හැමදේකටම යර්ස් සර්, නෝ සර් කියන පිරිසක් නෙමෙයි මට අවශ්‍ය වන්නේ…

3

“අපේ සමාජයේ යම් යම් පිරිස් සිටිනවා වංචාවට, දූෂණයට එරෙහිව කටයුතු කරන. ඒ පිරිසගේ දක්ෂතාව පාවිච්චි කරලා, මේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ තඹ සතේකවත් දූෂණයක් වංචාවක් තියෙනවාද, වෙනවද කියලා බලන්න මම හිතුවා. ඒ වෙනුවෙන් ගරුතර උලපනේ ස්වාමීන් වහන්සේ, රංජිත් විතානගේ, නිහාල් කිරිඇල්ල, නීතීඥ ප්‍රදීප් පෙරේරා, විමුක්ති දුෂාන්ත වගේ පිරිස් සහභාගි කරගන්න මට ඕන වුණා. ඒ අයට අඩුගානේ මාසයකට සැරයක් මේ අමාත්‍යාංශයේ කටයුතු සොයා බලලා, ප්‍රශ්න කරලා වංචා දූෂණ ඇත්නම් ඒ ගැන කතා කරන්න අවස්ථාවක් ලබාදෙන්න මට ඕනවුණා. මා විශ්වාස කරනවා මීට පෙර කිසිදු අමාත්‍යාංශයක මෙවන් තීරණයක් ගෙන නැහැ. අමාත්‍යාංශයේ මූල්‍යමය කටයුතු විනිවිදභාවයට පත්වනවාසේම, බොරු, අසත්‍ය අවලාද චෝදනා වළක්වා ගන්නත් මේ ක්‍රමය ඉතා සාර්ථක ක්‍රමයක් වේවි. ඒ වගේම මෙම ආරම්භක ව්‍යායාමය අනෙකුත් අමාත්‍යාංශ මගින්ද අනුගමනය කරනු ඇතැයිද ඒ තුළින් වංචා දූෂණ තුරන් කරල රටට ඵලදායි සේවාවක් ඉටුකිරීමටද හැකිවනු ඇතැයිද මාගේ විශ්වාසයයි. හැමදේකටම යර්ස් සර්, නෝ සර් කියන පිරිසක් නෙමෙයි මට අවශ්‍ය වන්නේ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ හෝ ඊට අයත් ආයතනයන්හි සිදුවී ඇතැයි පවසන හෝ සැක කෙරෙන වංචා, දූෂණ හෝ අක්‍රමිකතා ඇත්නම්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමග ඒ පිළිබදව සාකච්ඡාකර එම අක්‍රමිකතා අවම කරගනිමින්, ක්‍රමිකව, ඉතා කාර්යක්ෂම අමාත්‍යාංශයක් බවට පත්කර, එමගින් රටට ජනතාවට ඵලදායි ලෙස කටයුතු කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් අද (05) පස්වරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක….

“අපි නිදහස ලබාගෙන වසර 71. නමුත් අපිට සැබෑ ආර්ථික නිදහසක් ලැබිල තියෙනවාද කියන එක ප්‍රශ්නයක්. අපි සුද්දන්ගේ යටතේම හිටියනම් හොදයි කියන කට්ටියකුත් සිටිනවා. අපි දන්නවා වැඩ කරන කෙනාට තමයි මඩ ගහන්නේ. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය උපයෝගී කරගෙන වැඩකරන කෙනාට බාධාවක් නොවන ආකාරයේ කටයුත්තකට මුල පුරන්න තමයි මේ හදන්නේ. විදුලිය දුන්නත් වැරදියි. නොදුන්නත් වැරදියි. ලංකා විදුලිබල මණ්ඩලයේ දක්ෂ ඉංජිනේරු කන්ඩායමක් සිටිනවා. ඒ අයගෙන් තොරතුරු අරගෙන තමයි අපි කටයුතු කරන්නේ. බල්ලෝ බිරුවට කදු පෙරලෙන්නේ නැහැ. අපේ ජනාධිපතිතුමත්, අගමැතිතුමත්, මමත් ආණ්ඩුවක් වශයෙන් පොරොන්දු වෙලා තිබෙනවා කිසිම ආකාරයකින් විදුලි බිල වැඩි කරන්නේ නැහැ කියලා. ඒ වගේම අපි අනවශ්‍ය ලෙස බයක් ඇති කරන්නෙත් නැහැ. ඉතාම අපහසු තත්ත්වයකට පැමිණියොත් පමණක් හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදුකරන්න වෙනවා. ඒකත් අපි කරන්නේ නැහැ. විදුලිබල මණ්ඩලයටම ඒ දේවල් කරන්න බාර දෙනවා. අපට අවශ්‍ය වන්නේ මේ රටේ විදුලි ජනනය 100‍% කින් පමණ වැඩි කරන්නයි. ඒ සදහා ලංවිම ඉංජිනේරුවරුන් ඉදිරිපත් කරලා තිබෙන සැලැස්ම 99‍% ක්ම සාර්ථකයි. ඉදිරි දැක්මක් සහිතව, රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් හිතලා කටයුතු කරලා තිබෙනවා. මහජන උපයෝගීතා කොමිසම මගිනුත් මෙය අනුමත වෙලා තිබෙනවා. රටක් හදන්න යනකොට බාධා ඇතිවීම විශේෂයි. ප්‍රශ්න තිබෙනවා. ඒ ප්‍රශ්න වලට මුහුණදීලා කටයුතු කළේ නැත්නම් කවදාවත් අපිට රටක් හදන්න බැහැ” යැයි පැවසීය.

3 COMMENTS

  1. I simply want to mention I am all new to blogging and truly loved your website. Most likely I’m likely to bookmark your blog post . You really have incredible stories. With thanks for sharing your website page.

  2. How do I restore my computer to an earlier time when the “Restore” feature on my computer is not working. I have tried over a dozen times to restore my computer and I keep getting the error message “computer could not be restored to this date. No changes have been made. Try another date.” Try another date the same thing happens.. . All of my personal files were deleted from my computer and I want to get them back. Have no clue how this happened. Checked the recycle bin and none of them were there. It is as if they simply disappeared off my computer. Please help. Thank you!.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here