ජීවත් වීමට මගක් ඉල්ලා ආපනශාලා හිමියන්ගේ සභාපති මහ මගට

21

තමන්ට බිරීදට සහ දැරුවන් හතර දෙනාට ජීවත් වීමට මගක් සලසා දෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ හිටපු සභාපති අසේල සම්පත් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවස ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර ඇත.

තමන් ආපනශාලා පිළිගත් වෘත්තීමය තත්ත්වයකට ගෙන ඒමට වෙහෙසුණු බවත් පාසල් ආපනශාලා තුළින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමටත් එම ආපනශාලා හොඳ තත්ත්වයකට ගෙන ඒමට වෙහෙසුණු බවත් පවසන ඒ මහතා තමන් වෙනුවෙන් පෙනී සිටි ආපනශාලා හිමිකරුවන්ට පමණක් දඩ ගසමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කිරීම හේතුවෙන් තමා පෙරේදා තමන් දැරූ ආපනශාලා හිමියන්ගේ සංගම් තනතුරින් ඉල්ලා අස් වූ බවත් කියා සිටියේය.

තමා සිටින්නේ කුලී නිවසක බවත්,තමන්ට ජීවත් වීමට මුදලක් ලැබුවේ එම සංගමයෙන් බවත් දැනට තමාගේ පවුලට ජීවත් වීමට මුදලක් නැති බවත් පවසන අසේල සම්පත් මහතා ජනාධිපති වරයා හමුවන තුරු අඛණ්ඩ උපවාසයක නිරත වන බවත් කියා සිටියේය.

තමන්ට වටිනා ඉඩමක් ඇති බවත් එය ඇපයට තබා වස විසෙන් තොර බේකරි නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීමට රජයේ බැංකුවකින් ණය මුදලක් ඉල්ලා සිටි බවත් පවසන ඒ මහතා තමන් ජීවත් වීමට නිවසක් තනා ගැනීමට වත් ණය මූදලක් ලබා නොදුන් බවත් කියා සිටියේය.

සිංහල පුද්ගලයන් ට අයත් ආපනශාලා වලට මසකට දඩ දෙකක් පමණ පනවන බවත් මුස්ලිම් ජාතිකයන්ට අයත් ආපනශාලා හිමියන්ට මේ රටේ වෙනත් නිතියක් ක්‍රියාත්මක වන බවත් පෙන්වා දෙන අසේල සම්පත් මහතා මේ සම්බන්ධයෙන් විටින් විට ජනාධිපතිවරයා දැනුවත් කළ බවත් ලිපි යොමු කළ බවත් කියා සිටි අතර මෙරට ආපනශාලා සම්බන්ධයෙන් ජනාධිපති වරයාගේ මැදිහත් වීම අවශ්‍ය අවස්ථාවකදී එතුමා හමුවන තුරු අඛණ්ඩ උපවාසයක් සිදු කරන බවත් කියා සිටියේය.



21 COMMENTS

  1. Excellent post. I used to be checking constantly this weblog and I
    am impressed! Extremely helpful information specially the last part 🙂 I care for such information a lot.
    I used to be seeking this particular info for a long time.
    Thank you and good luck.

  2. Fantastic beat ! I wish to apprentice while you amend your site, how can i subscribe for a blog website?
    The account aided me a acceptable deal. I had been tiny bit acquainted of this your
    broadcast offered bright clear concept

Comments are closed.