වැවිලි ප්‍රජාවට අතමිට සරුවන හොඳ කාලයක් උදාවෙලා

18

වැවිලි ප්‍රජාවට අභිමානවත් ලෙස ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

ඊයේ (24) ඉන්දීය රජයේ ආධාර යටතේ සහ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය එක්ව කොත්මලේ හැල්බොඩ වතුයායේ ඉදිකරන ලද නිවාස 98 කින් යුතු බගත් සිං පුරම් නව ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ වැවිලි ප්‍රජාවට අභිමානවත් ලෙස ජීවත්වීමට හැකි පරිසරයක් මේ වන විට රජය විසින් උදාකර දී ඇති බවයි. ඒම අභිමානවත් ජීවිතයක් වැවිලි ප්‍රජාවට උරුම කර දීම සඳහා අමාත්‍ය පලනි තිගාම්බරම් කැපවී කටයුතු කරන බව තමන් හොදහැටි දන්නා බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

රටපුරා වැවිලි ප්‍රජාව ජීවත්වන ප්‍රදේශ වල අමාත්‍ය පලනි තිගාම්බරම් නිවාස ඉදිකරමින් සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ මැයි මාසයේදී මාතර ප්‍රදේශයේද වැවිලි ප්‍රජාවට ගම්මානයක් ඉදිකිරීම සඳහා මුල් ගල් තබන බවයි.

ඒන්ටර් ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන යට‌තේ වැවිලි කරයේ ජීවත්වන තරුණ තරුණයින්ට ද ණය පහසුකම් ලබා දෙන ස්වයං රැකියා ආරම්භ කිරීමට අවස්ථාව සලසා දෙන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

තිගාම්බරම් අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨ නායකයෙකු බවට අද දවසේද ඔප්පු කර පෙන්වා අවසන් බව අමාත්‍ය මංගල සමරවීර මෙහිදී පෙන්වා දුන්නා. ඒ පක්ෂ පාට බේදයකින් තොරව නිවාස අවශ්‍ය පුද්ලයින්ට නිවාස ලබා දෙමින් බවයි මංගල අමාත්‍යවරයා කියා සිටියේ. අද ලබා දුන් නිවාස 98 න්ද වැඩි පිරිසක් පලනි තිගාම්බරම් මහතාගේ  පාක්ෂකයින් නොවන බවද මංගල සමරවීර අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.



18 COMMENTS

  1. Wow that was strange. I just wrote an incredibly long comment but after I clicked submit my comment didn’t show up.
    Grrrr… well I’m not writing all that over again. Anyways,
    just wanted to say fantastic blog!

  2. Woah! I’m really digging the template/theme of this site.
    It’s simple, yet effective. A lot of times it’s challenging to get
    that “perfect balance” between usability and visual
    appearance. I must say you’ve done a superb job with this.
    In addition, the blog loads extremely fast for me on Internet explorer.
    Superb Blog!

  3. I just want to tell you that I am beginner to weblog and seriously enjoyed your blog. Likely I’m planning to bookmark your blog . You actually come with incredible writings. Regards for sharing your web-site.

  4. I’m discovering them for my sister. I’m searching for the most dishes with pictures and the ages of infant for the dishes. Blog sites are usually where I would expect to find them.

Comments are closed.