මැතිවරණ ජයග්‍රහණය කර රටේ විශාල පරිවර්තනයක් ඇති කරනවා…

3

“එක්සත් ජාතික පක්ෂය හැමදාමත් සේවය කලේ රට සහ ජනතාව ගැන හිතලායි. මේ රටට වැඩිම සේවයක් කළ පක්ෂය විදියට එක්සත් ජාතික පක්ෂය ජනතාව විශ්වාස කරන මතවාදය අනුව කටයුතු කරනවා. පසුගිය කාලයේ ඇති කල වෙනසටත් නායකත්වය දුන්නේ එක්සත් ජාතික පක්ෂයයි.”

2015 වනතුරු මේ රටේ තිබුණේ තට්ටු මාරු පාලන ක්‍රමයක්. පක්ෂ දේශපාලනය කරමින් අවුරුදු 5න් පහට ආණ්ඩු මාරු වුණා. නායකයින් මාරු වුණා. නමුත් රට වෙනස් වුණේ නැහැ. මේ රට හැමදාමත් දියුණුවෙමින් පවතින රටක් විදියටයි තිඛෙන්නේ. දුප්පත් ජනතාව හැමදාමත් දුප්පත්. එක කල්ලියක් විතරයි පෝෂණය වුණේ. සහන ගත්තේ, ප්‍රතිලාභ ගත්තේ පවුලේ අයයි ගජමිතුරු කණ්ඩායමයි විතරයි. අපි රටට වෙනසක් ඇති කළේ එක පන්තියක් විතරක් ගොඩනඟන්න නොවේ. එක්සත් ජාතික පක්ෂය මුල් වෙලා අවශ්‍ය මොහොතේ වෙනසක් ඇති කළේ ජනතාව වෙනුවෙන්. කොට්ටය විතරක් මාරු නොකර කොට්ටෙයි මෙට්ටයයි දෙකම මාරු කළා. ජනතාවගේ ලේ උරා බොන මකුණෝ ටික නැති කරන්න මෙට්ටය මාරු කළා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව මැතිවරණ කොට්ඨාශයේ ග්‍රාමීය මාර්ග කිහිපයක ඉදිකිරීම් ආරම්භ කරමින් පැවති ජනහමුවකට එක් වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ප්‍රජාතන්ත්‍රවාදීව බලය ලබාගන්න බැරි විපක්ෂයේ අය පස්ස දොරෙන් හරි බලය ලබාගන්න උත්සාහ කලා. නමුත් රටේ ජනතාව බලය ලබාගන්න ඉඩ දුන්නේ නැහැ. අපි ජනතාව සමඟ එක්ව නීත්‍යනුකූලව කටයුතු කර මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගත්තා. රට වෙනුවෙන්, ප්‍රතිපත්තියක් වෙනුවෙන් සියළු දෙනා එක පෙළට හිටගත්තා. ප්‍රතිවාදීන් මේ රජයට චෝදනා කරන විදිය ගැන ඇති වෙන්නේ ලැජ්ජාවක් සහ පිළිකුලක්. මොකද විපක්ෂයේ අය ආණ්ඩු බලය තියෙනකොට හැසිරුණු විදිය මුලූ රටම දැක්කා. එකාධිපති යකඩ සපත්තුවට ජනතාව පාගලා දැම්මා. දැන් කතා කරන්නේ හරියට හතර පෝයට සිල් ගන්නවා වගේ. අද ශද්ධවන්තයෝ වගේ කතා කරලා ආපහු බලය ඉල්ලනවා. බලය තියෙනකොට ජනතා ප්‍රශ්ණ විසඳුවේ නැහැ. ජනතාවට ඇහුම්කන් දුන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ වසර 10ක් රට පාලනය කළත් ජනතාවගේ දැවෙන ප්‍රශ්ණ වලට විසඳුම් ලබාදුන්නේ නැහැ. ආපහු පස්ස දොරෙන් ආවා කියලා ප්‍රශ්ණ විසඳන්න බැහැ.

එක්සත් ජාතික පක්ෂය රටේ යහපාලනය ඇති කරන්න නායකත්වය දීලා මේ රටේ සියළු දෙනාට සමානාත්මතාවයෙන් ජීවත්වීමට අවස්ථාව ලබාදුන්නා. නමුත් විපක්ෂයේ අය පළාත් පාලන බලය තියාගෙන පළාත් සභාවේ සම්පත් ටික ප්‍රධාන රජය සමඟ එක්ව ජනතාවට ලබා දෙන්නට සූදානම් නැහැ. යහපාලනය ආණ්ඩුවට විතරක් නොවේ. පළාත් සභාව, ප්‍රාදේශිය සභාවට ගමන් කර භේදයක් නැති සේවයක් සියළු ජනතාවට ලබාදීමට කැප විය යුතුයි.”

2019 මැතිවරණ වර්ෂයක්. ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරමින් රටේ දියුණුව වෙනුවෙන් පූර්ණ කාලීනව සේවය කිරීමට ඇප කැප වෙනවා.

 



3 COMMENTS

  1. Should your motive here is to learn paintings available Melbourne or paintings available Brisbane, unfortunately however, you can’t see it here.
    A vector path, whatever the twists and turns are, is often more elastic and scalable.
    The beginning of Leonardo’s life was committed to art and painting in particular.

  2. Should your motive this is to find out paintings available Melbourne or paintings available Brisbane, unfortunately nevertheless, you can’t view it here.

    A vector path, whatever the twists and turns are, could be more elastic and scalable.
    Then it matters not when it is heads or tail, one can predict the final results.

Comments are closed.