උතුර …දකුණේ පිලිකන්නක් නොවිය යුතුයි..

2

උතුරු පළාත, දකුණු පළාතේ පිලිකන්නක් නොවිය යුතු බව අවධාරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තම අභිප්‍රාය දකුණ, නැගෙනහිර, බටහිර සහ උතුර ද එකවිට සංවර්ධනය කිරීම බවද පෙන්වා දුන්නේය.

අද (16) පෙරවරුවේ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන සමාලෝචන රැස්වීම අමතමින් වික්‍රමසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ කළේ මුලතිව් ප්‍රදේශයට යුද්ධයෙන් සිදුවූ හානිය තවමත් යතා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකි වී ඇති බවයි.

යුද්ධයෙන් පීඩාවට පත් භෞතික සම්පත් මෙන්ම ජනතා සිත්සතන් ද යලි යතා තත්ත්වයට පත් කරලීම සඳහා සියලූ රාජ්‍ය නිලධාරීන් එකසිතින් වැඩකටයුතු කළ යුතු බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.



2 COMMENTS

Comments are closed.