ලංකාවේ කරදරයන් මාලදිවයිනට තමන්ගේ කරදර වගෙයි…….!

5

ලංකාවේ සංචාරය කරන ලෙසත් ලංකාවට උදව් කරන ලෙසත් තමන් සකල ලෝකවාසීන්ගෙන් ඉල්ලා සිටින බව මාල දිවයින් ජනරජයේ හිටපු ජනාධිපති සහ වර්තමාන කථානායක මොහමඩ් නෂීඩ් පවසනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ආරාධනාවෙන් ඊයේ (14) ලංකාවට පැමිණි අවස්ථාවේදි ගුවන් තොටුපොළ පරීශ්‍රයේ සිට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකාවාසීන් සහ මාල දිවයින් වාසීන් එකම සම්භවයකින් පැවතෙන ඥාතිත්වයකින් යුතු පිරිසක් බවත් ශ්‍රී ලංකාවට සිදුවන විපතක් තම රටට සිදුවන විපතක් හා සමාන බවත් පැවසූ මාල දිවයින් කථානායකවරයා තම සංචාරයේ අරමුණ ශ්‍රී ලංකාවට සහයෝගය පළ කිරීම බව පවසා සිටියා.

මෙම නියෝජිත පිරිසට මාල දිවයිනේ උප ජනාධිපති ෆයිසාල් නසීම් ඇතුළුව කැබිනට් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාලක මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පාලක මණ්ඩලයේ සාමාජිකයන්ද අයත් වෙනවා.



5 COMMENTS

Comments are closed.