ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්ක ආයෙමත් ජාතික ආණ්ඩු පිහිටුවන්නේ නෑ…..

7

එක්සත් ජාතික පක්ෂ යලිත් කිසිවිටක ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ ජාතික ආණ්ඩු පිහිටුවීමට ක්‍රියා නොකරන බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

ඊයේ (31) මාධ්‍යවේදීන් විසින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදි අමාත්‍යවරයා සඳහන් කළේ අලියා ලකුණින් තරග නොවැදුනු ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන පිරිස හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අත හැර පැමිණි පිරිස සමඟ මෙලෙස ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ව්‍යවස්ථාව අනුකූලව ක්‍රියා කරන බවයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අනිවාර්යයෙන් එක්සත් ජාතික පක්ෂ නායකයා ඉදිරිපත් විය යුතු බවට පක්ෂයේ සියළු දෙනාගේ මතය වී ඇති බවත් ජනාධිපති අපේක්ෂයා ලෙස වෙනත් අය ඉදිරිපත් නොවිය යුතු බවත් ඔහු මෙහිදි සඳහන් කළා.

 

7 COMMENTS

  1. I simply want to tell you that I am new to blogs and definitely loved your page. Most likely I’m planning to bookmark your website . You surely have terrific posts. Regards for sharing your blog site.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here