2019 ජනපති වැය ශීර්ෂය පරාජය වන ලකුණු…….!

3

ලබන මාර්තු 05 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2109 විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයේදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් වෙන් වන වැය ශීර්ෂය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රි කණ්ඩායම තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබ්ර් රහුමාන් පවසනවා.

අද (02) සිරිකොත එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ දි පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියා.

ජනාධිපතිවරයා විසින් දිගින් දිගටම අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ තීන්දු තීරණ විවේචනය කිරීම, ආණ්ඩුවේ කාර්යයන් සඳහා බාධා කිරීම ආදි හේතුන් නිසා එජාප පසුපෙළ මන්ත්‍රි කණ්ඩායම මෙම තීරණය ගත් බවයි මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ.



3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here