වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවට ජනපති නියමයෙන් තඹ දුන් ශාන්ත බණ්ඩාරට නිතිමය පියවර……

21

මරාගෙන මැරෙන අයි එස් අයි එස් සංවිධානයේ සාමාජික මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්ෂාෆ්ට අයත් වැල්ලම්පිටිය තඹකර්මාන්ත ශාලාවට කෝටාව ඉක්මවා තඹනිකුත් කරන ලෙස නිර්දේශ කළ එවකට ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාරට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

මරාගෙන මැරෙන බෝම්බකාර වැල්ලම්පිටිය ෆ්ලොරසස් පුද්ගලික සමාගමට සහනදායි මිලට අබලි තඹ මෙට්‍රික් ටොන් 5000 ක් දෙන ලෙස එවකට ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් ශාන්ත බණ්ඩාර ඉල්ලා ලිපිය නිකුත් කර ඇත්තේ 2018 ජුනි මස 06 වන දින බව ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු ප්‍රකාශ කරනවා.

ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු සදහන් කරන ආකාරයට කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෙත යැවු ලිපිය මගින් ඊබ්‍රහිම් ඉන්ෂාෆ්ට අයත් සමාගම තඹ නිෂ්පාදනය අතින් විශාල ආදායමක් ලබා ගන්නා බව ශාන්ත බණ්ඩාර හදුන්වා දී ඇත.

එම කර්මාන්තය වැඩි දියුණු කර ගැනීමට ජනාධිපති ඉල්ලීමට අනුව අබලි තඹ මෙට්‍රික් ටොන් 5000 ක් සහනදායි ලෙස නිකුත් කරන ලෙස ශාන්ත බණ්ඩාර සෘජුව කියා ඇතැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මුජුබර් රහුමාන් ප්‍රකාශ කළා.

ඉහත ලිපිය නිකුත් කිරීම මගින් ජනාධිපතිවරයාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාරගේ සහ බෝම්බකරුගේ සම්බන්ධය පැහැදිලි වන බැවින් ඉහත නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටින බවද මුජුබර් රහුමාන් මන්ත්‍රිවරයා සඳහන් කර සිටියා.



21 COMMENTS

  1. redirected here Where can I find the best online creative writing courses? I live in NYC so which colleges offer the best online creative writing course? If not in a college than where else?.

  2. Thank you, I ave recently been searching for info about this topic for ages and yours is the best I ave discovered till now. But, what about the bottom line? Are you sure in regards to the supply?

  3. Im no expert, but I imagine you just made a very good point point. You certainly understand what youre talking about, and I can actually get behind that. Thanks for being so upfront and so genuine.

Comments are closed.