ජනපති – අගමැති කිසිඳු ගැටුමක් නෑ……….! – ටොම් පච ප්‍රවෘත්ති පල කිරීම පිටුපස කුමන්ත්‍රණය කාගේද?

0

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විරසකයක් හටගෙන ඇති බවත් එය විසඳිමට අමාත්‍යවරුන් මැදිහත් ව කටයුතු කරන බවත් පවසමින් මේ සතියේ ඉරිදා ලංකාදීප පුවත්පත පළ කළ පුවත පදනම් විරහිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙන්නේ අජන්ත කුමාර අගලකඩ නම් වාර්තාකරු මේ ආකාරයෙන් අගමැතිවරයා සම්බන්ධ කොට පුවත් නිර්මාණය කරමින් ලංකාදීප පුවත්පතේ පළ කරන බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරමින් කටයුතු කිරීම කිසිදු ගැටුමක් නිර්මාණය නොකරන බවත් එම නිවේදනය පෙන්වා දෙනවා.