Home / Featured (page 628)

Featured

Featured posts

මහින්ද කියන්නේ අවස්ථාවාදියෙක්

මහින්ද රාජපක්ෂ ක්‍රියාත්මක කරනු ලබන්නේ අවස්ථාවාදි දේශපාලනයක් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.ඊයේ (17)තිස්සමහාරාම පැවති රැස්වීමකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. මහින්ද රාජපක්ෂට එදා හම්බන්තොට ජනතාව දේශපාලනික වශයෙන් නැගිටීමට අත දුන්නද අද ඔහු ඒ සියල්ල අමතක කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්ව ඇති අතර ඔහුගේ අවස්ථාවාදි භාවය එයින් මනාව පැහැදිලි ...

Read More »

මහින්ද යළි ගෙන එන්නේ ස්ත්‍රි දූෂක ,දාමරික ,සල්ලාලයන් පිරිසක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යහපාලනය පිළිබද කතා කරන අවස්ථාවේදී ශ්‍රිලනිප දුෂිතයන් පිරිසක් මහින්ද යළි ඔසවාගෙන ඒමට උත්සහ කරන බව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායක ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.ඊයේ පැවති ජන හමුවකදී ඔහු මේ බව කියා සිටියා. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහි නායකයන් දෙදෙනාටම මෙරට යහපාලනය ඇති කිරීමට අතිශයින් උවමනාවක් ඇති නමුත් ශ්‍රිලනිප ...

Read More »

සුරක්‍ෂිත හා සෞභාග්‍ය සම්පන්න අනාගතයක්

ඊදුල් ෆීතර් උත්සවය මගින් පිවිතුරුභාවය, නිර්මලත්වය සහ ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය වෙත නැවත පැමිණීම සනිටුහන් වෙද්දී මානුෂිකත්වය තුළ අප එක්‌සත් කරවන පොදු සාරධර්මද ඉෂ්ට සිද්ධ කරවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන තම ඊදුල් ෆීතර් පණිවිඩය මගින් කියා සිටී. අද දින ඊදුල් ෆීතර් උත්සවය සමරන ශ්‍රී ලංකාවාසී හා සමස්‌ත ලෝකවාසී මුස්‌ලිම් ජනතාවට මගේ උණුසුම් ...

Read More »

රටට නිදහස දුන් මා මේ රටට පිළිලයක්ද? (Photos)

ජනතාව තමා සමග සිටින බවට තමාට විශ්වාස බවත් තමාට එල්ල කරන බොරු චෝදනාවලට පිළිතුරු ලබා දීමට තමන් සුදානම් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.ඔහු මේ බව කියා සිටියේ අද (17) අනුරාධපුරයේ පැවති සන්ධාන මංගල රැලියේදීය. 2009 මැයි 18 වනදා කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් මේ රට බේරා ගත් දිනය පිළිබදවද නැවත වරක් ...

Read More »

LTTEයේ මීළග ගොදුර මහින්ද රාජපක්ෂයි

මේ රට දරුණු ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගත් මහින්ද රාජපක්ෂ තවමත් LTTE යන්ගේ ඉලක්කය බවත් ඒ උකුසු ඇස් තවමත් ඔහු අභියස පවතින බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.අද (17) අනුරාධපුරයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මංගල ජන රැලිය අමතමින් ඔහු මේ බව කියා සිටියා. එවැනි ජිවීත අවදානමක ...

Read More »

පරාජය හමුවේ සන්ධාන උන්මන්තකයෝ වියරු වැටිලා

ඉදිරි මැතිවරණයේ හිමි වන නිසැක අන්ත පරාජය හමුවේ සන්ධානවාදීන් වියරු වැටී ඇති බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් පවසයි.ඔහු මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයක මේ බව සදහන්. ඉදිරි මැතිවරණයේ හිමි වන නිසැක අන්ත පරාජය හමුවේ සන්ධානවාදීන් වියරු වැටී තිබෙන ආකාරය පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ...

Read More »

මහින්දගේ මළ සිරුරට යළි පණ දෙන්න සන්ධානවාදීන් උත්සහ කරනවා

සන්ධානවාදීන් මිය ගිය අප්පච්චිට පණ දී නව ජීවයකින් මේ මොහොතේ ඉදිරියට යන අපේ රට ආපස්සට හැරවීමට උත්සහ කරන බව එක්සත් විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පවසයි.ඔවුන් මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයක මේ බව සදහන්. පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ නිවේදනයයි. “රටට පණ දෙමු – අලූතින් පටන් ගමු.”මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ...

Read More »

මෛත්‍රිපාල සිරිසේන අද වෛරි සිරිසේන වෙලා ,කුජීතයි සිරිසේන !

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද “වෛරි සිරිසේන ” බවට පත්ව ඇති බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා පවසයි .අද (17) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැලිය අමතමින් ඔහු කියා සිටියේ ,මහින්ද රාජපක්ෂට මෙරට අගමැති වීමට කිසිදු බාධාවක් නොමැති බවයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට පත් කිරීම සදහා තමන්ද ඇප කැපවී කටයුතු කලද ...

Read More »

ජනපතිගේ ප්‍රකාශය පහත් හිවල් කතාවක්

පසුගිය දිනවලදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සිදු කලේ ජනාධිපතිවරයෙකුට නොගැළපෙන පහත් හිවල් කතාවක් බව ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.ඔහු මේ බව කියා සිටියේ ,බද්දේගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ශක්තියක් බවත් මහින්ද රාජපක්ෂ අගමැති කිරීමේ සටන ඒ හරහා තව තවත් ශක්තිමත් වන බවයි ඔහු ...

Read More »

මහින්දගේ කෙරුවාව ගැන මම රටටම හෙළි කරනවා ,බලුකම් කල කුපාඩියෝ ඔහු හෙළි කල යුතුයි (Video)

තමන්ගේ පාලන සමය තුළදී බලුකම් කුපාඩිකම් කල මැති ඇමතිවරුන් කවුරුන්ද යන්න මහින්ද රාජපක්ෂ අද (17) පැවැත්වෙන ජන රැලියේදී හෙළි දරව් කල යුතු බව රෝසි සේනානායක පවසයි.පාදුක්ක ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඇය මේ බව කියා සිටියා.

Read More »

මහින්දගේ වරප්‍රසාද නැති කරන්න JVP දත කයි(Audio & Photo)

මහින්ද රාජපක්ෂ ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීම හරහා සෙසු අපේක්ෂකයන්ට අසාධාරණයක් සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. හිටපු ජනාධිපතිවරයාට විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙකුට ලැබෙන වරප්‍රසාද ලැබෙන අතරම එය නැති කර ඔහුද අනෙක් අපේක්ෂකයන්ට හා සමානව වරප්‍රසාද ලබා දිය යුතු බව සුනිල් වටගල පැවසුවේ . 2015 අගෝස්තු මස 17 දින පැවැත්වෙන පාර්ලිමේන්තු ...

Read More »

මහින්ද ඇතුළු රැලම කම්බ හොරු (Video)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනවාරි 08 වන දින තමන් වෙත ලැබූ ජනමතය ඉදිරියට ගෙන යා හැකි ආණ්ඩුවක් ඉදිරි මහ මැතිවරණයෙන් පිහිටුවා ගැනීමේ අරමුණින් යුතුව පසුගියදා කළ ප්‍රසිද්ධ ප්‍රකාශය පිළිබදව තමන් සතුටට පත්වන අතර ඒ පිළිබඳව ජනාධිපතිවරයා වෙත අවංක ස්තුතිය පිරිනමන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි. අමාත්‍යරයා මේ බව කියා සිටියේ ...

Read More »