SLIIT ජාත්‍යන්තර විශ්ව විද්‍යාල වල උපාධි හැදෑරීමේ වරම්

0

ලොව පිළිගත් උපාධි පිරිනමනු ලබන උසස් අධ්‍යාපන ආයතනයක් ලෙසින් මෙරට ප‍්‍රමුඛතම ව්‍යාපාරික සගරාවක් වන LMD සගරාව මගින් සිදුකල සමීක්ෂණයකදී ගෞරවයට පාත‍්‍ර වූ SLIIT ආයතනය 2013 /2014 යන අධ්‍යන වර්ෂ සදහා සිසුන් බදවා ගැනීම ආරම්භ කරයි. පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල සංගමයේ හා ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සංවිධානයේ සාමාජිකයකු ලෙසින් කි‍්‍රයාත්මක ශී‍්‍ර ලංකාවේ එකම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනය වන්නේ ද SLIIT ආයතනයයි.

SLIIT ආයතනය විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ අනුමැතිය සහිතව උපාධි පිරිනමනු ලබන අතර විශ්ව විද්‍යාල පනතට අනුව කි‍්‍රයාත්මක වන්නකි. ඊට අමතරව ලොව පිළිගත් විදෙස් විශ්ව විද්‍යාල සමග සම්බන්ධ වෙමින් බි‍්‍රතාන්‍ය, ඕස්ටේ‍්‍රලියාව, ඇමරිකාව හා කැනඩාව වැනි රටවල උපාධි පාඨමාලා හැදෑරීමේ අවකාශය මෙරට සිසුන්ට හිමිකර දීමට ද SLIIT ආයතනය කටයුතු කරමින් සිටියි. ඒ වෙනුවෙන් SLIIT ආයතනය සමග අත්වැල් බැ`දගත් පාර්ශවකාර විශ්ව විද්‍යාල 24ක් පවතී. SLIIT ආයතනයේ පාඨමාලා සදහා සම්බන්ධ වන සිසුන්ට වසර දෙකක් එහි අධ්‍යාපනය හැදෑරීමෙන් පසු සිය කැමැත්ත පරිදි පාර්ශවකාර විදෙස් විශ්ව විද්‍යාල සම`ග සම්බන්ධ වී උපාධිය සම්පූර්ණ කිරීමේ අවස්ථාව උදාකර දී තිබේ. එම පාර්ශවකාර විශ්ව විද්‍යාල උසස් ප‍්‍රමිතියෙන් යුත් අධ්‍යාපන අවස්ථා සලසා දෙමින් ලොව පිළිගත් උපාධි පිරිනමනු ලබන ශ්‍රේණිගත කිරීම් වල ඉහළ මට්ටමේ පවතින විශ්ව විද්‍යාල වේ.

සිසුන් වෙනුවෙන් අධ්‍යාපන අවස්ථා පුළුල් කරදීමේ අරමුණ පෙරදැරිව SLIIT ආයතනය පසුගියදා බි‍්‍රතාන්‍යයේ Loughborough,Teesside,Huddersfield හා ඕස්ටේ‍්‍රලියාවේ La Trobe යන ලොව පිළිගත් ජාත්‍යන්තර විශ්ව විද්‍යාල 4ක් සමගින් සහයෝගිතාවයකට එළඹින.

බි‍්‍රතාන්‍යයේ Loughborough විශ්ව විද්‍යාලය සම`ගින් ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම එහි උපකුලපති මහාචාර්ය මෝරේජ් බෙල් (Morage Bell)ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ යන මහත්වරුන් විසින් සිදුකරන ලදී. මෙම ගිවිසුමට අනුව SLIIT ආයතනයේ වසරක උපාධියක් සම්පූර්ණ කරනු ලබන සිසුන්ට 60%ක ලකුණු ප‍්‍රතිශතයක සමගින් Loughborough විශ්ව විද්‍යාලය වෙත මාරු විය හැකි අතර එහිදී වසර 2ක කාලයක් තුළ පරිගණක විද්‍යාවට (Computer Science) අදාළව හෝ පරිගණක විද්‍යා නිර්මාපිත (Computer Science with Artificial Intelligence) විද්‍යාවේදී උපාධිය හිමිකර ගැනීමේ අවස්ථාව උදා වේ. ඇතුළත් වූ වසරේ දී ගාස්තුවෙන් 20%ක ශිෂ්‍යත්වයක් සිසුන් වෙත ලබාදෙන අතර ීඛෂෂඔ ආයතනයේ ඩිප්ලෝමාව හදාරන කාලය අතරතුර 70%ක ලකුණු ප‍්‍රතිශතකයක් පවත්වාගෙන යනු ලබන සිසුන්ට ඛදමටයඉදරදමටය විශ්ව විද්‍යාලයට ඇතුළු වීමේදී 70%ක ශිෂ්‍යත්වයක් හිමිකර ගැනීමේ හැකියාව පවතී.

