දින 51 දි වෙන්න තිබුණු ලේ වැගිරීම් නතර කළේ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදයයි!

12

රටේ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන බිහි නොවන්නට දින 51 දේශපාලන කුමන්ත්‍රණය ලේ වැගිරීමකින් කෙලවර වීමට ඉඩ තිබූ බව අමාත්‍ය සාගල රත්නායක පවසනවා.

ඊයේ (06) පාර්ලිමේන්තුවේ දි විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදි අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළා,

“දින 51 එකේ දේශපාලන අර්බුදය හා එයින් වෙච්ච හානිය පිළිබඳව මේ සභාගර්භයේ දැන් අවස්ථා කිහිපයකදී සඳහන් වුණා. ඒ කාලය තුළදී තහවුරු වුණු එක කාරණයක් තිබෙනවා. ඒ තමයි අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙතරම් ශක්තිමත් ද කියන එක. එය එම දින 51 දී තහවුරු වුණා. මේ රටේ ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන නොවෙන්න එම දින 51 ඉවර වෙන්න තිබුණේ ලේ වැගකිරීමකින්. ඒ නිසා රටේ ඒ ස්වාධීන ආයතන වලට හා ස්වාධීන අධිකරණයට ගරු කරන්න ඕන. ඒ අර්බුදය සාමකාමීව විසදන්න පුළුවන් වීම ගැන. එම අවස්ථාවේ දී අපි හැසිරුණු ආකාරය ජාත්‍යන්තර ප‍්‍රජාවේ ප‍්‍රසාදයට ලක්වුණා. තිබුණු වැරදි මත බොහොමයක් නිවැරදි වෙන්න පටන් ගත්තා. නොයෙක් දේශපාලන මතවාද තිබුණත් එලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කර ගැනීමට ලැබීම යහපාලනය ලද ජයග‍්‍රහණයක්. ඒක අපි පක්‍ෂබේදයෙන් තොරව කවුරුත් පිළිගන්න ඕන. මේ ගැන මම විශේෂයෙන්ම ගරු අග‍්‍රාමාත්‍යතුමාට, ගරු ජනාධිපතිතුමාට ස්තූතිවන්ත විය යුතුයි. මේ යහපාලන ජයග‍්‍රහණය ගැන අදටත් වඩා අනාගතයේදී බොහෝ දෙනා සාකච්ඡුා කරාවි. මේ යොදපු අධිතාලම අනාගත පරම්පරාවට ඉතා වැදගත් වෙනවා. අපිට රටක් වශයෙන් දියුණු වෙන්නට මේ අඩිතාලම වැදගත් වීමට සමගාමීව සිදු වූ තවත් ප‍්‍රතිසංස්කරණ රාශියක් තිබෙනවා. ස්වාධීන කොමිෂන් සභා එයට උදාහරණයක්. පොලිස් කොමිසම වැනි ආයතන නිසා පොලිස් සේවය ශක්තිමත් වුණා. දේශපාලන බලපෑම්වලින් තොරව කටයුතු කරන්න හැකිවුණා. ඒ ස්වාධීනත්වය නිසා ගුණාත්මක සේවයක් ඔවුන්ට ලබාදීමට හැකි වුණා.”

