පාස්කු කමිටුව, ජාතික ආරක්ෂාව ගැන තොරතුරු මාධ්‍යයට විවෘත කරන්නේ නෑ,,,,,,!

21
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කරුණු විභාග කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී රටේ ජාතික ආරක්ෂාවට අදාළ කරුණු ප්‍රකාශ වෙද්දී ඒ අවස්ථා මාධ්‍යයට විවෘත නොකිරීමට එකඟතාවයක් ඇති කර ගෙන තිබෙනවා.

ඉහත එකඟතාවය ඇති කර ගෙන ඇත්තේ කාරක සභාවේ වැඩබලන සභාපති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ප්‍රමුඛ සාමාජිකයන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.

පාස්කු ප්‍රහාරයට දිගින් දිගටම චෝදනා එල්ල වී ඇති හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් පැමිණ සාක්කි දෙන තෙක් පාර්ලිමේන්තු කාරක සභාව අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව රජයේ ස්ථාවරය වි තිබේ.

රිෂාඩ් බදියුදීන් එරෙහි විශ්වාසභංග යෝජනාව තවමත් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ පවතින බැවින් කාරක සභාව අනිවාර්්‍යයෙන්ම පැවතිය යුතු බව රජයේ ස්ථාවරය වි ඇත.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවන්හි සම්පූර්ණ බලය කතානායකට බැදී ඇති බැවින් එහි සාමාජිකයන් සියළු දෙනා ඊයේ (12) දිනයේදී කතානායක කරු ජයසූරිය හමුවී තිබේ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභා සාමාජිකයන් ජනාධිපති හමුවීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළැඹනැති අතර ඒ පියවරට යාම කතානායක හමුවීමෙන් පසු කමිටු සාමාජිකයන් සාකච්ඡා කොට තිරණය කිරීමට නියමිතවේ.



21 COMMENTS

  1. You have noted very interesting details ! ps decent web site. Mediocrity knows nothing higher than itself, but talent instantly recognizes genius. by Conan Doyle.

Comments are closed.