අතීතය නමැති තුවාලය පාරමින් වෛරය පතුරුවන්න එපා

2

අතීතය නමැති තුවාලය පාරමින් එකිනෙකා කෙරෙහි වෛරයෙන් කටයුතු කිරීමෙන් කිසිදු පලක් නොවන බව අවධාරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතීතය පිළිබඳ සත්‍ය ප්‍රකාශ කොට එකිනෙකාට කණගාටුව පළ කොට සමාව ලබාදී ශ්‍රී ලාංකිකයන් ලෙස එකමුතුව ඉදිරියට යාමේ අවකාශය උදාකර ගත යුතු බව පෙන්වා දුන්නේය.

අද (15) කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන සමාලෝචන රැස්වීම අමතමින් වික්‍රමසිංහ මහතා තව දුරටත් ප්‍රකාශ කළේ සත්‍ය හා සංහිදියා කොමිසම ස්ථාපිත කරලීම මගින් මේ අභිලාෂයන් මුදුන්පත් කරගත හැකි බවය.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර ගණනාවක සංවර්ධන කාර්යයන් කඩිනම් හා විධිමත් කරලීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. පසුගිය ගංවතුරින් විපතට පත් පවුල් වෙත වන්දි ලබාදීම ද මෙහිදී සිදු කෙරිණි.

අග්‍රාමාත්‍යතුමා විසින් යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකය සහ හදිසි ප්‍රතිකාර අංශය විවෘත කිරීම.

අග්‍රාමාත්‍යතුමා විසින් මයිලඩි ගම්මානයේ නැවත පදිංචි කිරීමේ නිවාස ව්‍යාපෘතියක් සදහා මුල්ගල් තැබීම

අග්‍රාමාත්‍යතුමන් විසින් කන්කසන්තුරේ වරාය නිරීක්ෂණය කිරීම

 



2 COMMENTS

Comments are closed.