විපක්ෂය සිංහල ජනතාව කුපිත කරනවා…….අපි රට බෙදන්නේ නෑ…..

30

බහුතරයක් සිංහල මන්ත්‍රිවරුන් ඉන්න පාර්ලිමේන්තුවක රට බෙදන ව්‍යස්ථාවක් 2/3 සම්මත වීමට කිසිසේත්ම ඉඩක් නොමැති බව අමාත්‍ය රාවුෆ් හකීම් පවසනවා.

දිගන ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“අපේ ආණ්ඩුව මේ රටේ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා කටයුතු කරගෙන යන අතරතුර නොයෙක් සිදුවීම් තැනින් තැන සිදුවෙන ආකාරය අපිට දකින්න පුළුවන්. ඇතැම් අවස්ථාවල අප අතර ඇති වන යම් යම් අනවබෝධයන් නිසා නොයෙක් සිදුවීම් ඇති වන්නට පුළුවන්. නමුත් මේ සිදුවුණු සිද්ධිය පිටුපස යම් අදෘශ්‍යමාන බලවේගයක් සැලසුම් සහගතව ක්‍රියාත්මක වන බව සිද්ධියට පසුව සිදුවුණු විමර්ශනයේදී පැහැදිලි වුණා. මෙවැනි දේ සිදු නොවන්නට නම් අපි අතර අනේ‍යාන්‍ය අවබෝධය වර්ධනය කර ගත යුතුයි. ඒ විතරක් නොවෙයි. හිංසනය නැත්නම් තවත් කෙනකුට කරදයක් වුවමනාවෙන් සිදු කිරීම අනුමත කරන්නේ නැහැ. නමුත් දේශපානලඥයන්ගේ වුවමනාවන්ට අනුව යම් යම් බලවේග ජනතාව මේ සඳහා පොලොඹවා ගන්නට කටයුතු කරනවා.”

“මේ රටේ ඒකීයභාවයට කිසිදු හානියක් සිදු නොවිය යුතුයි කියන තැන හිඳිමින් යම් යම් වාක්‍යයන්හි වැරැදි තැන් නිවැරැදි කරන්නට යෝජනා කළේ. දමිළ භාෂාවේ තිබෙන “ඒකීය” කියන වචනයට සමාන අරුත් දෙන වචනයක් භාවිත කිරීමට විරුද්ධව එය වැරැදි ලෙස අර්ථකථනය කරමින් සිංහල ජනතාව කුපිත කිරීමට සමහරු උත්සාහ ගන්නවා. මේ විපක්ෂයේ වුවමනාවට අපි කනගාටු වෙනවා.”

“කවරාකාරව සංශෝධනයක් ගෙනාවත් එය පාර්ලිමේන්තුවට අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතු වෙනවා. එහි බහුතරය ලබාගත යුතු වෙනවා. එවැනි දෙයක් පාර්ලිමේන්තුව දක්වා ආවත් එය සම්මත කරගන්න කවදාවත් බැරි වෙනවා. පාර්ලිමේන්තුවේ අති බහුතරයක් සිංහල මන්ත්‍රිවරුන් සිටිද්දී එවැන්නක් කිසිසේත් සම්මත කරගන්නට බැරි වෙනවා. ඒ නිසා මේ අනිසි බිය ඇති කරන්නේ තමන්ගේ දේශපාලන වුවමනාවන් සම්පූර්ණ කර ගන්නයි.”

“රාජ්‍ය බලය ලබා ගන්නට විවිධ බොරු ඒ අය කියනවා. අපි විදෙස් මුදල් අරගෙන ජනතාව මුළා කරනවා කියනවා. මේවා අමූලික බොරු. අපි සුළු ජාතිකයන් වහල්ලු හැටියට තියා ගනිමින් කටයුතු කරනවා කියන අදහස ජාත්‍යන්තරයට පෙන්නලා අපිව හුදෙකලා කරලා මේ රටට සම්බාධක පැනවීම තමයි ඒ අයගේ අරමුණ. නමුත් සිහිපත් කළ යුතුයි, පසුගිය කාලය තෙක් තිබුණු ආර්ථික තහංචි අගමැතිතුමා ජාත්‍යන්තරය සමඟ බුද්ධිමත්ව ගනුදෙනු කරලා ඉවත් කර ගත්තා. එහෙම වුණේ මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ විදේශීය රටවල් පිළිගත්තා පොරොන්දු වූ පරිදි බොහෝ දේවල් වෙනස් වුණා කියලා. ඒවගේම අපේ අගමැතිතුමා සූක්ෂ්මව ඒ රටවල් සමඟ ගනුදෙනු කරලා ඒ තැන රටට ලබා දුන්නා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලා තිබෙන විට නැවත වතාවක් රටේ එවැනි අවසනාවන්ත සිදුවීම් ඇතිවීමට ඉඩ නොදිය යුතුයි. මේ ඇති වී තිබෙන සංහිඳියාව ඉදිරියටත් පවත්වාගෙන යෑම රටේ අනාගතයට යහපත්. ඒ නිසා මේ බොරු කටකතාවලින් ප්‍රවේශම් වන ලෙස මා ඉල්ලා සිටිනවා.” අමාත්‍යවරයා පවසා සිටියා.

30 COMMENTS

  1. My spouse and I stumbled over here from a different website
    and thought I should check things out. I like what I see so i am just following you.
    Look forward to exploring your web page for a second time.

  2. I’m amazed, I have to admit. Seldom do I come across a
    blog that’s both equally educative and engaging, and without a doubt,
    you have hit the nail on the head. The problem is
    an issue that not enough folks are speaking intelligently about.
    Now i’m very happy that I found this in my hunt for something concerning this.

  3. I simply want to tell you that I am new to blogging and seriously loved your web blog. Most likely I’m going to bookmark your website . You certainly have incredible article content. Thanks for sharing with us your blog site.

  4. There are extremely a great deal of details this way to think about. Which is a excellent denote raise up. I supply the thoughts above as general inspiration but clearly you will discover questions including the one you raise up the spot that the most significant thing might be in honest very good faith. I don?t know if best practices have emerged about things like that, but Almost certainly that your particular job is clearly recognized as a reasonable game. Both little ones notice the impact of a moment’s pleasure, through out their lives.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here