Home / Featured (page 481)

Featured

Featured posts

මෛත්‍රි ලවා ශ්‍රිලනිපයේ කොදු කඩා බිම දණගස්වන්න උත්සහ කරනවා

අද පවතින දේශපාලනය වතාවරණය ගැන යහපාලනය පිළිබද උදේ හවස දෙසා වදාරපු ස්වාමින් වහන්සේලාගේ මතය කුමක්ද යන්න දැන ගැනීමට කැමති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් විමල් වීරවංශ පැවසුවේ ,මේ රටේ ප්‍රගතිශිලි ජාතිකවේදී වමාංශික බලවේග බෙලහීන කරමින් ...

Read More »

මහින්ද මහ ඇණයක් !

මහින්ද රාජපක්ෂ නැත්තම් මෙලහකටත් ජාතික ආණ්ඩුව සකස් කර අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම පවසයි.ඔහු පැවසුවේ ,මැතිවරණයට පෙර සිටම එක්සත් ජාතික පක්ෂය විසින් සැලසුම් කර තිබූ ජාතික ආණ්ඩුව මහින්ද සිටියේ නැතිනම් මෙලෙහකටත් නිර්මාණය කර අවසන් බවයි. මහින්ද රාජපක්ෂ තවමත් මේ ජාතික ආණ්ඩු සංකල්පයට බාධා කරනවා.එතුමා ජනාධිපති ධූරයේ කටයුතු කර ඉවත් ...

Read More »

යහපාලනය ගැන විශ්වාසයක් නෑ

යහපාලනය පිළිබද ලොකු බලාපොරොත්තු තබා ගත නොහැකි බවත් මෙවර මැතිවරණ ප්‍රතිපලය තුළදී වෘත්තීය සමිති වෙත අලුත් වගකීමක් භාර කර ඇති බව නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමය පවසයි. ඔවුන් මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයක මේ බව සදහන්.

Read More »

ජනපති මෛත්‍රිගේ සිගිති ආතල් !

එජාපය හා ශ‍්‍රිලනිපය අතර අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම අනුව ආණ්ඩුවට එක්වීමට හෝ විපක්‍ෂයේ දිගටම කටයුතු කිරීමට ශ‍්‍රීලනිප මන්ත්‍රීවරුන්ට අවස්ථාව ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පසුගියදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට දැනුම්දී තිබෙනවා.නමුත් ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය බොහෝ දෙනෙකුගේ දෝෂදර්ශනයට ලක්වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අප සමග දුරකථනය හරහා සංවාදයකට එක්වූ ශ්‍රිලනිප ...

Read More »

පරාජිත කණ්ඩායම රටට අවශ්‍යයි ,ඒ අය පාර්ලිමේන්තු එවන්න ජනපති ගත් තීන්දුව අතිවිශිෂ්ඨයි ! (Video)

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණය තුළදී ශ්‍රිලනිප බහුතරයක් පරාජය වූයේ මහින්ද රාජපක්ෂ විසින් ගෙන ගිය කුමන්ත්‍රණයක් නිසා බව යහපාලනයක් සඳහා වූ භික්ෂු සංවිධානය පවසයි.එහි කැඳවුම්කරු පූජ්‍ය දඹර අමිල හිමියන් කොළඹදී අද (25) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් මේ බව කියා සිටියා. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ ,පරාජයවූ පුද්ගලයන් රැසක් මෙවර පාර්ලිමේන්තුව තුළට ...

Read More »

පක්ෂ රැසක් ඇනගත් තැන

ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර නම් කිරීම සදහා විධිමත් නිර්නායකයන් සැකසීමට කාලය එළඹ ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.ඔවුන් මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයක මේ බව සදහන්. එසේම ප්‍රධාන පක්ෂවලින් ජාතික ලැයිස්තුව සකස් කිරීමේදී පරාජිත අපේක්ෂකයන්ගේ නම් ජාතික ලැයිස්තු තුළට ඇතුළත් කිරීම පැෆ්රල් සංවිධානයේ දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා.

Read More »

මෛත්‍රි ,රනිල් සීමාව පන්නයි ?

