මේ ආරම්භ කරන්නේ අධ්‍යාපනයේ පෙරළියයි..

4

ලෝකයේ දියුණු රටවල අධ්‍යාපන ක්‍රමය වත්මන් සමාජයට ගැලපෙන ආකාරයට සකස්කර තිබෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අධ්‍යාපනයේ විප්ලවකාරී පියවරකින් ශ්‍රී ලංකාව නවීකරණය කරන බව අද (21) දින අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයක දී පැවසීය.

ජපානය, කොරියාව, චීනය වැනි රටවල මෙන් ශ්‍රී ලංකාවේ ද වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරමින් නූතන ආර්ථිකයට ගැලපෙන ආකාරයට රැකියා සහ ආදායම් මාර්ග ඇති කරන බව වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (21) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති දහතුන් වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන සිසුගත කිරීමේ ජාතික උත්සවය අමතමිනි.

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කර තිබූ මෙම උත්සවයට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සහ අමාත්‍යාංශ නිලධාරීන් ඇතුලූ විශාල පිරිසක් සභාගිව සිටියහ.

ජාතික උත්සවය අමතා තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

අධ්‍යාපනයේ විප්ලවකාරී පියවරකින් අපි ශ්‍රී ලංකාව නවීකරණය කරනවා. එක් කාලයක රජ දවස අපේ ප්‍රධානතම ආර්ථක සම්පත වූයේ වියළි කලාපයේ වී වගාවයි. අනතුරුව අපේ ආර්ථික සම්පත වූයේ කුරුදු ඇතුලූ කුළුබඩුයි. අද නූතන ලෝකයේ අපේ ප්‍රධානම සම්පත වන්නේ කෘෂි භාණ්ඩ, ඇඟළුම් හෝ ධීවර කර්මාන්තය නොවෙයි. අද අපේ ප්‍රධානතම සම්පත් වන්නේ මිනිස් සම්පත සහ ඉන්දීය සාගර මධ්‍යයේ පිහිටීමයි.

ශ්‍රී ලංකාව පමණක් නොව, ඕනෑම රටක් දියුණු වීමට නම් එරට මිනිස් සම්පත දියුණු විය යුතුයි. ඉහළ අධ්‍යාපනයක් පවතින රටවල් දියුණු වනවා. මධ්‍යම යුරෝපයේ මුහුදු සීමාවල් අසල පිහිටා නොමැති රටවල් වන චෙක් සහ හංගේරියාව වැනි රටවල් චීනයේ පවතින ආකාරයේ දුම්රිය සේවා වැනි පහසුකම් ඇති කර තිබෙනවා. අද ලෝකයේ වැදගත්ම සාධකය වන්නේ දැනුමයි. අමෙරිකාව ලෝකයේ ප්‍රධානතම රට බවට පත්ව තිබෙන්නේ දැනුම නිසයි.

අප නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා. සාමාන්‍ය පෙළ පන්තිය දක්වා නිදහස් අධ්‍යාපනය කෙසේ හෝ රැගෙන යනවා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව උසස් අධ්‍යාපනය සඳහා ඉතිරි වන්නේ එම වයස් සීමාවේ 50-55% ක පමණ කොටසක් පමණයි. ඇතැමුන් 8 ශ්‍රේණිය අසමත් වීම නිසා අධ්‍යාපනයෙන් ඉවත් වන අතර තවත් පිරිසක් සාමාන්‍ය පෙළින් පසු අධ්‍යාපනයෙන් ඉවත් වනවා. එතැන් සිට ඉදිරියට යන 50% න් විශ්ව විද්‍යාල වරම් ලබා ගන්නේ 5% ක කොටසක් පමණ වන අතර තවත් 10-15% ප්‍රමාණයක් වෙනත් උසස් අධ්‍යාපන ආයතන සඳහා ඇතුලූ වනවා.

මෙමගින් සිදුවන්නේ මිනිස් සම්පත අපතේ යාමයි. මෙම අධ්‍යාපන ක්‍රමය ඇති කළේ සුදු ජාතිකයන්ගේ සමයේ විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් කර ගැනීමටයි. නමුත් අද ලෝකයේ දියුණු රටවල අධ්‍යාපන ක්‍රමය සකසා තිබෙන්නේ වත්මන් සමාජයට ගැලපෙන ආකාරයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පුරුදු පුහුණු කිරීමටයි. විශ්ව විද්‍යාල දැනුම පමණක් නොව, සමාජීය දැනුමත් ලබාදිය යුතුයි.

අප අද මේ ආරම්භ කරන්නේ අධ්‍යාපනයේ එම පෙරළියයි. අපේ රටට වසර 13 ක පාසල් අධ්‍යාපනය අත්‍යවශ්‍ය බව පළමු වතාවට දැන් පිළිගෙන තිබෙනවා. අපි සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා ගැන, නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ආරම්භ වූයේ 1940 දශකයේයි. ඒ වන විට අපේ අධ්‍යාපන මට්ටම උසස් තත්ත්වයක තිබුණා.

