අපි කතා කරන්නේ බඩවල් කෝටි දෙකකට නෙමෙයි මොළවල් කෝටි දෙකකට…….

27

මෙරට ජනතාව ලක්ෂ 30 ක් අද වන විට විදේශ ගත ව ජීවත් වන බවත් රටේ මානව සම්පත රටේ රඳවා ගැනීමට ක්‍රියා කළ යුතු බවත් අමාත්‍ය චම්පික රණවක පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දියුණුවනවීකරණයසංවර්ධනය සහ නවෝත්පාදනය තුළින් අනාගතය වෙනුවෙන් රට ගොඩනගන්නට රටට හෙටක්තිරසර මගක් – හම්බන්තොට අපේ හෙට දවස’ මැයෙන් තංගල්ල සිලෝන් සී හෝටලයේ සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අපට සිටිනවා හොඳ උගත් ශ‍්‍රම බලකායක්, සෞඛ්‍ය සම්පන්න ජනතාවක්, මේ රටේ අද මනුෂ්‍යයෙක් අවුරුදු 80 ක් ජීවත් වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයෙත් මිනිස්සු ජීවත්වන්නේ අවුරුදු 80 යි. ළදරු මරණ අනුපාතය ගත්තත්, මාතෘමරණ අනුපාතය ගත්තත් ඒ අන්තර් ජාතික මට්ටමේ අපි ඉන්නවා. අධ්‍යාපනය මට්ටමින් අපි ඉතාම හොඳ තත්වයක ඉන්නවා. අපේ පාසල් පද්ධතිය තුළ දුර්වලතා මොනවා තිබුණත්  හොඳ බුද්ධිමත් පිරිසක් අපට ඉන්නවා. එහෙම නම් අපි බලන්න  ඕනේ මෙන්න මේ උගත්, නීරෝගී ජනතාව මේ රටේ ආයෝජනය කර ගන්න. අර හෝමාගම තාක්ෂණ නගරය ගොඩනැගීමේ අරමුණ වෙලා තිබෙන්නෙත් ඒකයි. නවෝත්පාදනය ගෙන එන්න. මේ හම්බන්තොට අනාගතයේ ගොඩනගනවා නම් ජල ප‍්‍රශ්නයත් අපි විසඳගෙන මේ දරුවන්ගේ බුද්ධිය අපි කොහොමද පාවිච්චි කරන්නේ, ඒ දරුවන්ගේ නවෝත්පාදන  දැනුම  කොහොමද පාවිච්චි කරන්නේ කියන එක මතයි අපට ඉදිරි ගමනක් තිබෙන්නේ. නැත්නම් වීරකැටිය සෙන්ට‍්‍රල් එකෙන්, තංගල්ල බාලිකා එකෙන්, මේ පාසල්වලින් ඉතාම හොඳ විශිෂ්ඨ ගනයේ පිරිස් බිහි වෙනවා. ඒ අය උපාධි අරගෙන රට යනවා. ඒ අය මේ රටේ අනාගත දියුණුවට අභියෝගාත්මකව යොදා ගැනීම ගැනයි අපි බලන්න  ඕනේ. අන්න ඒකට හරියන නගරයක් අපි නිර්මාණය කළ යුතුයි.”