“ස්වාධීන කොමිෂන් සභාව සමග ශ‍්‍රී ලංකා පොලීසියෙත් එම අමාත්‍යංශයත් දීර්ඝ කාලයක් තිබුණු ප‍්‍රශ්න විසදීමට හැකි වුණා. ඒ යටතේ උසස්වීම් පටිපාටිය, වැටුප් වැඩිවීම, ඒ වගේම දේශපාලන ස්ථාන මාරු නිවැරදි කිරීම වැනි කරුණු නිවැරදි කිරීමට හැකි වුණා. 40% කින් පමණ වැටුප් වැඩි කිරීමට හැකි වුණා. යුද්ධ කාලයෙන් පසුව පළමු වතාවට පොලිසිය සඳහා අවශ්‍ය පුහුණුවීම් ලබාදීම ක‍්‍රමවත් වුණා. එයින් රටට ගුණාත්මක පොලිස් සේවයක් ලබාදීමට හැකි වුණා. මෙයින් තමන්ගේ රාජකාරිය හරියට කරන්න පොලීසිය ශක්තිමත් වුණා. දරුණු ගනයේ අපරාධ මැඩලන්න, ඒ නිසා දරුණු ගනයේ අපරාධ 30% කින් පමණ 2015 සිට 2018 තුන් වසර ඇතුලත අඩු කරගන්න හැකි වුණා. ඒ වගේම පොලීසිය තුළ නව දිසාවන් ස්ථාපති කළා. ඒ පොලිසිය තුළ තිබුණු ආයතන කිහිපයක් එකතු කරලා. මත්ද්‍රව්‍යනාශක කොට්ඨාශය, අපරාධ කොට්ඨාශය සංවිධානත්මක අපරාධ කොට්ඨාශය. ඒ වගේම විශේෂ කාර්ය බලකාය. මේ සියල්ල එකතුකරලා සංවිධාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය නාශක දිසාව ස්ථාපති කළා. එම දිසාව ආරම්භ කිරීම නිසා රටේ මත්ද්‍රව්‍ය  උවදුර විශාල වශයෙන් පාලනය කරන්න හැකිවෙලා තිබෙනවා. 2014 /15 වර්ෂ වලදී කොකේන් අත්අඩංගුවට ගැනීම් සිදුවුණේ නැතත් 2016 දී කි.ග්‍රෑම් 1648 ක් අත් අඩංගුවට ගන්න පුළුවන් වුණා.”

“මේ වෙනුවෙන් කැපවෙන සියළු දෙනාට ස්තූතිය පල කරන්න ඕන. විශේෂයෙන්ම ඒ කොට්ඨාශයත්, දිසාවේ, ඒකක වල නිළධාරින්ට මේ මොහොතට පොලිසිය පිළිබඳව ජනතාවට විශ්වාසයක් තිබෙනවා. නීතිය හා අධිකරණ පිළිබඳව විශ්වාසයක් තිබෙනවා. මේ ආයතන වලින් තමන්ට සාධාරණයක් ඉෂ්ඨ වන බව ජනතාවට විශ්වාසයක් තිබෙනවා. අපේ රටේ ජනතාවට විතරක් නොවෙයි ජාත්‍යන්තර ප‍්‍රජාවටත් ඒ විශ්වාසය ඇතිවෙලා තිබෙනවා.”

“ජාත්‍යන්තර ප‍්‍රජාවගේ විශ්වාසය මොකටද කියල බොහෝ අය අහනවා. ජාත්‍යන්තර ප‍්‍රජාව නැතිව අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න බැහැ. ජාත්‍යන්තර විශ්වාසය අපට අත්‍යවශයයි. අපේ රටට විදේශ විනිමය ගෙනන සංචාරක ව්‍යාපාර දියුණු කරන්න අවශ්‍ය නම් විශ්වාසය ඕන. දින 51 තුළදී කුඩා ගැස්සිල්ලක් ආවා. එම කාලය පාර්ලිමේන්තුවේ කටයුතු දැකලා සංචාරක ව්‍යාපාරය කඩා වැටීමකට ලක් වුණා. නමුත් ඒ කාලසීමව තුළදී මම ඉහත සඳහන් කළ ආයතන වල ක‍්‍රියාකාරිත්වය පිළිබඳව විශ්වාසය තබලා ඒ අර්බුදය අවසන් වනවාත් සමගම නැවත ඒ සංචාරකයන්ගේ පැමිණීම පටන් අරන් තිබෙනවා.”

