සංහිඳියාව එක රැයකින් ඇති කරන්න බැරි කාරණයක්…..!

28
සෑම වසරක්ම අවසානයේ නොවැම්බර් මස එනතෙක් බොහෝ දෙන පුන පුනාබලා සිටින්නේ එළඹෙන වර්ෂයට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන තෙක්ය. නමුත්  ශ්‍රී ලාංකේය දේශපාලනය උඩු යටිකුරු කරමින් ඉකුත් වසරේ ඔක්තෝබර් මස එක් රැයකින් සිදුවූ බල පෙරලියේ එක් ප්‍රතිඵලයක් ලෙස නියමිත කාල සීමාව තුළ අයවැය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීම මාස තුනක කාලයක් දක්වා පමාවිය. ධනය බලය හමුවේ රටක සමස්ත සමාජ ආර්ථක දේශපාලන ව්‍යුහය අවධානමකට ලක්කල මෙම අත්තනෝමතික දේශපලාන තීරණය නිසා සමස්ත ශ්‍රී ලංකාවට ඇති කළ බලපැම් වත්මන් රජය විසින් යථා තත්ත්වයට පත්කරමින් සිටී. එහි එක් පියවරක් ලෙස වඩා සංවර්ධනාභිමුඛ  අයවැයක්  ඉකුත් පස්වනදා  පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත්කරන ලදී.

එදා මෙදා තුර සෑම වසරක් පාසා ඉදිරිපත් කරන ලද සෙසු අයවැය හා සැසදීමේදි මෙවර අයවැයෙහි කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ සාමය, සමගිය හා සංහිදියාව වෙනුවෙන් අයවැයෙන් පුමාණවත් ප්‍රතිපාදන  වෙන්කර තිබිමයි. 2015 වසරේ බලයට පත්වූ දා සිට රටෙහි සංහිදියා යාන්තුණය ක්‍රියාත්මක කිරීම මහත් දුෂ්කර කාර්යයක් විය. මන්දයත් වසර 30ක් තිස්සේ කුරිරු යුද්ධය විසින් ඇති කරන ලද බලපෑම් යථා තත්ත්වයට පත්කිරීම මහත් අභියෝගයක් වන බැවිනි. ජාත්‍යන්තරයේ අවධානයද මෙම මාතෘකාව කෙරෙහි නිතැතින් යොමු වන නිසා සංහිදියා යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ගත හැකි ක්‍රීයාමාර්ග අධ්‍යයනය කරමින් අත්හදා බලමින් සෙසු රටවල උදාහරණ නිරීක්ෂණය කරමින් රජය විසින් ඒ සදහා මහත් ප්‍රයත්නයක් ගන්නා ලදි. එම ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵලයක් ලෙසට 2019 වසර වන විට වඩා සාධනීය මට්ටමක් දක්වා සංහිදියා යාන්ත්‍රණ ක්‍රියාවලිය පත්ව තිබේ.

වත්මන් රජය බලයට පත්වීමත් සමගම රජය විසින් තිස් වසරක් පුරා පැවති යුද්ධයේ බලපෑම් යථා තත්ත්වයට පත්කිරීම සදහා පමණක්ම නොව ජාතීන් අතර අනෞන්‍ය සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන්ද ප්‍රතිපාදන වෙන්කරන ලදී. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය පිහිටුවීම, සමගිය හා සංහිදියා කාර්යාංශය පිහිටුවීම ඉන් කිහිපයකි.

මෙතෙක් කල් ගන්නා ලද ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට වත්මන් රජය විසින් සංහිදියා ක්‍රියාවලිය සාර්ථකත්වය කරා ගමන් කරමින් සිටී. ඉදිරියටත් එය සාර්ථකව පවත්වාගෙන යාම සදහා මෙවර අයවැයෙන් අතුරුදන් වූවන් පිළිබද කාර්යාලය, හානි පූරණ කාර්යාලය මෙන්ම සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය වෙනුවෙන් අයවැයෙන් සැළකිය යුතු ප්‍රමාණයක් වෙන් කිරීමට පියවරගෙන ඇත. ඒ අනුව 2019 වසරේ සිට එළඹෙන වසර කිහිපය මෙරට සංහිදියා මාවතේ ස්වර්ණමය වසර කිහිපය බවට පත්වනු නොඅනුමානය.

සංවර්ධනය වන රටකට සංහිදියාව වෙනුවෙන් මෙතරම් ප්‍රතිපාදන කුමකටදැයි යමෙක් ප්‍රශ්න කළ හැකිය. බොහෝ ශ්‍රී ලාංකිකයන් සංහිදියාව, සමගිය යන වචනය යන්න වචනාර්ථයෙන්ම පමණක් අවබෝධ කර ගිනිති. හුදු වචනාර්ථයෙන් ඔබ්බට ගිය සුවිශාල ක්‍රියාවලියක් එතුළ ඇත්තේය. පශ්චාත් යුධ වාතාවරණයක් තුළ  සංහිදියාව ඇති කිරීමේදි රජය විසින් ගත යුතු ප්‍රමුඛතම පියවරක් වන්නේ යුද්ධය හේතුවෙන් අසරණ භාවයට පත් ජනතාව යළි නගා සිටීම වෙනුවෙන් රජයක් වශයෙන් කටයුතු කිරීමයි. මෙහිදි යුද්ධයෙන් කායික, මානසික වශයෙන් ගොදුරු වු වින්දතයන් වෙනුවෙන් සහන සැළසීම යුද්ධයෙන් අතුරුදන් වූ හෝ මියගිය අයගේ ඥාතීන් වෙනුවෙන් යම් සහනයක් ලබාදිය යුතුය. මෙම කර්තව්‍යයන් ඉටු කිරීම වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රශංසනීයය.

