කුඩු කුඩුකාරයන්ට අපි ගාව ඉඩක් නෑ

47

ලෝකයේ ප්‍රධානම කුඩු මධ්‍යස්ථානය බවට අද ලංකාව පත් වෙලා ඉවරයි.අපි ලැජ්ජා වෙන්න ඔන.මේ කුඩු මධ්‍යස්ථාන ය බවට පත් කෙරුවේ කවුද?මේ ඹධ්‍යස්ථානය පස්සේ ඉන්න කවුද? කියලා අපිට හිතන්න වෙලා තියෙනවා.යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ ගල්නෑව ප්‍රදේශයේ පැවති රැස්වීමක දී ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ,

“අද රට විනාශ වෙලා තියෙනවා.අද විනාශ වෙච්ච දෙයක් තමයි ලෝකයේ ප්‍රධානම කුඩු මධ්‍යස්ථානය බවට අද ලංකාව පත් වෙලා ඉවරයි.අපි ලැජ්ජා වෙන්න ඔන.මේ කුඩු මධ්‍යස්ථාන ය බවට පත් කෙරුවේ කවුද?මේ ඹධ්‍යස්ථානය පස්සේ ඉන්න කවුද? කියලා අපිට හිතන්න වෙලා තියෙනවා.සමහර අය කියනවා ආණ්ඩු පක්ෂයෙත් ඉන්නවලූ මේ කුඩු කාරයොත් එක්ක ඇමතිවරු ඉන්නවා කියනවා.කුඩු පාවිච්චි කරන ඇමතිවරු ඉන්නවා කියලා සමහරඅය චෝදනා කරනවා.”

“මම කියනවා කරුණා කරලා ඒ වාගේම කුඩු පාවිච්චි කරන ඇමතිවරු කවුරුහරි හිටියානම් ඒක ආවාට ගියාට කියන්න එපා බොහෝම වගකීමෙන් ඒ නම් එළියට දාන්න.අපේ පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් මහත්මයා ප්‍රකාශ කෙරුවා ඒ වාගේ අය හිටියා නම් අනිවාර්යෙන්ම ඒ අයට පක්ෂයෙන් තහනමක් කරලා ඇමතිධූර විතරක් නෙවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙනුත් අයින් කරනවා කියලා එතුමා ප්‍රකාශ කරලා තියෙනවා.ඒ නිසා මම ඉල්ලීමක් කරනවා වහාම නීතිය ඉස්සරහට අරගෙන ගිහිල්ලා ඒ වාගේ වැරදි කරන කවුරු හරි හිටියානම් අනිවාර්යයෙන්ම කුඩු කාරයොත් එක්ක පාතාලයොත් එක්ක ඒ වාගේම මිනීමරුවොත් එක්ක සම්බන්ධතා පවත් වන අය ඉන්නවා නම් ඒ අය සුද්ධ කරන්න ඕන.ඒ සුද්ධ කරන වැඩපිළිවෙළ අපි මෙතනින් පටන් ගන්න ඕන.”

“එහෙම නැත්තන් අම්මේ තාත්තේ හැමදාම මොනා හරි වරදක් වෙනකොට ඉස්සරහට එනනේ පර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුගේ නම තමයි.ඒ නිසා මේ නම් අපි එළියට දාලා ඒ අයට දඬුවම දීලා උත්තරීතර විදිහට ලංකාවට පාර්ලිමේන්තුවක් පත් කර ගන්න ඕනෑ”



47 COMMENTS

  1. Nice blog right here! Also your site lots up very fast! What host are you the usage of? Can I am getting your affiliate hyperlink for your host? I want my web site loaded up as quickly as yours lol

  2. With a great eye and taste for delineation, you can create an atmosphere impeccable for almost
    any exercises linked to feasting room. A vector path, whatever the twists and turns
    are, may well be more elastic and scalable.
    The gallery also serves enormous events from all parts of the globe.

Comments are closed.