උතුරුදිග එංගලන්තයේ හදවත බදු වූ Middleborough කේන්ද්‍ර කර ගනිමින් ස්ථාපිතTeesside විශ්ව විද්‍යාලයේ පරිගණක පීඨයේ උපකුලපති ආචාර්ය ගේ‍්‍ර ගිෆිත්ස් Gary Griffiths මහතා සහ SLIIT ආයතනය අතර ද ගිවිසුමකට අත්සන් තැබීම පසුගියදා සිදු කෙරින. බි‍්‍රතාන්‍යයේ ප‍්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතන 4 අතරට ඇතුළත් එම විශ්ව විද්‍යාලය සිසුන්ගේ තෘප්තිමත් භාවය ඉහළම මට්ටමක පවතින බව (International Student Barometer 2008-11)සහතික කිරීමට ද සමත්ව තිබේ. සිසුන් වඩාත් හොද අත්දැකීම් සමගින් (Times Higher Education Survey 2011) තොරතුරු තාක්ෂණය විද්‍යාවේදී ගෞරව උපාධිය (BSc (Hons) in IT) උපාධිය හා පරිගණක විද්‍යාවේදී උපාධිය (BSc (Hons) in Computing) පිරිනමනු ලබන විශ්ව විද්‍යාලය ලෙසින්ද පිළිගැනීමට ලක්ව ඇත. SLIIT ආයතනයේ ඉගෙනුම ලබන ඕනෑම සිසුවෙකුට හෝ සිසුවියකට බි‍්‍රතාන්‍යයේ Teesside විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාගත හැකි අතර ඒ ස`දහා පවුම් 1500ක ශිෂ්‍යත්වයක් ලබා ගැනීමේ හැකියාව පවතී.

‘‘පරිගණක හා ඉංජිනේරු තාක්ෂණය පිළිබ`දව බි‍්‍රතාන්‍යයේ පවතින තවත් සුප‍්‍රකට විශ්ව විද්‍යාලයක් වන Huddersfield විශ්ව විද්‍යාලය සම`ගින් අප පසුගියදා එක`ගතාවයකට එළඹුනා. අපගේ ඉලක්කය වී තිබෙන්නේ ලොව ප‍්‍රමුඛ පෙළ විශ්ව විද්‍යාල සම`ග පාර්ශවකරුවන් ලෙස කටයුතු කරමින් සිසුන් වැඩි පිරිසකට අධ්‍යාපන අවස්ථා පුළුල් ලෙස අත්විදීමට ම`ග විවර කරදීමයි.’’ යනුවෙන් SLIIT ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ මහතා පැවසීය.

සිසුන් වෙනුවෙන් වඩාත් විශිෂ්ට අධ්‍යාපන අවස්ථා පුළුල් කරදෙමින් SLIIT ආයතනය ඕස්ටේ‍්‍රලියාවේ La Trobe විශ්ව විද්‍යාලය සම`ගින් ද සහයෝගිතාවයකට එළඹ තිබේ. La Trobe විශ්ව විද්‍යාලය වෙනුවෙන් එහි උප සභාපති හා ජේ්‍යෂ්ඨ උප කුලපති ලෙස කටයුතු කරනු ලබන මහාචාර්ය ජෝන් රොසෙන්බර්ග් John Rosenberg මහතා ඊට අදාළ ගිවිසුමට අත්සන් තබන ලදී. SLIIT ආයතනයේ ව්‍යාපාර කළමණාකරන ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන්ට වසර දෙකක කාලයක් අධ්‍යයන කටයුතු වල නිරත වීමෙන් පසු ඔස්ටේ‍්‍රලියාවේ La Trobe විශ්ව විද්‍යාලය සම`ග සම්බන්ධ වෙමින් ලොව පිළිගත් උපාධියක් හිමිකර ගැනීමේ හැකියාව පවතී. සිය උපාධියේ අවසන් වසර සම්පූර්ණ කිරීමෙන් අනතුරුව විශේෂඥ උපාධියක් Masters දක්වා අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට සිසුන්ට පාඨමාලා ගාස්තුවෙන් 10%ක වට්ටමක් හිමිවේ.

‘‘ SLIIT ආයතනය දිනෙන් දින අත්කර ගන්නා කීර්තිය හා සාර්ථකත්වයට ප‍්‍රධාන වශයෙන් හේතු සාධක වී තිබෙන්නේ එහි සංවර්ධන කටයුතු ස`දහා සිදු කරන ආයෝජන හා කාර්ය මණ්ඩලයයි. ආයතනය සැමවිටම උසස් අධ්‍යාපන ප‍්‍රමිතීන් හා නව්‍ය මෙන්ම නවීන අධ්‍යාපන ක‍්‍රමවේදයන් අනුගමනය කරන කරනු ලබයි. අනුගමනය කරනු ලබන අධ්‍යාපන ක‍්‍රමවේදයන් සිසුන්ගේ අනාගත සුභසිද්ධිය වෙනුවෙන් ඉවහල් වන අයුරින් පවත්වාගෙන යාමට SLIIT ආයතනය නිරතුරුවම කටයුතු කරමින් සිටිනවා’’ යනුවෙන් එහි සභාපති මහාචාර්ය එස්. කරුණාරත්න මහතා පෙන්වා දුන්නේය.

SLIIT ආයතනයේ පාඨමාලා හැදෑරීමට කැමැත්තක් දක්වන සිසුන්ට www.sliit.lk වෙබ් අඩවි වෙත පිවිසීමෙන් හෝ ඊධක්‍ මර්චන්ට් ගොඩනැගිල්ල, අංක 28 ශාන්ත මයිකල් පාර, කොළඹ 03 ස්ථානයේ පිහිටි ීඛෂෂඔ මෙට්‍රො මණ්ඩපයෙන් හෝ මාලඹේ පිහිටි SLIIT ආයතන ප‍්‍රධාන කාර්යලයෙන් ලබා ගත හැකිය.

Pic One _ Loughborough university

Pic Two _ LaTrobe MOU