“මොකද අපේ ළමයෙක්ගෙන් ඇහුවොත් රට යන්න තමයි බලන්නේ. මේ රටේ ඉන්න කල්පනාවක් නැහැ. මොකද විදේශ රටකට ගියහම ඒ රටේ පිළිවෙල, පිරිසිදුකම ඒ අයට පේනවා. ඒකට කැමැත්තක් ඇතිවෙනවා. වැඩක් කරගන්න ගියහම ඒ කි‍්‍රයාවලිය ඒ අයට පෙනවා. අන්න ඒ නිසා ඒ අය රට යන ප‍්‍රවණතාවයේ ඉන්නවා. දැන් අද කොළඹ ඇරුණහම වැඩිම සිංහල ජනතාවක් ජීවත් වන්නේ ගාල්ලෙවත්, මාතරවත් මහනුවරවත් නෙමෙයි මෙල්බර්න් නගරේ.  යාපනය ඇරුණහම වැඩිම දෙමළ ජනතාවක් ජීවත්වන්නේ ති‍්‍රකුණාමලය, මඩකලපුවේ නෙමෙයි කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ. මොකද යම් යම් හේතු නිසා අපේ මිනිසුන් යනවා එය ප‍්‍රවණතාවයක් වී තිබෙනවා. ලක්ෂ 30 ක් අපේ ජනතාව අද විදේශ රටවල සේවය කරනවා හෝ ජීවත් වෙනවා. මේ පිරිසෙන් විශාල පිරිසක් මේ අපේ ගම්වල මධ්‍ය විද්‍යාල ආදියෙන් බිහිවෙලා හොඳ දැනුම් මට්ටමක් සහිතව ගිය අය.”

“ඒ නිසා අපේ විශ්ව විද්‍යාලවල අත්දැකීම්වලින් අපට කියන්න පුළුවන්, මේ අපේ හම්බන්තොටින් ආපු කී දෙනෙක් අද විදෙස් රටවල ඉන්නවාද කියලා. අපි මෙය වෙනස් කළ යුතුයි. මෙය වෙනස් කරගෙන මේ අය මෙරට තුළ ගෙන යන්න නම් හොඳ නගර සම්ප‍්‍රදායක්, වැඩ කෙරෙන තැනක්, සබුද්ධික ප‍්‍රදේශයක් වෙනවා. අනෙක් එක මේ පැතිවල අපට තව බලගතු අත්දැකීම් තිබෙනවා. ඒක තමයි කැරළි ගහලා තිබෙනවා, මිනිස්සු මැරිලා තිබෙනවා. ඒ නිසා අපිට තවත් මැරෙන්න බැහැ. ඒ නිසා අපි මේ සබුද්ධික ජනතාව ඉදිරියට ගෙනයා යුතුයි. ඒනිසා බඩවල් කෝටි දෙකකට නෙමෙයි මොළවල් කෝටි දෙකකට කතා කරන ක‍්‍රමවේදයක් අපේ රටේ අනාගතයේ ගොඩනැගීමට කටයුතු කළ යුතු යැයි පැවසීය.”



27 COMMENTS

  1. Great beat ! I wish to apprentice whilst you amend your website, how can i subscribe for a blog web site?
    The account helped me a appropriate deal. I had been a
    little bit familiar of this your broadcast offered bright transparent idea

  2. Heya i am for the first time here. I found this board
    and I find It really useful & it helped me out
    a lot. I hope to give something back and help others like you aided me.

  3. I’m really enjoying the design and layout of your blog.

    It’s a very easy on the eyes which makes it much more pleasant for me to come here and visit more often. Did you hire out a developer to create your theme?
    Great work!

  4. Greetings! I know this is somewhat off topic but I was wondering if you knew where
    I could find a captcha plugin for my comment form?
    I’m using the same blog platform as yours and I’m having trouble finding one?
    Thanks a lot!

  5. Nice blog here! Also your website loads up fast! What host are you using?
    Can I get your affiliate link to your host? I wish my website loaded
    up as quickly as yours lol

  6. Hello would you mind sharing which blog platform you’re using?
    I’m planning to start my own blog in the near future but I’m having
    a difficult time deciding between BlogEngine/Wordpress/B2evolution and Drupal.
    The reason I ask is because your design and style
    seems different then most blogs and I’m looking for something completely unique.
    P.S Sorry for being off-topic but I had to ask!

  7. Hi there this is somewhat of off topic but I was wondering if blogs
    use WYSIWYG editors or if you have to manually code with HTML.

    I’m starting a blog soon but have no coding expertise
    so I wanted to get guidance from someone with experience.
    Any help would be greatly appreciated!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here