සිංහල ප්‍රභාකරන් රකිනවද? ප්‍රජාතන්ත්‍රවාදය රකිනවද? තීරණය ඔබේ….!

22

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝණය කරමින් කටයුතු කිරීම ප්‍රභාකරන්ගේ කටයුතු වලට සමාන බවත්, 19 වන සංශෝධනයෙන් තහවුරු කළ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජන එල්ල වෙමින් පවතින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ත්‍රිකුණාමලය, තඹලගමුව ගල්මැටියාන පුරාණ විහාරස්ථානයේ සියක් නමක් උදෙසා දානමය පිංකමට සහභාගීවීමෙන් අනතුරුව අද (23) පැවති ජන හමුව අමතමින් අගමැතිවරයා සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම සඳහා නව ජාතික සන්ධානයක් ඇති කරන බවයි.

සිංහල ප්‍රභාකරන්ගේ ක්‍රමයට එකඟ වෙනවා ද ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරනවා ද යන්න පිළිබඳව ජනතාව අවධානය යොමු කළ යුතුව තිබෙන බවත් වික්‍රමසිංහ අගමැතිවරයා මෙහිදි පවසා සිටියා.

එහිදි අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“රටක දේශපාලනය කළ යුත්තේ නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම්වයි. නමුත් මේ රටේ ඇතැම් පාලකයන් නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය, සම්ප්‍රදාය විනාශ කරමින් කටයුතු කළා. අපි 19 වන සංශෝධනය ගෙන ආවේ ස්වාධීන කොමිෂන් ඇති කළේ එම රාජ්‍ය පාලකයන්ට එරෙහිව කටයුතු කිරීමටයි.”

“19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ නීතිය, රාජ්‍ය සේවය, පොලීසිය, අධිකරණය පවුල් වාදයට යටකර තිබීමෙන් මුදවා ගැනීමට හැකියාව ලැබෙනවා.”

“සිංහල බෞද්ධකම පිළිබඳව බොරුවට කෑගැසීමෙන් පළක් නැහැ. බොරුවට බෞද්ධ කොඩිය වැනීම නියම සිංහල බෞද්ධකම නොවෙයි. සිංහල, බෞද්ධකම යනු බුද්ධ දේශනයට අනුව කටයුතු කිරීමයි. මේ රට කවුරුන් පාලනය කළත් ඔවුන් නීතියට අනුව වැඩකළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කළ යුතුයි. අධිකරණයට පහරගැසීම නතර කළ යුතුයි. එම නිසා ඉදිරියේදී ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට සියලූදෙනාටම අපත් සමග එකතු වෙන ලෙසට අපි ආරාධනා කරනවා.”

Ranil Wickremesinghe



22 COMMENTS

  1. Hi there! This is kind of off topic but I need some guidance
    from an established blog. Is it tough to set up your own blog?
    I’m not very techincal but I can figure things out pretty quick.
    I’m thinking about creating my own but I’m not
    sure where to begin. Do you have any points or suggestions?
    Appreciate it

  2. Admiring the time and effort you put into your site and detailed information you present.
    It’s good to come across a blog every once in a while that isn’t the same out of date rehashed material.
    Excellent read! I’ve saved your site and I’m including your RSS feeds to my Google account.

Comments are closed.