මධ්‍යම අධිවේගී මාර්ගය ත්‍රෙනිකායික මහාසංඝරත්නයේ නිරික්ෂණයට

4

ශ‍්‍රී ලංකාවේ අධිවේගී මාර්ග නිර්මාණය කිරීමේදී මුලින්ම අධිවේගී මාර්ගයක් නිර්මාණය කළ යුත්තේ අගනුවර සිට දෙවෙනි අගනුවරට බව රාජ්‍ය ව්‍යවසාය ලකන්ද උඩරට උරුමයහා මහනුවර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ගරු ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ (11)ත්‍රෛනිකායික ගරුතර මහාසංඝරත්නයේ ප‍්‍රධානත්වයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසෙහි ඉදිකිරීම් කටයුතු වල නිරීක්ෂණ චාරිකාවකටස`දහා සහභාගි වෙමිනි.

එහදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

මහනුවර ලංකාවේ දෙවෙනි නගරයලංකාවේ අධිවේගී මාර්ගයක් හැදුවනම් හදන්න තිබ්බේ අගනුවර ඉදලා දෙවෙනි අගනුවරට නමුත් පසුගිය කාලයේ මහනුවර ප‍්‍රධානකොටගෙන කන්ද උඩරට පළාත් සම්පූර්ණයෙන් අමතක කරලා තිබ්බා. යහපාලන රජය බිහි වුණායෙන් පස්සෙ ගරු ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගෙත් ආශිර්වාදය ඇතිව අපිට පුළුවන් වුණා මේ අධිවේගී මාර්ගය ආරම්භ කරන්න . මේ අවස්ථාස්ථාවේදි මම මතක් කරන්න කැමතියි දකුණු අධිවේගී මාර්ගය ඉදි කරන්න අවුරුදු 10 ක් ගියා. නමුත් අපිට පුළුවන් වෙනවා මේකිලෝ මීටර් හතලිහක ප‍්‍රමාණය ඇතුළත් මීරිගම සිට කුරුණෑගල කොටස මේ අවුරුද්දෙ අන්තිමට අවසන් කරන්න. මේ අධිවේගී මාර්ගයේ ඉතිරි කොටසේ ඉදිකිරීම් කටයුතු සිදු කරන තුරු මහනුවරට යන්න අළුත් පාරක් නිර්මාණය වෙනවා.ඒ පස්යාල මීරිගම කුරුණෑගල හරහා මහනුවරට.මේ හරහා කන්ද උඩරට පළාත් වල විශාල දියුණුවක් ඇතිවෙනවා ඒක ඒකාන්තයි . ඒ වගේම මේ ප‍්‍රදේශයේ ඉඩම් වල වටිනාකම සියයට පන්සීයයකින් වැඩිවෙනවා. මහානායක ස්වාමීන් වහන්සේලා නිතරම විමසන කාරණයක් තමයි මේ මාර්ගයේ ඉදිකිරීම් සිදුවීම කොහොමද කියන එක. ඉතින් මම තීරණය කළා මහා නායක අනුනායක හිමිවරුන්ට මේ ව්‍යාපෘතිය පෙන්නමු කියලා.මම හිතනවා මේකෙන් විශාල අවබෝධයක් ලබා ගැනීමට හැකි වුණා කියලා.ඒ වගේම අපගේ ආරාධනාව පිළිගෙන මෙහි වැඩම කළ මහා නායක අනුනායක ස්වාමීන් වහන්සේලාට මම මේ අවස්ථාවේදී ස්තූතිවන්ත වෙනවා .

මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සිහිමිල අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් හා මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිලපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමියන් ප‍්‍රධාන ගරුතර මහා සංඝරත්නය හා මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකලරාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල හා අශෝක් අබේසිංහ යන අමාත්‍යවරුන්ද පා.ම.වේලූකුමාර්ල මයන්ත දිසානායකයන මන්ති‍්‍රවරුන්ද මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සුරියආරච්චි මහතා ඇතු`එ අධිවේගි මාර්ග ව්‍යාපෘතියේ නිලධාරින් ද සහභාගි වී සිටියේය.

