මැතිවරණය ගැන තීරණය ලබන සතියේ!

9

පළාත් සභා මැතිවරණය පිළිබඳ තීරණය ලබන සතියේ බව රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවරසංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ගරු ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ යටිනුවර මැතිවරණ කොට්ඨාසයේ කාපට් අතුරා සංවර්ධනය කරන ලද මාර්ග 07 අතරින් කොටලිගොඩ ,තිස්මඩ හරහා මැණික්දිවෙල මාර්ගය සහ රත්තේපිටිය දෙල්දෙණිය හරහා උඩ රත්මීවල කාපට් මාර්ග ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගීවෙමිනි.

එහිදී වැඩිදුරටත්අදහස්දැක්වූඅමාත්‍යවරයා ,

අද අපි මහනුවර දිස්ත‍්‍රික්කයටත්, රටටත් බලපාන සියලූ සංවර්ධන කටයුතු ක‍්‍රියාත්මක කිරීමට හැකිවී තිබෙන්නේ ඔබතුමන්ලා පසුගිය ජනාධිපති වරණයේදී හා පාර්ලිමේන්තු මැතිවරණයේදී අපට ලබාදුන් දැවැන්ත ශක්තිය නිසා.

අපිට ඒ ලබාදුන් ශක්තියට බුදුන් දේශනා කළ පරිදිම කෘතගුණ සැලකිය යුතුයි. ඔබතුමන්ලාට මම මතක් කරන්න කැමතියි අද අවසන් වෙමින් පවතින මහනුවර කොළඹ අධිවේගී මාර්ග ව්‍යාපෘතියට පසුගිය රජය කාලයේ දී වගේම අපේ ආණ්ඩුවේ අපේ කැබිනෙට්ටුවේදී කකුල් මාට්ටු වැටුනා. ඒ හැම විටම අපේ අගමැතිතුමාත් මාත් සටන් පිට සටන් කරලා තමයි මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න කැපවුණේ. අගමැති තුමා ඒ සැමවිටම කියාසිටියේ මහනුවර ජනතාව අපට දුන් ශක්තියට කෘතගුණ සැලකීමට මේම ව්‍යාපෘතිය කළ යුතු බවයි.

දැන් සියලූ දෙනාම කියනවා පළාත් සභා මැතිවරණය කල්දාන්න එජාපෙ අපි කියලා. අපි හැමදාම කියව්වේ පරණ විදිහට මේක තියමු කියලා. නමුත් නිදහස් පක්ෂයත් සන්ධානයත් සෑම විටම කියව්වේ අලූත් ක‍්‍රමයට තියමු කියලා.

ඒක ක‍්‍රියාත්මක කරන්න පනත ගෙන දුන්නෙත් නිදහස් පක්ෂයේ එයාලගෙම ඇමතිවරයෙක්ට, අන්තිමේදී ඒක අනාගෙන සම්මත කරගන්න බැරුව එයා එයාම ගෙනාපු පනතට විරුද්ධව ඡුන්දය දුන්නා. දැන් සම්මත වෙලා තියෙන පනත සම්මත වෙලා තියෙන්නේ බාගෙට ඒකට ඕන සීමා නිර්ණය සම්මත වෙලා නෑ දැන් අලූත් ක‍්‍රමයට තියන්නත් පරණ ක‍්‍රමයට තියන්නත් නව පනතක් ගේන්න ඕනි ඒ තීරණය ගන්න පුළුවන් පාර්ලිමේන්තුවේ අපට විතරමයි. මේ මැද හිර වෙලා තියෙන ගැටලූව විසඳගන්න එන සතියේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලූ පක්ෂ රැුස්වෙලා තීරණයක් ගන්න කටයුතු කරන බව අද උදෙත් අගමැතිවරයා මට කියව්වා.

ව්‍යවස්ථා සභාව ගැන කතා කළොත් මට ඔබතුමන්ලාට කියන්න ඕන, දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මේක ගේන කොට සියලූ දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුවේදී මේකට සහය දුන්නා. එහෙම තමයි අපි තුනෙන් දෙක හදා ගත්තේ. එහෙම සහයෝගය දුන්න අය අද කොහොමද ඒ ක‍්‍රමයට විරුද්ධ වන්නේ. මහින්ද මහත්තයාගේ අයියා චමල් මහත්තයත් ඉන්නවා ඒ ව්‍යවස්ථා සභාවේ එතකොට කොහොමද මහින්ද මහත්තයා ඒකට විරුද්ධ වෙන්නේ. මේකේ රහස තමා ඉස්සර වගේ ජනාධිපතිතුමාට ඕන ඕන විදිහට රටේ වැදගත් තනතුරු වලට තමාගේ හිතුමතේට පුද්ගලයෝ නම් කිරීමට නොහැකි වීමයි.



9 COMMENTS

  1. Of course, all is dependent on the occasion and also the budget.
    See, this will help you taking into consideration to approaching women too.
    Can perform ask people you recognize for references to the best attorney.

  2. There some personalised gift guidelines to choose from.
    These important points can be referred to very easily and the crowd also typically mind.

    Good knowledge can prevent you making a big big mistake.

  3. Involved with regarded as being Aryan Nation and Neo-Nazi organization’s secret headquarters.

    By way of the sheer size of Alaska, extremely spot can be in many places at just after.

  4. There is only 2 miles of designated trail but some abandoned logging roads
    from years past. What would happen if for example the few belonging to
    the criminals commit crimes in your cleaner sorts?

Comments are closed.