නමුත් අද වන විට කොරියාව, ජපානය, චීනය, තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව වැනි රටවල්වල වසර 13 ක අනිවාර්ය පාසල් අධ්‍යාපන ක්‍රමය ආරම්භ කර තිබෙනවා.

නිදහස් අධ්‍යාපන ක්‍රමය පළමුවෙන් ආරම්භ වූයේ ශ්‍රී ලංකාවේයි. නමුත් අපේ ක්‍රමය තුළ සිසුන් 50% ක් පමණ පාසල් අධ්‍යාපනය අතරමඟ හැර යනවා. එම නිසා එම තත්ත්වය වෙනස් කිරීම සඳහා අප මෙම විශාල වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ සඳහා පළමුව පාසල් සඳහා අවශ්‍ය ආධාර හා උපකාර ලබා දුන්නා. අකිල විරාජ් කාරියවසම් අමාත්‍යතුමා යටතේ  ර්‍ණළඟම පාසල හොඳම පාසල” වැඩසටහන ආරම්භ කළා. සුරක්‍ෂා සිසු රක්‍ෂණ වැඩසටහන ආරම්භ කළා. මේ සියල්ල වසර 13 අනිවාර්ය අධ්‍යාපන ක්‍රමයේ පසුබිම සකස් කිරීම පමණක් බව කිව යුතුයි. අපේ මූලික පරමාර්ථය වූයේ සෑම දෙනාටම උසස් අධ්‍යාපනයක් ලබාදීමයි.

රටේ සමාජය දියුණු කිරීමට නම් මහාචාර්යවරු මෙන්ම ජයග්‍රහණ ලැබිය හැකි කී්‍රඩකයන් ද අවශ්‍ය වෙනවා. මහාචාර්යවරු සිටීමෙන් හෝ හොඳම විශ්ව විද්‍යාල තිබීමෙන් පමණක් සෑහීමකට පත්විය නොහැකියි. ටෙස්ට්, 20-20 හෝ එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගවල ජයග්‍රහණ පිළිබඳව ද අප බලාපොරොත්තු තබා ගත යුතුයි.

විශ්ව විද්‍යාල පිරිහීම විශාල ප්‍රශ්නයක් වනවා සේම ක්‍රිකට් තරග දිනා ගැනීමට නොහැකි වීමත් රට තුළ ඒ හා සමානව විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා.

අපේ රටට කාර්මික දැනුම සහිත පුද්ගලයන්, උපාධිධාරීන් ලක්‍ෂ 3 ක් පමණ අවශ්‍ය වනවා. නමුත් අද වන විට අපට සිටින්නේ ලක්‍ෂයක පමණ පිරිසකුයි. මේ ලක්‍ෂ 3 ක පිරිසගේ සේවය ලබාගත හැකි නම් රටේ ණය ගෙවීමට පහසු වෙනවා. ඒ හරහා තවත් මිලියන 2000 – 3000 ක් පමණ උපයාගත හැකියි.

කෘෂි අංශයේ දැනුම වැඩි වන විට එම අංශයේ නිෂ්පාදන ඉහළ නැංවෙන අතර එමගින් තරගකාරීත්වය සහ මිල අඩු වීම සිදු වෙනවා. මේ ආකාරයට සෑම අංශයකම දැනුම අත්‍යවශ්‍ය වෙනවා. අලූත් වැඩසටහන අප ඉදිරිපත් කළේ එම නිසයි.

මෙම ස්ථානයේ නර්තනයට දක්‍ෂ පිරිස් සිටිනවා. දක්‍ෂතා ඇති නර්තන ශිල්පීන්ට නර්තන ගුරුවරයෙකු ලබාගන්නවාට වඩා වැඩි වැටුපක් මාසිකව ඉපැයීමේ හැකියාව තිබෙනවා. සංගීත ෙක්‍ෂ්ත්‍රය, විලාසිතා නිර්මාණ වැනි අංශවල තත්ත්වයත් එසේමයි. රූපලාවන්‍යාගාර හරහාත් හො¼දින් ඉපැයීමේ හැකියාව තිබෙනවා.

මේ වන විට රියදුරන් රහිත වාහන වෙළෙඳපොළට පැමිණ තිබෙනවා. ඒවා නිපදවීමටත් කාර්මික ශිල්පීන් අවශ්‍ය වෙනවා. වර්තමානයේ බොහෝ විට නිවසේ සිට ආහාර ගන්නවාට වඩා සුවිශේෂී අවන්හල් වෙත ගොස් ආහාර ගැනීමට පෙළඹි තිබෙනවා. කාලය අනුව ජනතාව වෙනස් වී තිබෙනවා. මේ අනුව ජනතාවට මුදල් ඉපැයීමේ මාර්ග රැසක් විවර වී තිබෙනවා.

වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම හරහා අප ආරම්භ කරන්නේ එම විප්ලවයයි. ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය පවතින්නේ ෆින්ලන්තයේයි. එරට සෑම ශිෂ්‍යයෙක්ම වසර 13 ක අධ්‍යාපනය ලබනවා. සෑම දරුවෙක්ම විශ්ව විද්‍යාලවලට යාමට අවශ්‍ය නොවන බව ඔවුන්ගේ මතය වී තිබෙන අතර එම දරුවන් වෙනත් විවිධ අංශ වෙත යොමු කිරීමට ඔවුන් කටයුතු කරනවා.

අපේ රටේ මෙම වෙනස ඇති කිරීමේ වගකීම අධ්‍යාපන ඇමැතිතුමා බාරගත්තා. ඒ අනුව ෆින්ලන්තය සම්බන්ධ කර ගනිමින් වැඩිකල් නොගොස් එම වැඩසටහන අපි ආරම්භ කළා. ඒ යටතේ පළමු පියවර ලෙස මේ අත්හදා බැලීමට පාසල් 800 ක් තෝරාගනු ලැබුවා.

මේ පාසල් 800 තුළ කාර්මික හා වෘත්තීය අධ්‍යාපන අංශ ඇති කරමින් වඩා හොඳ පාඨමාලා හැâරීමේ අවස්ථාව දරුවන්ට ලබාදිය යුතුයි. එය අපේ යුතුකමක්… මෙම වැඩසටහන සාර්ථක වූ විට පාඨමාලා හදාරන ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාව තවත් වර්ධනය කළ හැකියි. මේ වැඩ කටයුතු සිදු කිරීමට හැකියාව ලැබෙන්නේ රටේ ආර්ථික සංවර්ධනය යහපත් මට්ටමක පවතිනවා නම් පමණයි. වෙළෙඳ කලාප ඇති කරමින් නව සැලසුම් සකස් කරන්නේ ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහායි.

ආර්ථික දියුණුව සමඟ වෘත්තීය කාර්මික දියුණුව ඇති වනවා. වෘත්තීය කාර්මික දියුණුව සමග පාසල් සංවර්ධනය ඇති වෙනවා. අප මේ ආරම්භ කර තිබෙන්නේ එම නව මාර්ගයයි. මෙය ශ්‍රී ලංකාව තුළ සිදුවන විප්ලවයක් ලෙස හැ¼දින්විය හැකියි. වසර 13 ක අනිවාර්ය අධ්‍යාපනය ලබාදෙමින් අද තිබෙන ආර්ථිකයට ගැලපන ආකාරයට රැකියා සහ ආදායම් මාර්ග උදා කර දීමට කටයුතු කරනවා. අප ඒ පිළිබඳව ආඩම්බර වෙනවා.

ඉතිහාසයේ වැඩිම ණය බරක් ගෙවීමට තිබෙන අවස්ථාවකදීත් කෙසේ හෝ මුදල් සොයා ගෙන මේ වැඩකටයුත්ත ආරම්භ කිරීමට අපට හැකි වුණා.

විශ්වෝදය නව ජාතික පාසල ආරම්භ කිරීමට මම පසුගිය සතියේ කුරුණෑගලට ගියා. එය සුහුරු පන්ති කාමර සහිත පාසලක්. එවැනි පාසල් කොළw, ගාල්ල, මහනුවර ආදී ප්‍රදේශවලත් ආරම්භ කරනවා. තවත් වසර 10 – 15 ක් පමණ ගත වන විට මෙම සුහුරු පන්ති කාමර වැඩසටහන තව තවත් දියුණුවට පත් වෙනවා. මම එදා පාසල්වලට රූපවාහිනී සහ පරිගණක ලබා දෙන විට ඒ කුමකට දැයි ඇතැමුන් විමසුවා. නමුත් වර්තමානයේ අධ්‍යාපනය ලැබීමට සියල්ල අවශ්‍ය වෙනවා.

අප දැන් ගමන් කළ යුත්තේ නවීන අධ්‍යාපන ක්‍රමය සමගයි. අපට දැන් විශාල වගකීමක් තිබෙනවා. ඒ, එම පාසැල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. ඒ වගේම හොඳ පුහුණුවක් ලබාදීම මගින් ව්Vශ්‍රී සහ ට්ඛ්ඡ් විභාග හරහා සහතික ලබාගැනීමේ හැකියාව ශිෂ්‍යන්ට ලබාදීම අපේ බලාපොරොත්තුවයි.

මේ නිසා අධ්‍යාපන අමාත්‍යතුමාටත්, හිටපු සහ වත්මන් ලේකම්වරුන්ටත්, අනෙක් නිලධාරීන්ටත් මම ස්තඣතිවන්ත වෙනවා. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් මේ තැබූ පියවර ඉතා වැදගත්. එය රටේ වෙනසක් ඇති කරන පියවරක්. වඩා හොඳ ජීවන ක්‍රමයක් ඇති කරන පියවරක්. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට ස්තඣති කරමින් මේ වැඩසටහන සාර්ථක වේවායි සුභ ප්‍රාර්ථනා කරනවා.”



4 COMMENTS

Comments are closed.