“මෙම වර්ෂයේදී ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස ‘‘ලෝන්ලි ප්ලැනට්’’ කියන සගරාව දක්වලා තිබුණේ ශ‍්‍රී ලංකාව. අපි හිතුවා මේ අර්බුදය නිසා එම තත්වය නැතිවෙයි කියලා. සංචාරකයන් මෙම රටට පැමිණි එක නතර වෙයි කියලා. අද අපට ආයෙත් එම ගමන යන්න පුළුවන් වෙලා තිබෙනවා. ඒ ආයතන වල වැදගත්කමේ ශක්තිමත් බව අද අපට පේනවා. ආයෝජන වලටත් ඒ වගේමයි. එම විශ්වාසය ඕන. ඒ නිසා තමයි 2017 වර්ෂයේ අපේ ඉතිහාසයේ වැඩම ත්‍ෘෂ කියන ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ටමන්ට වැඩියෙන්ම ඇති වුණා. එය ඩොලර් කෝටි 190 ක්. බිලියන 1.9 ක්.”

“ඒ වගේම අදත් කැබිනට් මණ්ඩලයේදී අළුත් ආයෝජනයක් අනුමත වුණා. ඩොලර් බිලියනක පමණ ආයෝජනයක්. හම්බන්තොට වරාය හදුවා නමුත් සැළසුම් කළේ නැහැ කොහොමද වරායට නැව් ගෙන්නෙ කියලා. ඒ නැව් ගේන සැලැස්ම අපි හදලා කර්මාන්ත පුරය ඉදිකිරීමට අපි සූදනම් වන කොට උද්ඝෝෂණ, ගාලගොට්ටි සිදු කරලා එම වැඩ පිළිවෙල පරක්කු කලා. එයින් පාඩු සිදු වුණේ රටට හා එම පැත්තෙ ජනතාවට. තරුණ පරම්පරාවට මෙයින් රැුකී රක්ෂා පරක්කු වුණා. එම කටයුත්තට ඔබ සෑම සහාය දුන්නා නම් කර්මාන්ත පුරාය මේ වෙන කොට ඇති කරලා. රැකී රක්‍ෂා දහස් ගණනක් බිහි වෙලා. දේශපාලනය නිසා එම ප‍්‍රමාදය අද ඇතිවෙලා තිබෙනවා.”

“එම කටයුතු පමණක් නොවෙයි අනෙකුත් කටයුතුත් අපි කරගෙන ගියා. පසුගිය වර්ෂ කිහිපය තුළ අධ්‍යාපනය හා සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ දියුණුවට විශාල කැපවීමක් කළා. 2018 වර්ෂයේ සෞඛ්‍ය හා අධ්‍යාපනය වෙනුවෙන් මුළු අයවැයෙන් 25.91% ක මුදලක් වෙන් කළා. එමෙන්ම රජයේ අධ්‍යාපන අමාත්‍යංශයට, පළාත් අධ්‍යාපනය, ඒ වගේ ජාතික රෝහල් වලට, පළාත් රෝහල් සෞඛ්‍ය සේවයට හා නොයෙක් වෘත්තිය අධ්‍යාපන කටයුතු වලට. එය එම ක්‍ෂේත‍්‍ර දෙකට ඉතිහාසයෙන් වෙන් කළ වැඩිම මුදල් ප‍්‍රතිශතය. එය සිදු කළේ අපි විසින් වෙන් කලා.”

“මුදල් ඇමතිතුමා විසින් ‘ගම්පෙරළිය’ වැඩසටහන මගින් ගමට සංවර්ධනය ගෙන ගොස් කඩිනම් කොට තිබෙනවා. ඒ වගේම එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රි ලංකා වැඩසටහන තුළින් රටේ ආර්ථිකයට ධනවතුන්ට පමනක් නොවේ පොඩි මිනිසාටත් ඇතුළු විය හැකි ලෙස වැඩ පිළිවෙලක් සකස් කළා. ග‍්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති පමණක් නොවෙයි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිත් සිදුකොට තිබෙනවා.”

