කශේරුකාවක් තියෙන එකම නායකයා

0

දශක ගණනාවක් ලංකාව තුල පැවති කුරිරු ත්‍රස්තවාදය තුරන් කිරීමට හැකි වුයේ කශේරුකාවක් සහිත එක නායකයෙක් ලංකාවට බිහි වීම නිසා බව යෞවන කටයුතු හා නිපුනතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. අද (19) පෙරවරුවේ කොළඹ ටාජ් හෝටලයේ පැවති දකුණු ආසියාවේ ප්‍රථම හරිත සරසවියේ ඉදිකිරීම් පිළිබද කොන්ත්‍රාත් ප්‍රධානය උත්සවය අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ අද වන විට එදා පැවති තත්වය සම්පුර්ණයෙන්ම වෙනස් වී ඇති බවයි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා……

එදා අප සමාජයේ වසර 30ක් 35ක් යන කාලය ඇතුලත පැවති වචන අද අව භාවිතා වෙලා තියෙන්නේ. එදා ජනතාවට ඇසුණු බිම් බෝම්බ, මරාගෙන මැරෙන බෝම්බ, මායිම් ගැන. ජොලි බට්ටෝ හා ඊළාම් පොලිසිය යන වචන අද වන විට සමාජයෙන් නැති යන තත්වයට ඇවිත් තියෙන්නේ. ඒ වෙනුවට අද වන විට අපට ඇහෙන්නේ අධිවේගී මාර්ග,හරිහ විශ්ව විද්‍යාල,තාක්ෂණ විෂය ධාරා හා තරුණ පාර්ලිමේන්තු වැනි සුන්දර වචන පමණයි. මේ සියුළු දේ අපට හිමි උනේ අපේ රටේ නායකයා කෙලින් කශේරුකාවක් සහිත කෙනෙක් ලෙස තීරණ ගෙන ක්‍රියාත්මක වූ නිසයි.

අද පැවති උත්සවය අමතමින් අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්විය….

අද දින මේ ආරම්භ වන NSBM සරසවිය අප හදුන්වා දෙන්නේ ශ්‍රී ලංකා අධ්‍යාපනයේ පළමු අධිවේගී මාර්ගය ලෙසයි. ඒ වගේම මේ සරසවිය තුල ලෝකයේ වර්ගීකරණය කරන ලද ලැයිස්තු අතරින් පළමු පෙලේ විශ්ව විද්‍යාලඅප සමග එක්ව කටයුතු කරන නිසා විදේශ ගත වී වැඩි මුදලක් වියදම් කර උපාධි ලැබූ කාලයද අවසන් වෙනවා. එදා අපේ රටේ සිසුන්ට විදේශ අධාපනය ලබා ගැනීමට මිලයන 5ක තරම් මුදලක් වියදම් කිරීමට සිදු වුනා පාඨමාලා ගාස්තු වලට පමණක්. ඒ වගේම තව මිලියන 5ක මුදලක් ඒ රටේ ජිවත් වීමට වියදම් කරන්න සිදු වුවත් මේ හරිත විශ්ව විද්‍යාලය මගින් ලබා ගන්නා එම අධ්‍යාපණය එක මිලියනකටත් වඩා අඩුවෙන් දැන් ලබා ගැනීමට තියෙන්නේ. ඒ වගේම ආර්ථිකය ශක්තිමත් නොවන දරුවන්ටද සහනයක් ලබා දීමට කටයුතු කර ඇති බව වැඩි දුරටත් අමාත්‍යවරයා පැවසිය.

මෙම හරිත විශ්ව විද්‍යාලයේ සියුලු ඉදිකිරීම් කටයුතු MAGA ආයතනය මගින් සිදු කරන අතර දින 720ක් ඇතුළත ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතයි.

6 x 04 02