අපිව පක්ෂයෙන් එලෙව්වත් ජනාධිපතිගේ වැය ශීර්ෂය පරාජය කරනවාමයි…..!

8

අගමැතිවරයා මොන තීරණය ගත්තත් එක්සත් ජාතික පක්ෂයෙන් තම කණ්ඩායම එළවා දැමුවත් ජනාධිපතිවරයගේ වැය ශීර්ෂය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රි කණ්ඩායම ක්‍රියා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි පවසනවා.

මාධ්‍යවේදීන්ට අද (04) ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

“ඇමති මණ්ඩලයට එය වුවමනා නැතුව ඇති. නමුත් පසුපෙළ මන්ත්‍රි කණ්ඩායමක් ඉන්නවානේ. පසුපෙළ මන්ත්‍රිවරුන්ට තමයි මේකේ අවශ්‍යතාව තියෙන්නේ. ඇමති මණ්ඩලය බය වෙන්න එපා අපි ඇමති මණ්ඩලයට ආරාධනා කරන්නේ නෑ ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය පරාජය කරන්න එන්න කියලා. අගමැතිතුමා කෙසේ කිව්වත්, අපිව පක්ෂයෙන් එලෙව්වත් අපි ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය පරාජය කරන්න එකතු වෙලා කටයුතු කරනවා.” මන්ත්‍රිවරයා සඳහන් කළා.

මේ අතර අද (04) පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉදුනිල් ප්‍රකාශ කළේ මෙවන් අදහසකි.

“අපේ උදව්වෙන් ජනාධිපති පුටුවේ ඉදගෙන අපේ වැඩ කටයුතු වලට බාධා කරනවා නම් අපි ආයේ නැවතත් ජනාධිපතිතුමා වෙනුවෙන් උදව් කරන්න සූදානම් නෑ.”



8 COMMENTS

  1. How do a person from one point to the other? Myth #3 – I could never speak
    persuasively into the media. The public perceives a news story as a whole lot more credible than any listing.

Comments are closed.