එහිදී මේ සම්බන්ධයෙන් මල්වතු හා අස්ගිරි අනුනායක හිමිවරු දක්වා සිටියේ මෙවන් අදහසක්

අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමි

අපේ රටේ ශිල්පීන් විසින් තාක්ෂණය උපයෝගී කරගනිමින් මීරිගම සිට කුරුණෑගල දක්වා දිවෙන මේ ප‍්‍රතාපවත් මාර්ගය ගොඩනගන්නට අපේ රටේම පිරිසක් ඉදිරිපත්වෙලා රජයෙනුත් එයට සහයෝගය ලබා දීලා කටයුතු සම්පාදනය කර ගැනීම පිළිබඳව විශේෂයෙන් අපි සතුටට පත්වෙනවා.බොහෝ දෙනා දන්නේ මාර්ගයක් ඉදිකරපුවාම ඒ මාර්ගයේ ගමන් කරන්නට පමණයි . ඒ මාර්ගයේ පහසුකම් ඇති කරන්න කොපමණ වෙහෙසක් දරනවාද යන කාරණය මෙහිදී විශෙෂයෙන් සිහිපත් කරන්නට ඕනෑ.පාරක් හඳනවා කියලා ඉස්සර අපි අහලා තියෙන්නේ පස් උඩින් ගමක් මැද්දෙන් නගරයක් මැද්දෙන් සාමාන්‍යයෙන් පොළොව උඩින් පාරවල් හඳන ක‍්‍රමයක් නමුත් ලෝකය දියුණු වනවාත් සම`ගම අපට ඕන වෙනවා නියමිත මාර්ග පද්ධතියක. ලෝකය ඉදිරියට යනවාත් එක්කම අපේ රටවලූත් මේ ක‍්‍රමයන් එක්ක ඉදිරියට ගමන් කරන්නට නම් මාර්ග පද්ධතිය වඩාත් ගුණාත්මකවත් ප‍්‍රමාණාත්මකවත් වර්ධනය වෙන්ට ඕනෑ කරනවා ඒ සඳහා තමයි පසුගිය කාලයේ දකුණු අධිවේගි මාර්ගය සකස් කළේ .දැන් කොළඹ සිට උතුර දක්වා යන ගමන් මාර්ගයේ එක්තරා කොටසක් තමයි මීරිගම සිට කුරුණෑගල දක්වා ගොඩ නගමින් පවතින්නේ . මාර්ගයේ ගොඩ නැගීම් පිළිබඳව අපි ඉතාම සතුටට පත්වෙනවා.ඒ වගේම අපි විශේෂයෙන් දැකගත් දෙයක් තමයි පාලම් ආදිය ම`ගින් ජනතාවට මාර්ගයේ එහා මෙහා යා හැකි පරිදි මහජනතාවට සිය සම්බන්ධතා ගොඩ නගා ගැනීමට හැකි අයුරින් ගොඩ නැගීම.ඒ වගේම ගංවතුර ආදී ගැටළු වලට විසදුම් ලැබෙන පරිදි ඉදි කිරීම් කටයුතු සිදු කරන බැවින් දකුණු අධිවේගී මාර්ගයේ පැනනැගුණු ගැටළු මෙම ව්‍යාපෘතියේදී මගහරවා ගනිමින් ඒවට විසඳුම් ලබා දෙමින් ඉදි කිරීම සම්බන්ධයෙන් අපේ මහා සංඝරත්නය ප‍්‍රසාදය පළ කරනවා.එමෙන්ම අස්ගිරි මල්වතු මහා විහාරයන්හි මහා නායක ස්වාමීන් වහන්සේලා අනුනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ ප‍්‍රසාදය වර්තමාන රජයටත් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යතුමන් ආරම්භ කළමේ කාර්යය ඉදිරියට ගෙන යනු ලබන වර්තමාන අමාත්‍ය මණ්ඩලයටත් ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සුභාශිංසන එක් කරනු ලබනවා.

