Home / Featured (page 4)

Featured

Featured posts

ජාතික ආරක්ෂාව කිසිදු බලපෑමක් නෑ….උතුරේ සිද්ධීන් පසුපස LTTE සමාජිකයන් නෑ

උතුරේ දැනට හටගෙන තිබෙන තත්ත්ව ජාතික ආරක්ෂාව කිසිදු බලපෑමක් එල්ල නොවන බව යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක පවසයි. අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් යුද හමුදාපතිවරයා සදහන් කළේ යාපනය මහධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියාට වෙඩි තැබීමේ සිද්ධියට පැරණිම LTTE සාමාජිකයිකු සම්බන්ධ වී සිටියද එම සිද්ධිය අනපේක්ෂිත වු ...

Read More »

රෑට ප්‍රවෘත්ති බැලුවම හිතෙනවා ඊලඟ දවසේ ආණ්ඩුව පෙරෙලෙයි කියලා…විජයදාසට,ෆයිසර්ට විශ්වාසභංග ආවත් අපි අත්සන් කරන්නේ නෑ

විජයදාස රාජපක්ෂ හා ෆයිසර් මුස්තාපාට යන අමාත්‍යවරුන්ට එරෙහිව ගෙන ඒමට යන  විශ්වාසභංග යෝජනාවන්ට කිසිවිටක සහය නොදෙන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවකදි අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. “අද එනකොට මම දැක්කා තමුන්නාන්සේලා ලියුම් ගොඩක් ගෙනත් තියනවා. වැඩි දෙනෙක් කියලා තියෙන්නේ සමෘද්ධි කැපිලා කියලා. අම තමුන්නාන්සේලාට කියන්න කැමතියි ...

Read More »

ඡන්දයකට ගියෝත් ශ්‍රීලනිපය කූජිත වෙලා 3 වැනියා වෙනවා… මහියංගණේ මන්ත්‍රි ආණ්ඩුවට ගියා කියලා පම්පෝරි ගහනවා….එයා අපි එක්ක හිටියේ නෑ….

මැතිවරණයකට ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදුවන්නේ තුන්වන තැනට පත්වීමට යැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ මොහාන් පී ද සිල්වා පවසයි. රත්ගම ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිතිවල නිලධාරීන් සහ පාක්ෂිකයන් කැඳවා මන්ත්‍රීවරයාගේ නිවෙසේදී පවත්වනු ලැබූ රැස්වීමක් අමතමින් මන්ත්‍රීවරයා සදහන් කළෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පළමු ජයග්‍රහණ නොලැබුණත් ඉදිරියේදී ...

Read More »

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 7 දෙනෙකු ශ්‍රීලනිපයේ දොරකඩ -ඒකාබද්ධයේ ප‍්‍රධානීන්ට විනය පියවර

ඒකාබද්ධ විපක්‍ෂයේ තවත් මන්ත‍්‍රීවරුන් 7 දෙනෙකු ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක් වන බව ශ්‍රී.ල.නි.ප තරුණ පෙරමුණේ සභාපති,ශාන්ත බණ්ඩාර පවසයි.අද (15) ශ්‍රී.ල.නි.ප පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ශාන්ත බණ්ඩාර සදහන් කළේ ඒකාබද්ධ විපක්‍ෂය දැන් අවුල් ජාලාවක් වී ඇති බවයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී තේනුක විදානගමගේ පසුගිය දා ජනාධිපතිවරයා සමග එක්වූවා මෙන් ...

Read More »

අවාසියක් නැත්නම් ගිවිසුම් ගැහුවට කමක් නෑ..වරායක්,ගුවන් තොටුපොළක් හදලා නිකම් තියන්න බෑ

රටට අවාසි සහගත නොවන ලෙස විදේශ රටවල් සමග ගිවිසුම් වලට එළඹිමේ ගැටලුවක් නොමැති බව හිටපු කතානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ පවසයි. සූරියවැව ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වෙමින් මන්ත්‍රිවරයා පවසා සිටියේ හම්බන්තොටවරාය සම්බන්ධ ගිවිසුම රටට අහිතකර බවයි. එහිදි අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, “ඒකාබද්ධ විපක්ෂය විදියට අපි හැමවිටම හිතන්නේ මේ රටේ සම්පත් ...

Read More »

නව ව්‍යවස්ථාව ගැන ජනපති අපට පොරොන්දුවක් දුන්නා…ව්‍යවස්ථා සම්පාදක කමිටුව අපට මුණගස්සවා කිව්වා තවම නෑ…ෆෙඩරල් කියන ක්‍රමය මේ ලංකාවට ගැලපෙන්නේ නෑ

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අපට පොරොන්දුවක් දී තිබෙන බවත් ඒම පොරොන්දුව ඉෂ්ට වෙයි කියන බලාපොරොත්තුව තවමත් තිබෙනවා බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද හිමි පවසයි. ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ ඇතුළු පිරිසක් ඊයේ (14) අස්ගිරි මල්වතු මහා නාහිමිවරුන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී ධම්මානන්ද හිමියන් සදහන් කළේ ...

