වැන් රථයේ ගැටි යතුරුපැදිකරු මරුට

0

පානදුර, ගාල්ල කොළඹ ප‍්‍රධාන මාර්ගයේ දිබ්බැද්ද හංදියේදී කොළඹ දෙස සිට වාද්දුව දෙසට ගමන් කල යතුරුපැදියක් ප‍්‍රති විරුද්ධ පැමිණි වෑන් රථයේ ගැටි සිදුවු අනතුරින් යතුරුපැදිකරු මියගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 62 ක්වු පානදුර ප‍්‍රදේශයේ පදිංචි රණවීර ආරච්චිගේ දොන් ජයසිරි යන අය වේ. අනතුර සම්බන්දයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පානදුර රෝහලේදී පවත්වා මෘත ශරිරය ඥාතින්ට භාරදී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.