default

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි

ප‍්‍රථමයෙන් මේ අවස්ථාව උදාකර දීම සම්බන්ධයෙන් අමාත්‍ය ලක්ෂ්මන් කිරි ඇල්ල මැතිතුමන්ට අපි ස්තූතිවන්ත වෙනවා.අපේ රටේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම සෑම රජයක් විසින්ම සිදු කළා. ඉන් දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීම මාර්ග සංවර්ධන ඉතිහාසයේ නව පිම්මක් ඇති වුණා.ඒ සම`ගම ගරු ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යතුමන් කන්ද උඩරට ජනයාගේ මූලික ඉල්ලීමත් අවශ්‍යතාවයත් අනුව ඉදිකිරීම මෙම මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීම ආරම්භ කළා.අදියර තුනක් යටතේ ඉදිවන මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කෙටි කාලයක් තුළදී නිමාවට පත් වී මහනුවර ප‍්‍රදේශයේ ඊට අනුගත අධ්‍යාපනික,වාණිජමය කටයුතු සංවර්ධනය වේවි යැයි මේ අවස්ථාවේදී අපට සිතා ගැනීමට හැකි වුණා. මේ ව්‍යාපෘතියේ කටයුතු ආරම්භක අවධියේ විවිධ පුද්ගලයන් විවිධ අදහස් ඉදිරිපත් කර තිබුණා. නමුත් මේ වන විට ජනතාව ඇතුළු සියළුමදෙනා තේරුම් අරන් තිබෙනවා මෙම ව්‍යාපෘතියේ අර්ථාන්විතභාවය හා ඒ තුළින් සංවර්ධන ව්‍යාපාරයට ලැබෙන වාසිදායක තත්ත්වය සම්බන්ධයෙන්.ඒ වගේම අපේ රටේම සමාගම් විසින් මෙම ව්‍යාපෘතියේ ඉදි කිරීම කටයුතු සිදු කිරීම විශාල වශයෙන් සතුටුදායක කාරණාවක්. මෙම ව්‍යාපෘතියේ වටිනාම කාරණය වන්නේ ඉතා කාර්යක්ෂමව මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කිරීමයි.මේ සම්බන්ධයෙන් කැපවන ගරු අමාත්‍යතුමන් ඇතුළු නිලධාරීන් මණ්ඩලය හා මේ ව්‍යාපෘතිය සඳහා සහය දක්වන සියලූම දෙනාට අපගේ ආශිර්වදය ප‍්‍රාර්ථනා කර සිටිනවා. අපේ රට සංවර්ධනය කිරීමට ගරු කිරිඇල්ල අමාත්‍යතුමන් අපිත් සම`ග සාකච්ඡුා කළේ අද ඊයෙක නෙමෙයි. එතුමාගේ දේශපාලන ගමන් මගෙහි අතීතයේ සිටම කන්ද උඩරට ඇතුළත්ව සමස්ත සංවර්ධන කාර්යයන් පිළිබඳව සාකච්ඡුා කළා.අද එතුමන්ට සුවිශේෂ වූ සෙංකඩගල පුරවරය කේන්ද්‍රෙකාටගෙන විශාල සංවර්ධන කාර්යයක් සිදු කිරීමට පැවරී තිබෙනවා.උඩරට නගර සංවර්ධන අධිකාරිය අක‍්‍රීය වුණායින් පසුව එතුමා මැදිහත් වී කරන කාර්යයන් අපිට හොදින් තේරුම් ගන්නට පුළුවන්.ගරු අමාත්‍යතුමනි කුරණෑගලින් මෙම මාර්ගයන්හි කටයුතු අවසන් වුවත් එතැන් සිට මහනුවර දක්වා මෙම මාර්ගයේ කටයුතු සිදු කිරීමට කටයුතු කර දෙන මෙන් අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.එමෙන්ම ඔබතුමාගේ මූලිකත්වයෙන් ඉදිවන මහනුවර අතුරු මාර්ගයන්ද අති විශාල වශයෙන් සංවර්ධනය වෙමින් පවතිනවා ඉන් මහනුවර මහයියාව මාර්ගය විශේෂයෙන් කියන්න පුළුවන්.ඒ වගේම සිහිනයක්ව පැවති දොඩම්වල පාලම අද විශාල ප‍්‍රයෝජනයක් ජනතාව වෙත ලැබෙනවා.

ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය ලකන්ද උඩරට උරුමයහා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ ආරාධනාවකට අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටසේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණ චාරිකාවක යෙදීම ත්‍රෙනිකායික ගරුතර මහාසංඝරත්නයේ ප‍්‍රධානත්වයෙන් 11 දින සිදුවිය. කුරුණෑගල ගැට්ටුවාන මංසන්ධියෙන් ආරම්භවූ මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ගරු අමාත්‍යතුමන්ද සහභාගිවිය.

අධිනීතිඥ ලක්ෂ්මන්කිරිඇල්ල මැතිතුමා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස 2016 වසරේ මෙරට දැවැන්ත සංවර්ධන ව්‍යපෘතියක් වන මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ අතර අදියර 04ක් යටතේ මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවේ. එහි දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 39.29ක් වන මාර්ග කොටසෙහි ඉදිකිරිම්කටයුතු මෙම වසර අවසානයේදි නිමවීමට නියමිත අතර මේ වනවිට මෙම කොටසේ ඉදිකිරීම් කටයුතු සියයට හැටක භෞතික ප‍්‍රගතියක් අත්කරගෙන සිටි. මෙම දෙවන අදියරෙහි විශේෂත්වය වන්නේ ඉතිහාසයේ ප‍්‍රථම වතාවට දේශීය ඉදිකිරීම් සමාගම් විසින් සෘජුවම සම්බන්ධ වී මෙහි ඉදිකිරීම්කටයුතු සිදුකිරීමයි. මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ගරු ලක්ෂ්මන්කිරිඇල්ල මැතිතුමාගේ මැදිහත්වීමෙන් මධ්‍යමඅධිවේගි මාර්ගයේ ඉදිකිරීම්කටයුතු සඳහා දේශීය ඉදිකිරීම් සමාගම් දායකකර ගැනීමට හැකිවිය.

මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සිහිමිල අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් හා මල්වතු පාර්ශ්වයේඅනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිලපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමියන් ප‍්‍රධාන ගරුතර මහා සංඝරත්නය හා මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකලරාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල හා අශෝක් අබේසිංහ යන අමාත්‍යවරුන්ද පා.ම.වේලූකුමාර්ල මයන්ත දිසානායකයන මන්ති‍්‍රවරුන්ද මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සුරියආරච්චි මහතා ඇතු`එ අධිවේගි මාර්ග ව්‍යාපෘතියේ නිලධාරින් ද සහභාගි වී සිටියහ.



4 COMMENTS

  1. Wow! This could be one of the most beneficial blogs we have ever come across on thesubject. Basically magnificent info! I am also a specialist in this topic so I can understand your effort.

Comments are closed.