තවමත් උතුරු නැගෙනහිර පානීය ජලය, විදුලිය සහ අධ්‍යාපනය, නිවාස  වැනි මූලික අවශ්‍යතා ඉටු නොවුණ විශාල පිරිසක් වෙසෙති. ඔවුන්ගේ අවශ්‍යතා  ඉටු නොකොට සංහිදියාව සම්බන්ධයෙන් ඔවුන් හා කතා බස්කිරීම නිශ්ඵල කාර්යයකි. මේ හේතුවෙන් ඔවුන් වෙනුවෙන් නිවාස ඉදිකිරීම යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වැනි කටයුතු වෙනුවෙන්ද ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන්කර ඇත. මෙහි එක් පියවරක් ලෙස තල් සංවර්ධන අරමුදලක් පිහිටුවීම සදහා රජය විසින් ප්‍රතිපාදන වෙන්කිරීමට ගත් තීරණයද මෙවර අයවැයෙහි වඩා කැපී පෙනෙන යෝජනාවකි. එමගින් උතුරු නැගෙනහිර රැකියා විරහිත ජනතාවට ස්වයංරැකියා අවස්ථා විවර වනවා මෙන්ම ඔවුන්ගේ ජීවන තත්ත්වය වඩා යහපත් කිරීමට මෙම යෝජනාව හේතුවේ. මෙම අරමුදල සදහා දායක වන ලෙසටත් මුදල් අමාත්‍යවරයා විදෙස් ගතව සිටින ලාංකිකයන්ගෙන්ද ඉල්ලා සිටියේය. එමගින් යුද්ධය හේතුවෙන් මෙරට හැර ගිය ලාංකිකයන්ට මෙරට ආයෝජනය කිරීමටද අවස්ථාව උදා වසනු ඇත.

සංහිදියාව යන්න එක් රැයකින් ඇති කළ හැක්කක් නොවේ. එය දුෂ්කර වූත් අභියෝගාත්මක වූත් දීර්ඝකාලීන ක්‍රියාවලියකි. එහි වඩාත් අසීරුතම කාර්යය වන්නේ තැලුණු, බිදුණු, රිදුණු සිත් සුවපත් කරමින් වින්දිතයන්ද  සංහිදියාව ඇති කිරීම සදහා වන ක්‍රියාවලියට දායක කරගැනීමයි. එමෙන්ම වින්දිතයන් නොවූ පුද්ගලයන්ද මෙම ක්‍රියාවලිය සදහා දායක කරගැනීම අතිශය වැදගත් කාර්යයකි. ඒ සදහා සෙසු ජාතීන් කෙරෙහි ඇති අනෞන්‍ය පුළුල් කළ යුතුය. සියලු ජාතීන් සංහිදියා යාන්ත්‍රණ ක්‍රියාවලිය වෙනුවෙන් අනුයුක්ත කිරීම සදහා වැඩසටහන් සම්පාදනය කළ යුතුය. ඒ සදහා රජයක් ලෙස ගතහැකි සියලු ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන හමාරය. ඒ සදහා අවශ්‍ය පසුබිම මෙන්ම අවශ්‍ය ප්‍රතිපාදන අයවැයෙන් වෙන් කර හමාරය. එකම රටක් එකම ජාතියක් ලෙස නැගී සිටිමින් තිරසර සංවර්ධයක් කරා ළගා වීමට අවශ්‍ය වන්නේ සෑම ආගමක්ම ජාතියක්ම නියෝජනය කරන සියලු දෙනාගේ සහයෝගය පමණි.



28 COMMENTS

  1. This very blog is really interesting and besides amusing. I have discovered helluva helpful things out of this blog. I ad love to visit it again and again. Thanks a bunch!

  2. My brother recommended I might like this blog. He was entirely right. This post actually made my day. You can not imagine just how much time I had spent for this information! Thanks!

  3. I simply want to say I am beginner to blogs and truly enjoyed you’re blog site. Most likely I’m want to bookmark your blog . You certainly come with impressive articles and reviews. Thanks a lot for sharing your blog.

  4. I’m looking for a WordPress magazine theme that let’s te readers subscribe to a newsletter. How do I find out if a template can do that? When I look at the demos I never come across this function. Thanks!.

  5. There are several posts available near this, I do think taking there reference could experience made this spot or article really informative. That’s not me expression this post is poor quality. Simply Need to pronounce the fact that info provided here was unique, merely rebuild more very near to complete, supporting to former information get been actually good. The points you get touched here’s important, thus I’m going to spot several of the information here to produce this actually beneficial to entirely the newbie’s here. Many thanks for this data. Actually helpful!

  6. I would love to hear everything you know regarding this subject matter. You only have scraped the top of your respective awareness about this and that’s clear from the way you blog. Have you considered dedicating a complete web page to ensure that others won’t overlook what you have got to say?

  7. I am starting a business during the summer where I work with kids individually or during a camp. I was wondering how I could start a website for my clients parents to look at during the summer..

  8. I have asked a question similar to this topic before and was helped out, but now id like to get specific. In the beginning of the movie he (Mark) posts on a blog as he works on the girl rating site, “FaceMash”, and as well as bash his ex girlfriend he updates his progress on creating the site. If anyone can directly quote this part of the movie I would be much obliged. Please and Thank You!.

  9. I have a blog with blog owner. I have registered my blog site using a gmail account. Currently, I wish to make use of a new gmail account and also I wanted to import my whole blog site together with the blog posts as well as comments to this new gmail id … Please tell me, is this possible and also how can it be done?.

Comments are closed.