ජනාධිපතිකම නැතුව වැජඹෙන්න බැරි පක්ෂ 20ට විරුද්ධයි…මස් කට්ට ලෙවකාගෙන හිටියම ඉවරයි නේ

3

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා  විසින් මේවනවිට සිදු කොට ඇති බවත්, විසිවන ආණ්ඩුක්‍රම සංශෝධනය එයට ප්‍රමාණවත් නොමැතිනම් එය මුළුමණින්ම වෙනස් කිරීමට හෝ ඊට සංශෝධන එකතුකිරීමට ජනතා විමුක්ති පෙරමුණ විවෘතව මැදිහත්වීමට කැමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවා.

තලවකැලේ, ආගරපතන ප්‍රදේශයේ වතු කම්කරුවන් දැනුවත් කිරීම සදහා පැවැති කුඩා ජනහමුවලින් අනතුරව මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්ණවලට පිලිතුරු දෙමින් මන්ත්‍රිවරයා එසේ පැවැසීය.

එහිදී තවදුරටත් අසන ලද ප්‍රශ්ණවලට පිලිතුරු මන්ත්‍රිවරයා,

“විසිවන සංශෝධනය පිළිබදව අබමල් රේණුවක තරම් දෙයක් නොදන්නා අයයි ඊට විරුද්ධව කතා කරන්නේ. 2020 සැප්තැම්බර් මස දක්වා මෙම පාර්ලිමේන්තුව වලංගුයි. විසිවන සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනවිත් එය සම්මත කර ගත් වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමේ හැකියාව පවතිනවා.”

“විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කළ යුතුය යන ස්ථාවරයේ මහින්ද රාජපක්ෂ මහතා සිටිනවා. ඒ මහතා ප්‍රකාශ කොට තිබෙනවා ඊට කිසිදු ජනතා විරෝධයක් නොදක්වන බව. විධායක අධිකාරිය සහිත ජනාධිපති ධුරයක් නොමැතිව වැජෙඹෙන්නට බැරි දේශපාලන පක්ෂ තමා මීට විරුද්ධ වන්නේ. ඉතාමත් හොද ශක්තිමත් හාම්පුතුන් ගාව තමයි සුරතලුන් සිටින්නේ. හාම්පුතා දුර්වල නම් සුරතලාත් දුර්වල වෙනවා. හාම්පුතා දෙන මස් කට්ට ලෙවකාගෙන ජීවත් වෙන්න බැරි අයයි විසිවන සංශෝධනයට විරුද්ධව එක එක කතා කියන්නේ. විධායක ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලය ලැබෙන ක්‍රමයක් ලබා ගැනීම සදහයි ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන්නේ.”

මස්කෙලිය ගාමිණි බණ්ඩාර



3 COMMENTS

  1. Excellent weblog right here! Additionally your site rather
    a lot up very fast! What host are you the use of? Can I am getting your associate
    hyperlink to your host? I desire my web site loaded up as fast as yours
    lol

Comments are closed.