RMV දැන් සෙනසුරාදාත් වැඩ……….

6

.ප්‍රවාහන ක්ෂේත්‍රයේදී මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය දියත් කරන නව වැඩසටහන් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදා දිනයේද විවෘතව තැබීමට ප්‍රවාහන සහ සිවිල්ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග උපදෙස් ලබා දී තිබෙනවා.

එහි පළමු අදියර ක්‍රියාත්මක වන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයෙනි.

ඒ අනුව සතියේ දිනවලදී මෙන් මින් ඉදිරියට සෙනසුරාදා දිනයන්හිදීද රියදුරු බලපත්‍ර සේවා එම කාර්යාලයෙන් ලබා ගැනීමේ අවස්ථාව මහජනතාවට උදා වේ. රියදුරු බලපත්‍ර අලුත්කර ගැනීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, රියදුරු බලපත්‍ර ඉල්ලුම් පත්‍ර භාර ගැනීම සහ රියදුරු බලපත්‍ර පරීක්ෂණ වැනි සේවාවන් ඊට අයත් වේ. මීට සමගාමීව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ ප්‍රධාන කාර්යාලය සහ වේරහැර කාර්යාලයද ලබන සෙනසුරාදා සිට සෑම සෙනසුරාදිනකම විවෘතව තැබෙනු ඇත. එම කාර්යාවලින් සතියේ දිනවලදී‍ මෙන් රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය සහතික නිකුත් කිරීම සිදු කෙරෙනු ඇත.



6 COMMENTS

  1. I simply want to mention I am just very new to blogs and honestly enjoyed your page. Very likely I’m planning to bookmark your blog post . You really come with wonderful posts. Kudos for sharing your web page.

  2. I am helping some friends get their shop on the map and noticed. They have a web site. One of the ways in my research to optimize a web site is to use a blog. I am not blog savvy and neither are they so need a little help as to good sites to place there blog so that they get noticed..

Comments are closed.