2019 අලූත් ආණ්ඩුවක් හදන වසරක්!

9

රටට ද්‍රෝහි සියලූ බලවේග පරාජය කිරීම වෙනුවෙන් ඉදිරි මාස 03 තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් ජනතා බලවේගයක් බවට පත්කිරීමට රටට ආදරය කරන සියලූදෙනා එක්විය යුතු බව ජනාධිපති පවසයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මේ බව ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ති‍්‍රක් නව දිසා කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (31) පස්වරුවේ එක්වෙමිනි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙල යටතේ රට පුරා නව දිස්ති‍්‍රක් කාර්යාල ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙන අතර ඒ අනුව කොළඹ දිස්ති‍්‍රක්කයේ ස්ථාපිත කෙරුණු මෙම නව කාර්යාලය නො 65, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10 ස්ථානයේ පිහිටුවා තිබේ.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ අද අප කතා කළයුත්තේ දේශපාලන පක්ෂ හෝ නායකයන් පරාජය කිරිම පිළිබ`දව නොව රටට සහ ජනතාවට ද්‍රෝහි බලවේග නිවරැදිව හ`දුනාගෙන ඒවා පරාජය කිරීම පිළිබ`දව බවයි.

සෑම දේශපාලන පක්ෂයකම රටට ආදරය කරන අවංක පිරිසක් සේම තමන් ගැන පමණක් සිතන රටට ද්‍රෝහි පිරිසක් ද සිටින බව පැවසූ ජනාධිපතිවරයා පිරිසිදු ශක්තිමත් ජනතාවාදී දේශපාලන ගමන්මගක් කරා යන ගමනේ දී ඊට සුදුසු නායකයන් සහ ක්‍රියකාරින් හ`දුනාගත යුතු බව ද කියා සිටියේය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම 2019 වසර මැතිවරණ වසරක් මෙන්ම රටට අලූත් ආණ්ඩුවක් හදන වසරක් බවයි. එම ගමන වෙනුවෙන් ජනතාවාදී දේශමාමක සහ දේශහිතෛෂි දේශපාලන පක්ෂයක් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් කිරීමේ වගකීම අවධාරණය කළ ජනාධිපතිතුමා එම වගකීම ඉටුකිරීමට කැපවන ලෙස ද සමස්ත පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ ය.

9 COMMENTS

  1. In cases like this, you will need to go for a straight-forward picture frames.
    Leonardo Da Vinci was given birth to within the Florentine Republic
    on April 15th, 1452. As modern humanity exposes their tanned skin during
    vacations they like to show off their pictures in social
    networking websites.

  2. I just want to say I’m new to blogging and seriously liked you’re web page. Almost certainly I’m going to bookmark your site . You really have great writings. Bless you for sharing your blog site.

  3. Excellent post. I was checking constantly this blog and I am impressed! Very helpful information specifically the last part I care for such information much. I was looking for this particular information for a very long time. Thank you and best of luck.

  4. How long does a copyright last on newspaper articles?. . If a service copies newspapers articles and then posts it in a database on the Internet, is there also a copyright on the Internet content?.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here