වත්මන් ආණ්ඩුවේ අමාත්‍යධූර ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහ අගමැති රනිල් වික්‍රමසිංහට තවමත් එකගතාවයට එළැඹීමට හැකියාවක් ලැබි නෑ. අද දිනයේදීත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ අතර ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයට එළැඹීමට නොහැකිවූ නිසා සාකච්ඡා හෙට දිනයට කල් තබා තිබෙනවා. දෙපාර්ශවය විසින් නිර්මාණය කරන ජාතික ආණ්ඩුවේ එක්සත් ජාතික ...

Read More »

ජාතික ආණ්ඩුව අවුල්ද ?

එක්සත් ජාතික පක්ෂයට බහුතර බලය පවතින බවත් බහුතර බලය ඇති කර ගැනීමට තරම් මන්ත්‍රිවරුන් පිරිසක් තම පක්ෂය තුළ සිටින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂිම් පවසයි.නමුත් ජනතා විමුක්ති පෙරමුණ ,දෙමළ ජාතික සන්ධානය මෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේත් සහයෝගය බලාපොරොත්තු වන බවයි ඔහු පැවසුවේ. මේ මොහොතේ විපක්ෂය කොතෙක් දුරට ...

Read More »

මෛත්‍රි සන්ධාන ජාතික ලැයිස්තුව කොල්ල කෑවා -“උසී ,ඉජුක් ”විපක්ෂයක් එපා

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සන්ධානයේ ජාතික ලැයිස්තුව කොල්ල කා ඇති බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල පවසයි.අද (25) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු උදය ගම්මන්පිල , අපි ජනතාවට කියනවා මේ සියල්ලටම වඩා භායානක දේ තමයි මේ මැතිවරණයේ ප්‍රතිපලේදී දී බුලත් කොළයට ...

Read More »

ඒකිය රටක් තුළ බලය බෙදීම අත්‍යවශ්‍යයි !

ඒකිය රටක් තුළ සැම දෙනාගේම අයිතිවාසිකම් සුරක්ෂිත වන ලෙසට උපරිම ලෙස බලය බෙදීමක් සිදුකල යුතු බව මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ පාලිත රංගෙ බණ්ඩාර පවසයි.ඔහු පැවසුවේ ,එය ෆෙඩරල් ක්‍රමයක් නොවන බවයි.ඒ හරහා සෑම ජන කොට්ඨාශයකම අයිතිවාසිකම් සුරක්ෂිත වන බවයි ඔහු සදහන් කලේ. බලය බෙදා එක් ව්‍යවස්ථාවක් අනුව රටක් පාලනය කරන රටවල් ...

Read More »

අනුර පක්ෂය කනවා – හෘදසාක්‍ෂියක් ඇත්නම් නායකත්වයෙන් ඉවත් වෙනු

ජනතා විමුක්ති පෙරමුණට ඇත්තටම හෘදසාක්‍ෂියක් ඇත්නම් එහි වත්මන් නායක අනුර කුමාර දිසානායක එම තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බව සෝමවංශ අමරසිංහ පවසයි.කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා. අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඉල්ලා අස් නොවුණහොත් පක්ෂයේ අවසානය නුදුරේම සිදුවනු ඇති බව ස්ථිර අතරම ඔහු ඉල්ලා අස්වී ...

Read More »

මගේ පරාජයට ශ්‍රිලනිප වගකිව යුතුයි -ශාන්ත බණ්ඩාරට තීරණාත්මක මොහොතක් !

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පිරිසිදු පක්ෂයක් බවට පත් කිරීමට පක්ෂ නායකයන්ට නොහැකි වුවහොත් තමන් දේශපාලන තීන්දුවක් ගන්නා බව ශාන්ත බණ්ඩාර පවසයි.ඊයේ (24) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් ඔහු මේ බව කියා සිටියා. තමන්ගේම පක්ෂයේ ඉන්න පිරිස් පරාජය කිරීමට පසුගිය මැතිවරණය තුළදී ශ්‍රිලනිප අපේක්ෂකයන් කටයුතු කල අතරම මේ මැතිවරණය තුළදී තමන් ජනතාවගේ ඡන්දයෙන් ...

Read More »