අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අභිමතයෙන් හැටන් හයිලන්ඩ්ස් විදුහලට අද නිවාඩු……!

5

ආයතන රෙගුලාසිවලට පටහැනිව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අභිමතය පරිදි හැටන් හයිලන්ඩ්ස් විද්‍යාලයට අද (28) දින නිවාඩු ලබා දි ඇති බව ලංකා ගුරු සේවා සම්මේලනයේ ලේකම් ජොශප් ස්ටාලින් චෝදනා කරනවා.

හැටන් කලාප අධ්‍යපාන කාර්යයාලය යටතේ පාලනය වන හැටන් හයිලන්ඩ්ස් විද්‍යාලයට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ අභිමතය පරිදි අද (28) දින නිවාඩු ලබා දිම සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස මධ්‍යම පලාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් ඉල්ලිමක් කල බවයි ඔහු සඳහන් කරන්නේ.

ජොශප් ස්ටාලින් මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එම විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රිඩා උත්සවය ඉකුත් 26 වෙනිදා හැටන් ඩන්බාර් ක්‍රිඩාංගනයේ පැවති බවත් ඒ වෙනුවෙන් මධ්‍යම පලාත් අධ්‍යාපන අධක්ෂකවරයාගෙන් හෝ මධ්‍යම පලාත් අධ්‍යාපන ලේකම්වරයාගේ අනුමැතියකින් තොරව  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයගේ අභිමතය පරිදි අද (28) දින පාසලට නිවාඩු ලබා දි ඇති බවයි.

නිවාසාන්තර ක්‍රිඩා උත්සවයක් පැවැත්විමෙන් පසු පාසල් ළමුන්ට හා ගුරුවරුන්ට නිවාඩු ලබා දිම හොද දෙයක් වුවත් එය සිදු කල යුතු ක්‍රමවේද වලට හා ආයතන රෙගුලාසි වලට පටහැනිව කලාප අධයාපන අධ්‍යක්ෂකවරයා ඔහුගේ දේශාපලන රැකවරණය උපයෝගි කරගනිමින් මෙම නිවාඩුව ලබා දි ඇති බවත්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා මෙවැනි ක්‍රියා ගණනාවක් කලාපය තුල සිදු කර ඇති බවයි ඔහු කියා සිටින්නේ.

ජොශප් ස්ටාලින්ගේ චෝදනාව සම්බන්ධයෙන් අප හැටන් කලාප අධ්‍යක්ෂක පි.ශ්‍රිදරන් මහතාගෙන් කරුණු විමසිමට අප ඔහුගේ ජංගම දුරකථනයට අවස්තා කිහිපයකදි ඇමතුම් ලබා ගත්තද එය ව්‍යර්ථ විය.

හැටන් රංජිත් රාජපක්ෂ 

5 COMMENTS

  1. I just want to say I am beginner to weblog and certainly enjoyed your blog. Likely I’m planning to bookmark your blog post . You really come with incredible posts. Thanks a bunch for sharing your webpage.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here