බදු නොගෙවන ව්‍යාපාරිකයෝ නිසා රටේ ආදායම පහත වැටිලා…..!

6

මෙරට තුල මහ පරිමානයේ ව්‍යාපාරිකයන් රැසක් බදු මුදල් ගෙවිම පැහැර ඇති බව පුරවැසි බලයේ සංවිධානයේ කැදවුම්කරු සමන් රත්නප්‍රිය පවසනවා.

මේ රට තුල බදු ආදායම අඩු  විමට ප්‍රධාන හේතුව වි ඇත්තේ මේ රටේ මහ පරිමාණයේ ව්‍යපාරිකයන් රැසක් බදු මුදල් නිසි ලෙස නොගෙවන නිසා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔහු එ බැව් පැවසුවේ සිවිල් සංවිධාන වෘත්තිය සමිති එකමුතුව විසින් හැටන් දික්ඔය නව නගර ශලාවේ කදුරට ජනතාවගේ අයිතින් සුරකින  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යන මැයෙන් ඊයේ (03) පස්වරු පැවති සම්මන්ත්‍රණයක් අමතමිණි.

මේ රට තුල බදු මුදල් ගෙවන මහ පරිමාණයේ ව්‍යාපාරිකයන් දෙදෙහසක් සිටියද එම ව්‍යපාරිකයන් අතරින් වැඩි ප්‍රමාණයක් නිසි ලෙස බදු මුදල් නොගෙවන බවයි ඔහු පවසා සිටින්නේ.

එම මුදල් අය කර ගැනිමට රට තුල නිසි වැඩ පිලිවෙලක් නොමැති බවත්, මේ රටේ සමාන්‍යය ජනතාව පමණක් බදු මුදල් නිසි ලෙස ගෙවන බවත් ඔහු පෙන්වා දුන්නා.

හැටන් රංජිත් රාජපක්ෂ



6 COMMENTS

  1. We stumbled over here by a different website and thought I may as well check things out.
    I like what I see so now i am following you. Look
    forward to exploring your web page again.

  2. nxutiy,Very informative useful, infect very precise and to the point. I’m a student a Business Education and surfing things on Google and found your website and found it very informative.

  3. vljlufzaov,Very informative useful, infect very precise and to the point. I’m a student a Business Education and surfing things on Google and found your website and found it very informative.

Comments are closed.