exclusive: අත්අඩංගුවට ගෙන ජනතාවගෙන් සැගවු ලිපිය මෙන්න

5

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ට අපහස කරන ලිපියක් සකසා එය ලංකාවේ විහාර්ස්ථාන වෙත බෙදා හැරීම පිළිබඳව චෝදනා කරමින් මාධ්‍ය හැදුනුම් පත් සහිත මාධ්‍යවේදීන් තිදෙනෙකු ඊයේ (02) මධ්‍යම තැපැල් හුවමාරුවේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තඩංගුවට ගනු ලැබූවා.

එසේ අත්තඩංගුවට ගත් මාධ්‍යවේදීන් තිදෙනා අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල ගේ මාධ්‍ය ඒකකයේ සේවය කරන බවටද ප්‍රචාරය වුවා.

ජනාධිපතිවරයාට අපහාස කිරීම ලංකාවේ නිතිය අනුව අපරාධ වරදක් නොවන බවයි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන නීතිඥවරුන් සඳහන් කළේ.

මෙවන් පසුබිමක් තුළ මේ සම්බන්ධයෙන් පැහැදිළි කරමින් අද (03) අමාත්‍ය ලක්ෂමණ් කිරිඇල්ල විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලැබූවා. එමගින් අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා අපහස කළ බවට චෝදනා එල්ල වන එම ලිපිය මාධ්‍ය වෙත නිකුත් කරන ලෙසයි.

එහිදි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ සිය නිලධාරින් විසින් පලකළ ඇත්තේ Colombo Telegraph වෙබ් අඩවියේ සඳහන් වූ ලිපියක සිංහල පරිවර්තයක් බවත් මේ වන තෙක් Colombo Telegraph විසින් සඳහන් කළ කරුණු කිසිඳු පාර්ශවයක් විසින් ප්‍රතිකේෂ්ප කර නොමැති බවයි.

එසේම අමාත්‍යවරයා මෙහිදි සිය අදහස් මාධ්‍ය වෙත පවසා සිටියා.

මේ වන විට ජනාධිපතිවරයාට අපහාස කළා යැයි චෝදනා එල්ල කොට ජනතාව වෙත සංසරණය වීම වැළැක්වූ ලිපිය අප වෙත ලැබී තිබේ.

 

Loading…



5 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here