Home / කලා

කලා

“දැක්කාම බඩ දගලනවා ,ඇහුවාම ඔළුව රිදෙනවා” (Videos)

ඛෙලිකටුමල්ල කියන ගීතය ලියවෙන්නේ මට මතක හැටියට 2014 නොවැම්බර් හෝ ඊට ආසන්න කාලයක. මේ නිර්මාණයෙත් මගේ පෙර නිර්මාණ වන ”මොකද කරන්නේ”, ”රන්රස” නිර්මාණය කිරීමේදී වගේම මා විසින් ම තමයි සංගීතය නිර්මාණය වගේම එහි පදරචනයත් සිදුකලේ. මොකද මේ නිර්මාණය තුල මගේ සිතේ ඇදීච්ච අදහසටම එය ඉදිරිපත් කරන්න ඕන වුණා. ගීතය පළමු වරට පටිගත කිරිමෙදිවත් ගීතය යුග ගායනයක් ලෙස ඉදිරිපත් කරන්න අදහසක් තිබුනෙ නෑ. පස්සේ ගීතයට ලස්සනක් එකතු කරන්න ඕනෙ කියල හිතුන නිසා තමයි ර්‍ණජිප්සීස්” නායක සුනිල් පෙරේරා මහතා එක්ක ගීතය කරන්න ඕනෙ කියල හිතුනේ. පස්සේ ඔහුව හමුවුනු මුල්ම අවස්ථාවේ ඔහු ගීතයට කැමති වීමම මං හිතන්නෙ මගේ භාග්‍යක් කියලා. සහ මං ඔහුට හදවතින්ම ස්තුති වන්ත වෙනවා.

Read More »

මම ලැබිච්ච දෙයින් සතුටු වෙනවා

කාලෙන් කාලෙට එන ගායකයින් අතරේ වෙනස් විදියේ චරිතයක් අපට මුණ ගැහුනා, ඒ හඩ වෙනස් හඩක්.. රසික හදවත් ඔහුගේ ඒ වෙනස් හඩ නිසා ඔහුට හා ඔහුගේ ගීතවලට ආදරය කලා... ඒ නිසාම ලංකා නිවුස් ඇලට් අපේ කතා බහට අද අපි ඔහුව එකතු කරගත්තා. ඔහු දමිත් අසංක.

Read More »

හැම නිළියක්ම මගේ පෙම්වතියක්

"චායා'' ටෙලිනාට්‍යයේ අසංක තවත් විටක රන්තරු ටෙලිනාට්‍යයේ "සසංක'' ලෙස ප්‍රේක්ෂක ආදරය දිනා ගත් විශ්ව කොඩිකාර අද උතුම් පැතුම් ටෙලි නිර්මාණය හරහා නැවත වරක් ප්‍රේක්ෂක සිත් ලැගුම් ගෙන හමාරයි . රංගනයෙන් නැවුම් දිශාන්තියක් සොයා ගොස් රසික සිත් නැවුම් වින්දනයක් කරා රැගෙන යන්න සුදානමින් සිටින ඔහුව අද ලංකා නිවුස් ඇලට් අපි කතාබහට එක් කර ගත්තා.

Read More »

ජවිපෙන් පංකාදු පහක වැඩක්

ජනතා විමුක්ති පෙරමුණ විසින් නව ග්‍රන්ත දෙකක් නිර්මාණය කර තිබේ.සංස්කෘතික සහ සමාජවාදය ඉන් එකක් වන අතර History of the jvp අනෙක් ග්‍රන්තයයි.

Read More »

“මල් තුහින නොවේ මේ යාපනේ’

ගීත ප‍්‍රසංග, නාට්‍ය, නර්තන අංග, වාර්තා චිත‍්‍රපට ඇතුළු අංග රාශියකින් සමන්විත එම ප‍්‍රසංගය පැවැති ශාලාවේම නයනහාරි අබේනායකගේ ‘මල් තුහින නොවේ මේ යාපනේ’ඡායාරූප ප‍්‍රදර්ශනය ද පැවැත්විණි. සම අයිතිය ව්‍යාපාරය මඟින් සංවිධානය කරන ලද මෙම සංස්කෘතික සැඳෑව නැරඹීමට විශාල පිරිසක් පැමිණ සිටිනු දැකගත හැකි විය.

Read More »

අපි පොරොන්දු ඉටුකල කණ්ඩායමක්

මේ රේඩියෝව පිළිබද කතා කලොත් ආසියාතික රටක් පළමු වරට දිනා ගත් Radio Standard of Excellence යන ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී තිබේ.අඛණ්ඩව විසිහතර පැයේම සජීවි අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාවක අත්දැකීම මුළු ලෝකයටම ලබා දෙමින් සිදු කළ විශිෂ්ඨ සේවය ඇඟයීම වෙනුවෙන් අමෙරිකානු Web Marketing Association's WebAward 2013 ආයතනය විසින් තමයි මෙම සම්මානය ලබා දිලා තියෙන්නේ.

