2020 දී මාලිඟා කුමන්ත‍්‍රණ, විදේශ රටවල් එකක්වත් වලංගු නැහැ

86

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ ලෝක තෙත්බිම් දිනය සැමරීමේ උත්සව අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව ඉදිරියට පැවැත්වෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැමිණ සිටි මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මම මේ රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් හීන දකින කෙනෙක්. එකක් කියන්න කැමතියි. සමහරු හිතන් ඉන්නවා කොළඹ 3-7 එහෙම නැත්නම් වෙනත් තැන්වල ඉන්න පරණවලව්වල කට්ටිය, ඒ වගේම කොළඹ ලොකු පාසල්වලට ගිය කට්ටිය තමයි රට පාලනය කළ යුත්තේ කියලා. අපි අධිෂ්ඨාන කරගෙන ඉන්නවා උතුරේ නෙල්අඩි විද්‍යාලයේ සිට දකුණේ දික්වැල්ල විජිත විද්‍යාලය දක්වා අපේ රටේ සාමාන්‍ය ජනතාව තමයි හැම ක්‍ෂෙත‍්‍රයකම මුල්තැනට ඇවිත් ඉන්නේ. ඒ විද්‍යාල ආශ‍්‍රිතව ආපු උගත් කුසලතා පූර්ණ සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව මේ රටේ උතුරේත් – දකුණෙත්, නැගෙනහිරත් – බටහිරත් දක්ෂතාව, නිපුණතාවය තිබෙන අති විශිෂ්ඨ පිරිසක් ඉන්නවා. මේ රටේ කලා ලෝකයේ මේ නිපුණතාවය තිබෙනවා. ක‍්‍රීඩා ලෝකයේ ඒ නිපුණතාවය තිබෙනවා. ව්‍යාපාරික ලෝකයෙත් ඒ නිපුණතාවය තිබෙනවා. හැබැයි ඒ නිපුණතාවය දක්ෂතාවය නැති එකම තැන දේශපාලනය. ඒ නිසා තමයි ජවිපෙට, ඒ වගේම එක් පැත්තකින් බැලූවහම එල්.ටී.ටී.ඊ පිරිස්වලට වගේම ඩග්ලස් දේවානන්ද ඇතුළු කණ්ඩායම්වලට මේ රට විටින් විට මහා කැරලිවලට තල්ලූ කරන්න සිදු වුණේ. අපිට තව දුරටත් සත්‍යපාල වන්නිගමලා ටයර් සෑයේ යන්නවත් රාජිනි තිරණාගමලාට වෙඩි කන්නවත් අවශ්‍ය නැහැ. ඔවුනටත් මේ රට උරුමයි. මේ රට එක කල්ලියක, එක පවුලක පිරිසකට නෙමෙයි. මේ රටේ උරුමය රටේ සෑම ජන කණ්ඩායමකටම අරන් දීමේ අරගලය අපි දියත් කරනවා. දේශපාලනය තුළත් දක්ෂතාවය, කුසලතාවයට මුල්තැන දෙන රටක් හැදීමට බලවත් අධිෂ්ඨානයෙන් 2019 ත් 2020 දීත් ක‍්‍රියා කරනවා.

මම මුලින් කිව්වා වගේ එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ ළමයින්ටත් ආයිත් මැරෙන්න බැහැ. ජවිපෙ සාමාජිකයන්ගේ දරුවනුත් ආයෙත් මැරෙන්න බැහැ. නෙල්අඩි මධ්‍ය මහා විද්‍යාලයේ සිට දික්වැල්ල මධ්‍ය මහා විද්‍යාලය දක්වා මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය සිදු විය යුතුයි. පාසල් දෙක තුනක නෙමෙයි මේ රටේ පාලන බලය තිබෙන්නේ සියලූ දෙනාගේ ශක්තියෙන් ජවයෙන් පාලනය ඉදිරියට යා යුතුයි. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය කරන්න අපි ලැහැස්තියි. ඒ බලය අපි මෙවර ගෙන එනවා. 2019 දී හෝ 2020 දී එන ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රාහකයා තීරණය කරන්නේ ඒ අය. එහෙම නැතිව මාලිඟා කුමන්ත‍්‍රණ, විදේශ රටවල් ඔය එකක්වත් වලංගු නැහැ යැයි පැවසීය.

86 COMMENTS

  1. I simply want to tell you that I am just beginner to blogging and site-building and certainly liked you’re blog site. Most likely I’m planning to bookmark your blog . You really have beneficial articles and reviews. Thanks a bunch for revealing your webpage.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here