“සුළු මොහොතකට පෙර ප‍්‍රශ්නයක් නැගුණ පෝර්ටි සිටි ව්‍යාපෘතියෙන් පසුව ඇති කළ මහා පරිමාණ ව්‍යාපෘතිය මොකක්ද කියලා. මම සඳහන් කරන්න කැමතියි මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම් ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම කුළුණු මතින් ඉදිවන වරාය අධිවේගී මාර්ගයෙත් කටයුතු එළඹෙන ජූනි ජූලි මාස වලදී අවසන් වෙනවා.”

“පෝර්ට් සිටි ව්‍යාපෘතිය ආරම්භයේ පැවති ප‍්‍රශ්න අපි නිරාකරණය කළා. ඒ තුළින් එහි තිබූ ප‍්‍රමාදය අපි අවසන් කළා. එහි තිබූ මූලික ප‍්‍රශ්න දෙකත් විසදීමට අපි කටයුතු කලා. පසුගිය රජය එය ආරම්භ කළේ එම ඉදිකිරීම් සමාගමට ඉඩම්වල අයිතිය ලබාදීලා. නමුත් අපි ඒක නැවත සාකච්ඡුා කරලා නිරාකරණය කලා ඒ අයට බදු ක‍්‍රමයට එම ඉඩම් ලබාදීමට.”

“ඒ වගේ එම ව්‍යාපෘතිය කඩිමුඩියේ ආරම්භ කොට තිබුණේ පාරිසරික අනුමැතියක් නැතිව. ඒවා සියල්ල කරන්න සිද්ද වුණා. බලන්න ඔලූවිල් වරාය, ඒ සඳහා නියමිත පාරිසරික අධ්‍යයන නොකිරීම නිසා එම ව්‍යාපෘතිය අද සුදු අලියෙක් වෙලා. අදට එම වරායේ, වරාය මුවදොරේ වැලි පිරෙනවා. එවැනි ජාතික අපරාධයක් පෝර්ටි සිටි ව්‍යාපෘතියට නොවෙන්නට කටයුතු කළ නිසයි ඔබලා ඔය කියන ප‍්‍රමාදය වුණේ. එයින් රටට විශාල වාසියක් වෙලා තිබෙනවා. මේ හැම දෙයක්ම සංවර්ධනයේ එක පැත්තක්. සංවර්ධනය තිරසාර කරන්න නම් රටේ හෙට දවස භාරගන්න සිටින තරුණ පරපුර සවිබල ගන්වන්න අවශ්‍යයි.”



12 COMMENTS

  1. Write more, thats all I have to say. Literally, it seems as though you
    relied on the video to make your point. You obviously
    know what youre talking about, why waste your intelligence on just posting videos to your blog when you
    could be giving us something enlightening to read?

  2. Hi, I think your blog might be having browser compatibility issues.
    When I look at your blog site in Opera, it looks fine but when opening in Internet
    Explorer, it has some overlapping. I just wanted to give
    you a quick heads up! Other then that, amazing blog!

  3. Woah! I’m really loving the template/theme of this site.
    It’s simple, yet effective. A lot of times it’s challenging to
    get that “perfect balance” between user friendliness and visual appearance.
    I must say you have done a great job with this.
    In addition, the blog loads super quick for me on Internet explorer.
    Exceptional Blog!

  4. Wonderful beat ! I would like to apprentice while you amend
    your site, how can i subscribe for a blog site? The account helped me
    a acceptable deal. I had been a little bit acquainted of this your broadcast offered bright clear idea

  5. I’m not sure exactly why but this blog is loading incredibly
    slow for me. Is anyone else having this problem or is it a issue on my end?

    I’ll check back later on and see if the problem still exists.

  6. I just want to tell you that I am very new to blogging and site-building and actually enjoyed you’re page. Likely I’m want to bookmark your blog . You certainly have really good article content. Regards for revealing your website.

Comments are closed.