13 වසර සිසුවෙකු ලඟ තිබී හෙරොයින් හසුවේ

0

පොල්ගහවෙළ නගරයේ පාසලක 13 වසර සිසුවෙකු ලඟ තිබී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය පැකට් 03 ක් පොලිසිය සොයාගෙන තිබේ. පොලිසිය විසින් කරන ලද සෝදිසියකදි එම පාසලේ 13 වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 18 ක් වු ශිෂ්‍යයෙකු භාරයේ මෙම හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය පැකට් 03 ක් සොයාගෙන තිබේ. අදාළ ශිෂ්‍යයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොල්ගහවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

තවද, මෙම ශිෂ්‍යයාට මත්ද්‍රව්‍ය සැපයු තවත් පුද්ගලයෙකු පොල්ගහවෙළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර ඔහු භාරයේ තිබි ද මත්කුඩු පැකට් දෙකක් සොයාගෙන තිබේ.

මේ අතර පොලිස් මාධ්‍ය ඒකකයේ සඳහන් කලේ ශි‍්‍ර ලංකාවේ පාසල් පද්ධතිය තුලට හෙරොයින් වැනි මත්කුඩු සංක‍්‍රමණය වීම ඉතා කණගාටුදායක තත්වයක් බවයි. එම මාධ්‍ය ඒකකය දෙමාපියන්ට වෙත පවසා සිටින්නේ පාසල් යන පිරිමි දරුවන් වැඩිපුර මුදල් වියදම් කරන්නේ නම්, ඔවුන්ගේ චර්යාවේ වෙනසක් ඇත්නම් ඒ පිලිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරවන ලෙයසි.