Read More »

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඇඟිල්ල දිගු කරන්න කලින් හිතන්න…-ප‍්‍රශ්න අසන්නේ නීතීපති දෙපාර්තමෙන්තුවේ නිලධාරියාට ආවේනික ක‍්‍රමයකට අනුවයි

බැඳුම්කර කොමිසමේ සාක්කි දෙන අවස්ථාවේදී හිටපු විදේශ අමාත්‍ය රවී කරුණානාගෙන් ප්‍රශ්න කළ විලාසය පිළිබඳව සඳහන් කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඇඟිල්ල දිගු කිරීම සහ ඔවුන් උදහසට ලක් කිරීම වැරදි ක‍්‍රියාවක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ උදය රෝහාන් ද සිල්වා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා පවසා සිටියේ පිටස්තර පුද්ගලයින් කොමිසමේ කටයුතු ...

Read More »

ඉතිහාසයේ ප්‍රථම වතාවට අමෙරිකානු ඩොලර් බිලියන 4ක් පිච්චුවා…ආර්ථික ඔස්තාර්ලාට මන්ත්‍රී බන්දුලගෙන් අභියෝගයක්!-පෝර උර දෙකක රුපියල් කෝටි 1450ක් අරන් ගිය සභාපති කවුද?

හම්බන්තොට වරාය ඇතුළු ජාතික සම්පත් විකුණා දැමීමට සිදුව ඇත්තේ ඒවා පවත්වාගෙන යා නොහැකි නිසා නොව ආණ්ඩුවට වැඩ බැරි නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ස්වයං රැකියා නියුක්තිකයන් දැනුවත් කිරීම සඳහා මිනුවන්ගොඩ, උඩුගම්පොළ දී පසුගිය සෙනසුරාදා  (12) පැවැති වැඩමුළුවක් අමතමින් බන්දුල ගුණවර්ධන සදහන් කළේ  වරාය පමණක් නොව මත්තල ගුවන් ...

Read More »

පුස් බිත්තර කෙතරම් රැක්කත් පැටවු නෑ…හෙළ උරුමයේ ඇමතිවරු මස් කටු සූප්පු කරද්දී විජේදාස ඇමතිතුමා ඇමතිකම පරදුවට තබා රට වෙනුවෙන් සටන් කළා

පුස් බිත්තරය කෙතරම් රැක්කත් එයින් පැටවෙකු බිහි වෙන්නේ නැති බවත්  ඒ නිසා බොරු පැමිණිලි පොලිසියට කරලා ඒවා පිලිබද පොලීසිය විමර්ෂණය කරලා ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යැවු පමණින් නීතිපතිට නඩු පවරන්න හැකියාව නොමැති බවත් ඒ සදහා අධිකරණ ඇමතිවත් නීතිපති දෙපාර්තමේන්තුවත් පලි නැති බවත් අජිත් පෙරේරා ඇමතිතුමා දැනගත යුතු බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක ...

Read More »

මහින්ද මහින්දගේ ප්‍රශ්ණ විසදා ගන්න….අපි අපේ ප්‍රශ්ණ විසදා ගන්නම්…

එක්සත් ජාතික පක්ෂයට ගේන විශ්වාසභංග යෝජනා ගැන එක්සත් ජාතික පක්ෂයයේ තියන ප්‍රශ්න ගැන හිටපු ජනාධිපතිවරයා කලබල වියයුතු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසයි. ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. “රටේ නීතිය ස්ථාපිත කරලා තියන නිසා තමයි අද වෙනකොට යෝෂිතලා, නාමල්ව වගේම බැසිල් ...

Read More »

මේක බදු ගහලා ගොවිය හූරන් කාපු ආණ්ඩුවක්..වරාය වික්කා …හම්බන්තොට ණය සතයක් ගෙවලා නෑ…

මේ ආණ්ඩුව ජනතාවගේ සල්ලි හූරන් කාපු බදු ගහලා ගොවිය හූරන් කාපු ආණ්ඩුවක් බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසයි.මොනරාගල මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා සදහන් කළේ වරාය විකිණිම හරහා සත පහක් හම්බන්තොට වරායේ ණය ගෙවන්නේ නැති බවයි. “ලංකා ඉතිහාසයේ ලොකුම වංචාව මහ බැංකුව ...

Read More »

විද්‍යා ඝාතන සැකකරු බේරාගත් මන්ත්‍රිනී විජයකලාට නීතිය නැමිලා….-මේ යන්නේ ජාත්‍යන්තර නීතියට අනුව රාජ්‍යයෙන් කොටසක් කඩලා දෙන්න

විද්‍යා දැරිය ඝාතනයට ඩී.අයි.ජී නිලධාරින් පවා අත්අඩංගුවට ගෙන ඇති අවස්ථාවක ප්‍රධාන සැකකරු බේරා ගෙන ගිය එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේස්වරන්ට එරෙහිව පියවර ගැනීම සිදු නොකරන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ විමසා සිටිනවා. ජාතික නිදහස් පෙරමුණ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් ඉවත් වීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවති ජනහමුවකදි මන්ත්‍රිවරයා මේ බව පවසා ...

Read More »