මුළු රටේම සමාජ මාධ්‍ය ජාලා අහෝසි කරන්න තීරණය කළේ නෑ – අගමැති කැබිනට් මණ්ඩලයට පවසයි

2

ෆේස්බුක්, වට්ස් ඇපි, වයිබර්, යූටියුබ් වැනි සමාජ මාධ්‍ය ජාලා මුළුමණින්ම රටටම තහනම් කිරිමට රජය කිසිසේත් කටයුතු නොකළ බව අගමැති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයේදි පවසා තිබෙනවා.

කිසියම් සිද්ධියක් මතුවුවහොත් අදාළ බල ප්‍රදේශයට පමණක් බලපැවැත්වෙන පරිදි සමාජ මාධ්‍ය තාවකාලිකව අවහිර කිරීමට රජය තීරණය කළද මුළු රටේම සමාජ මාධ්‍ය අවහිර කිරීමට තීරණය නොකළ බවත් අගමැතිවරයා ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව කීවේ අරලියගහ මන්දිරයේදි පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදි ඇමතිවරු මතු කළ කරුණු හමුවේය.

මුළු රටට බලපාන ලෙස සමාජ මාධ්‍ය අවහිර කළද විකල්ප මාර්ග ඔස්සේ සමාජ මාධ්‍ය වෙත සම්බන්ධ වන සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි තමන්ට ද වාර්තා වූ බව අගමැතිවරයා ඇමති මණ්ඩලයට දැනුම් දුන්නා.



2 COMMENTS

  1. It’s amazing to go to see this website and reading
    the views of all mates about this post, while I am
    also eager of getting familiarity.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here