Read More »

“ආදරණීය වික්ටෝරියා”

අන්දිරිස් අවසානයේ සියලු භෞතික සැප සම්පත් වලින් ආඪ්‍ය වන ව්‍යාපාරිකයෙකු වුවද ඔහු වටා අතෘප්තිය වෙළෙනු ලබන්නේ නිරායාසයෙන්මය. වරෙක එංගල්තිනා සමඟ රමණයේ යෙදෙන අන්දිරිස් පසුව ලීනා සමඟ රමණයේ යෙදෙයි. ඉනුත් නොනැවතෙන ඔහු ඇල්ෆ්‍රඩ් සහ වික්ටෝරියාගේ ආයම්මලා සමඟ ද නිදි වදී. මෙය ලිංගිකත්වය පිළිබඳව පමණක් නොව සෑම දෙයක් පිළිබඳවම මිනිසා තුළ පවතින්නා වූ අතෘප්තියයි.

Read More »

“රැය තවම තරුණයි”

චිත‍්‍රපටයක ජාතිකත්වය නිර්ණය කිරිමේදි සැලකිල්ලට ගැනෙන කාරණා කිහිපයක් තියෙනවා. අධ්‍යක්ෂකවරයා, නිශ්පාදකවරයා, සම නිශ්පාදකවරයා, බෙදාහරින්නා ආදින්ගේ ජාතිකත්වය, නිශ්පාදන සමාගම ස්ථාපිත රට, චිත‍්‍රපටය සදහා මූල්‍ය දායකත්වය සැපයූ රට හා චිත‍්‍රපට ආදායමෙන් බදු උපයන රට, චිත‍්‍රපටයෙ භාෂාව, රූ ගත කළ රට ආදිය මේ අතරින් විශේෂයි. 2008 වසරේ සිට මා ජීවත් වන්නේ ප‍්‍ර‍්‍රංශයේ. ඊට අමතරව චිත‍්‍රපටයෙ භාෂාවත්, රූ ගත කළ රටත් පදනම් කරගෙන මෙම චිත‍්‍රපටය ප‍්‍ර‍්‍රංශ චිත‍්‍රපටයක් ලෙස අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කරවන ලෙස ප‍්‍ර‍්‍රංශ සිනමාව ලොව පුරා ප‍්‍රවර්ධනය කරන රාජ්‍ය ආයතනය වන UniFrance ආයතනයෙන් ඉල්ලීමක් ලැබුණා. ඒ අනුව මෙම චිත‍්‍රපටය මුම්බායි අන්තර්ජාතික සිනමා උළෙලදි නිල වශයෙන් නියෝජනය කරන්නේ ප‍්‍ර‍්‍රංශයයි. මගේ චිත‍්‍රපටයට අමතරව 2014 වසරේ කාන් සම්මාන උළෙලේදි Camera d’Or සම්මානය දිනු Party Girl, එම සම්මාන උළෙලේදිම ජුරියේ විශේෂ සම්මානය දිනු කිර්තිමත් ප‍්‍ර‍්‍රංශ සිනමාකරු Jean-Luc Godard ගේ Goodbye to Language ආදි චිත‍්‍රපටත් ප‍්‍ර‍්‍රංශය නියෝජනය කරමින් මුම්බායි සිනමා උළෙලේ තිර ගත කෙරෙනවා.

Read More »

Subjectivity Love සහ Love

බඩුව.... බඩුව.... ‘වල් කෙල්ල‘ ඔබ කාගෙත් ඇසුරට ඇදෙන මම විතරක් නෙමෙයි මගෙ මිතුරනුත් දකින.

Read More »

මම ජිවීතය වෙනස් කරන්න දෙපාරක් හිතුවේ නෑ

එක දවසක් මම මුලින් සේවය කල ලක් රේඩියෝ අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාවෙන් සංවිධානය කල සංගීත ප්‍රසංගයකට සහභාගි වුණා.එදා මම ඒ වේදිකාවේ නැගලා කියපු ගීතය මගේ ජිවීතයම අද වෙනස් කලා.මදුශංක කියලා කෙනෙක් මගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා දීලා ගීතයක් කරමුද මල්ලී කියලා අහපු ඒ වචන ටික මම සිහිපත් කරන්නේ ඉතාමත් උවමනාවෙන්.

Read More »

මගේ අරමුණු කාලෙන් කාලෙට වෙනස් වෙනවා

පුංචිම කාලේ හීන මැව්වේ එයාර් හෝස්ට කෙනෙක් වෙන්න. ඊට පස්සේ ලෝයර් කෙනෙක් වෙලා ඇකඩමික් පැත්තෙන් අනාගතය ගොඩ නඟා ගන්න මට ඕනෑ වුණා. ඊටත් පස්සේ බිස්නස් කරන්න ඕනේ කියලත් හිතුවා. ඔය වගේ කාලෙන් කාලෙට මගේ අභිලාශය වෙනස් වුණා. නමුත් ඔය කොයි කාලෙකදී වත් ඒ කොතැනක වත් රංගන ශිල්පිනියක් වෙන්න පුංචිම බලාපොරොත්තුවක්වත් තිබුණේ නැහැ.

Read More »