ජාතිවාදය අවුස්සන්නේ නැතුව එදිනෙදා කටයුතු කරමු – ප්‍රතිපත්තිගරුකව වෙසක් සමරමු

31

වෙසක් පොහොය වෙනුවෙන් මෙරට සියලූ විහාරස්ථානවල ප්‍රතිපත්ති පූජා පැවැත්විය යුතු බවට මහානායක හිමිපාණන් වහන්සේලා ගෙන තිබෙන තීරණය ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය පුර්ණ සහයෝගය ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ක්‍රීඩා නිලධාරින් 3888 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ලබා දීම සඳහා අද (13) අරලියගහ මන්දිරයේදි පැවති උත්සවයක් අමතමින් අගමැතිවරයා  මේ බව පවසා සිටියා.

එහිදි අදහස් දැක්වූ අගමැතිවරයා,

“පසුගිය 21 වෙනිදා සිදුවූ බෝම්බ පිපිරීමේ සිද්ධිය පිළිබඳව ලැබුණු තොරතුරු අනුව ක්‍රියාකොට එය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් රජය හා දේශපාලඥයන් කෙරෙහි ජනතාව තුල පැවති විශ්වාසය බිඳ වැටී ඇති බවත් ඒ විශ්වාසය නොපමාව යළි ගොඩනගා රට ඉදිරියට ගෙන යා යුතු බවත් අගමැතිවරයා පවසා සිටියා.

පසුගිය 21 වෙනිදා සිදුවූ බෝම්බ පිපිරීමේ සිද්ධිය පිළිබඳ ලැබුණු තොරතුරු අනුව ක්‍රියාකොට එය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් රජය කෙරෙහි හා දේශපාලඥයන් කෙරෙහි ජනතාව තුල පැවති විශ්වාසය කඩා වැටී තිබෙනවා. කුමක්ද සිදු වන්නේ කියා අද සිතාගත නොහැකිව අද සමාජය අතරමං වෙලා වගේ බලා සිටිනවා. කඩා වැටුණු මේ ජනතා විශ්වාසය යලි අපි ගොඩනැගිය යුතුයි.

පසුගිය දිනවල මේ රටේ මහානායක ස්වාමීන් වහන්සේලා මුණ ගැසී සාකච්ඡා කිරීමට මට අවස්ථාව ලැබුණා. ඒ අනුව වෙසක් පෝය දිනය හා ඒ කාලය තුල සිදු කරන වැඩකටයුතු පිළිබඳව උන් වහන්සේලාට තීරණයක් ගන්නා ලෙස අප උන් වහන්සේලාගෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් වෙසක් උත්සවය සැමරිය යුතු බවට මහානායක ස්වාමීන් වහන්සේලා තීරණය කර ඒ බව දැනුම් දී තිබෙනවා. මහානායක ස්වාමීන් වහන්සේලාගේ මේ තීරණය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට ආණ්ඩුව තීරණය කළා. ආණ්ඩුවේ යාන්ත්‍රණයත් ඊට අයත් ආරක්ෂක ක්ෂේත්‍රයත් ඒ සඳහා යොදවා ඊට අදාල වැඩකටයුතු අප සිදු කරනවා.

වෙසක් පොහොය කඩා කප්පල් කිරීමට හෝ නවතා දැමීමට පෘතුගී්‍රසීන්ටවත් නොහැකි වුණා. මේ අනුව ජනතාව වෙහෙර විහාරස්ථාන වෙත පැමිණ ආගමික වැඩකටයුතුවල නියලෙනු ඇතැයි අප විශ්වාස කරනවා.”



31 COMMENTS

  1. Wonderful blog! I found it while surfing around on Yahoo News. Do you have any suggestions on how to get listed in Yahoo News? I ave been trying for a while but I never seem to get there! Thanks

  2. I think other web-site proprietors should take this website as an model, very clean and magnificent user friendly style and design, as well as the content. You are an expert in this topic!

  3. My brother recommended I might like this website. He was entirely right.
    This post truly made my day. You can not imagine just
    how much time I had spent for this information! Thanks!

Comments are closed.