Bookmarked. Please also visit my site =). We could have a link exchange agreement between us!

  5. This is very interesting, You’re a very skilled blogger. I’ve joined your rss feed and look forward to seeking more of your great post. Also, I’ve shared your web site in my social networks!

  6. This particular blog is no doubt cool additionally factual. I have picked up a bunch of helpful advices out of this amazing blog. I ad love to come back again and again. Thanks a lot!

  7. I was recommended this web position by my cousin. I am not sure whether this post is written by him as rejection one to boot get such detailed concerning my problem. You are amazing! Thanks!

  8. It is really a nice and useful piece of info. I am glad that you shared this helpful information with us. Please keep us informed like this. Thanks for sharing.

  9. it is a really nice point of view. I usually meet people who rather say what they suppose others want to hear. Good and well written! I will come back to your site for sure!

  10. My brother recommended I might like this blog. He was totally right. This post truly made my day. You can not imagine simply how much time I had spent for this information! Thanks!

  11. Usually I do not read article on blogs, but I wish to say that this write-up very forced me to check out and do it! Your writing taste has been amazed me. Thanks, quite great article.

  12. This particular blog is obviously awesome and also factual. I have picked a bunch of helpful tips out of it. I ad love to go back again and again. Thanks a lot!

  13. Wow, wonderful weblog format! How long have you been running a blog for? you made blogging glance easy. The whole look of your web site is great, let alone the content!

  14. Your style is really unique in comparison to other people I ave read stuff from. Thanks for posting when you ave got the opportunity, Guess I will just bookmark this page.

  15. Thanks for another great article. Where else could anyone get that type of info in such a perfect way of writing? I ave a presentation next week, and I am on the look for such information.

  16. Very nice info and straight to the point. I don at know if this is actually the best place to ask but do you folks have any thoughts on where to hire some professional writers? Thank you

  17. I simply want to say I’m all new to weblog and honestly liked your web page. Most likely I’m likely to bookmark your blog . You surely come with terrific articles. Thanks for sharing with us your blog site.

Comments are closed.