පාදඩ වැඩ කරන්න එපා…… පාර්ලිමේන්තුව දේශපාලන ගේම් එකක් නෙමෙයි…….

40

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් වැරැද්දක් කර ඇතිනම් ඔහු ගෙදර යැවීමට පමණක් නොව හිරේ යැවීමටත් සූදානම් බවත් කිසිම අවස්ථාවක ඔහු ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසනවා.

ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (22) පාර්ලිමේන්තුව අමතමිනි,

“කතෝලික ජනතාව විතරක් නෙමෙයි සමස්ත ශ්‍රී ලාංකිකයින් විදියට අපේ ජනතාව තමයි නැතිවුනේ. මේ මිය ගිය ජීවිත සම්බන්ධයෙන්, තුවාල වූ අය සම්න්ධයෙන් පාර්ලිමේන්තුවේ දෙසීය විසිපහම වගකියන්න ඕන. මේ ඇතිවූ සිදුවිමේදී, දෙසීය ගණනක් ජීවිත නැතිවෙලා, තුවාල වෙලා,ආබාධිත වෙලා ඉන්න අය සම්බන්ධයෙන් ඇති වගකීම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද? මේ වගේ සිදුවීමක් වෙන බව දැනගෙන ඉදලා, මේ පිළිබද ආරක්ෂක අංශවලට තොරතුරු ලබා නොදුන්න අය කවුද කියලා මේ පාර්ලිමේන්තුවෙන් හොයලා, මේ ත්‍රස්තවාදය ආරම්භ කිරීමට උදව් කරපු අය කවුරුන්ද කියලා බලලා ඔවුන්ට දඩුවම් ලබාදෙන්න ඕන. ඒක පැත්තකට දාලා ප්‍රශ්ණයෙන් පළා යන්න හදන්නේ.

අපි කියන්නේ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා මේ ත්‍රස්තවාදයට සම්බන්ධ නම්, අඩුම තරමේ වාහනයක් දීලා, කාමරයක් දීලා, දුරකතන ඇමතුමක් දීලා තියෙනවා නම් අපිත් රිෂාඩ් බදියුදීන්ට විරුද්ධව කටයුතු කරනවා. ඔහු වැරදි කරලා තියෙනවා නම් දඩුවම් ලබාදීමට විපක්ෂයක් අවශ්‍ය නෑ. අපි වැරදි කරලා තියෙනවා නම් අවශ්‍ය  පියවර අපි ගන්නවා.

මේ සම්බන්ධයෙන් වැරදි කරලා තියෙනවාද කියන එක ගැන තීරණය කරන්න තියෙන තැන පාර්ලිමේන්තුව නෙමෙයි. මේ පිළිබද පොලීසිය, හමුදාව හරහා මේ පිළිබද නිවරදි පරීක්ෂණයක් කරලා වැරදි කරලා තියෙනවා නම් ඔහු ගෙදර යවන්න නෙමෙයි හිරේ යවන්නත් අපි සූදානම්. එතුමා වැරදි කරලා තියෙනවානම් හිරේ යවන්න කියලා තමයි අපි කියලා තියෙන්නේ.

පාර්ලිමේන්තුව තමන්ගේ දේශපාලන ගේම් වලට තැනක් කරගන්න එපා. මැරුණ මිනිස්සු තමන්ගේ දේශපාලන ගේම් එකක් කරගන්න එපා. දැන් ඉදිරිපත් වෙලා තිබෙන විශ්වාසභංග යෝජනාව දිනුවත් දිනුම්, පැරදුනත් දිනුම් කියලා උදය ගම්මන්පිල මහත්තයා කියලා තිබුණා. මේ මැරුණු අහිංසක ජීවිත උඩින් ගිහින් තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් පාදඩ වැඩ කරන්න එපා කියලා අපි විපක්ෂයට කියනවා.” මන්ත්‍රිවරයා පවසා සිටියා.



40 COMMENTS

  1. We are a bunch of volunteers and starting a brand new scheme in our community.
    Your web site offered us with valuable information to
    work on. You have performed a formidable process
    and our entire group shall be thankful to you.

  2. If some one desires expert view about blogging after that i propose him/her to
    go to see this blog, Keep up the fastidious work.

  3. I am really impressed with your writing skills
    as well as with the layout on your weblog.
    Is this a paid theme or did you modify it yourself?
    Anyway keep up the nice quality writing, it is
    rare to see a nice blog like this one these days.

  4. You, my pal, ROCK! I found exactly the info I already searched everywhere and simply could not locate it. What an ideal web site.

  5. This is very interesting, You are a very skilled blogger. I ave joined your feed and look forward to seeking more of your excellent post. Also, I ave shared your website in my social networks!

  6. It as hard to come by well-informed people in this particular subject, however, you sound like you know what you are talking about! Thanks

  7. My brother suggested I might like this website. He was totally right. This post truly made my day. You cann at imagine simply how much time I had spent for this information! Thanks!

  8. magnificent issues altogether, you just received a new reader. What might you suggest about your post that you just made some days ago? Any sure?

Comments are closed.