‘වට්සැප් හා වයිබර් අවුල් කරන ජෑමර් එයි’ පුවත අමු බොරුවක්……..

26

එක්තරා සති අන්ත පුවත්පතක් විසින් ‘වට්සැප් හා වයිබර් අවුල් කරන ජෑමර් එයි’ යන මැයෙන් පළ කළ පුවතක් හරහා පළ කළ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව  ශ්‍රී ලංකා පරිවර්තන සමුහය පවසනවා.

එම පුවත මගින් එම පුවත් පත ඉඟි කොට තිබුණේ වට්සැප් හා වයිබර් හා අනෙකුත් සමාජ ජාල යෙදුම් හරහා යවන පණිවිඩ වලට සවන්දිය හැකිය හා එම යෙදවුම් වල පණිවිඩ යැවීමේ සේවාව අඩපණ කිරීමේ හැකියාවක් ඇති උපකරණ වත්මන් රජය විසින් නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය හරහා මිලදී ගැනීමට සැරසෙන බවයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්  ශ්‍රී ලංකා පරිවර්තන සමුහය පවසා සිටින්නේ මෙම සමාජ ජාලා හරහා හුවමාරු වන පණිවිඩ හා ඇමතුම් සවන් දීමට නොහැකි බවයි.

එම නිවේදනය පහතින්,

වට්සැප් හා වයිබර් අවුල් කරන ජෑමර් ලංකාවට පුවත සත්‍යක්ද ? ඒ පිලිබදව ඇත්ත නැත්ත මෙන්න

එක්තරා සති අන්ත පුවත් පතක මුල් පිටුවේ “ වට්සැප් හා වයිබර් අවුල් කරන ජෑමර් එයි” නමින් පලවූ පුවතක් පලවී තිබූ අතර එම පුවතෙන් සදහන් වී තිබුනේ වට්සැප් හා වයිබර් හා අනෙකුත් සමාජ ජාල යෙදුම් හරහා යවන පණිවිඩ වලට සවන්දිය හැකි හා එම යෙදවුම් වල පණිවිඩ යැවීමේ සේවාව අඩපණ කිරීමේ හැකියාවක් ඇති උපකරණ වත්මන් රජය විසින් නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය හරහා මිලදී ගැනීමට සැරසෙන බවයි.

මෙම පුවත සදහා ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස පැවසීමට ඇත්තේ මෙලෙස වට්සැප් වයිබර් ඇතුළු අනෙකුත් සමාජ මාධ්‍ය යෙදවුම් හරහා යවන පණිවිඩ වලට සවන්දිය හැකි උපකරණ ලෝකයේ කොහෙවත් නොමැති බවත් එම පණිවිඩ වලට සවන්දිය හැක්කේ පණිවිඩය ලබන්නාත් සහ එම පණිවිඩ යවන යෙදුම අයත් සමාගමට පමණක් බවය.තවද මෙවැනි පුවත් ඉදිරිපත් කිරීමේදී ඒ පිලිබදව සොයාබලා ඉදිරිපත් කරන ලෙසත් සාවද්‍ය පුවත් ඉදිරිපත් කර සාමාන්‍ය ජනයා අනිසි ලෙස බියගැන්වීමට ලක් නොකරණ ලෙසද සියලුම මාධ්‍යවේදීන්ගෙන් අප පරිවර්තන සමුහයෙන් ඉල්ලා සිටිමු.

යම්හෙයකින් රජය විසින් යම් යම් දුර සිමා පරාසයන්හි දුරකථන තරංග,රේඩියෝ තරංග අවහිර කිරීමට ජෑමර් මිලදී ගැනීමකට සැරසෙන්නේ නම් එය මාධ්‍ය නිදහසට එල්ල කරනා තදබල ප්‍රහාරයක් ලෙසත් මිනිස් මූලික අයිතිවාසිකම් උල්ලංගණය කිරීමක් ලෙසද අප සමුහය දකිමු.මෙම ජෑමර් මගින් සිදුකල හැක්කේ ඒ අවට අවකාශය හරහා ගමන් කරන ඉලෙක්ට්‍රොනික තරංග වලට බාදා පැමනවීම පමණක් බවත් එය වැරදි ලෙස අර්ථකථනය නොකරණ ලෙසත් අප සමූහයක් වශයෙන් ඉල්ලා සිටිමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

SRI LANKAN TRANSLATION COMMUNITY

26 COMMENTS

  1. Thanks for your marvelous posting! I actually enjoyed reading it,
    you may be a great author.I will make certain to bookmark
    your blog and will eventually come back down the road.
    I want to encourage you to ultimately continue your great posts, have
    a nice weekend!

  2. I simply couldn’t go away your site prior to suggesting that I really
    enjoyed the usual info a person supply for your guests? Is gonna be again continuously to check out new posts

  3. I just want to tell you that I am just all new to weblog and certainly savored your web page. More than likely I’m want to bookmark your blog post . You really come with perfect article content. Thanks for revealing your website page.

  4. I want to blog about issues I don’t want associating with my ‘work’ self. How do I choose a blog host that has a good anonymity record, in other words, I don’t want it to be easy for people to match up my IP address or access my personal details.. Also, having set the blog up, how do you encourage high volume visitors?. I’ve only used LJ before and I want to try something a bit different, but anonymity is the biggest issue for me. Would welcome suggestions of good free blog hosts..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here