Home / ප‍්‍රාදේශිය (page 20)

ප‍්‍රාදේශිය

පරිභෝජනයට නුසුදුසු ලක්ෂ දෙකක බඩු මාට්ටු !(Photos)

DSC00157

තලවාකැලේ ලිදුල ප‍්‍රදේශයේ සිට ලොරි රථයකින් රැගෙනවිත් බගවන්තලාව නගරයේ වෙළෙඳසැල් වලට මෙම ආහාර ද්‍රව්‍ය අලෙවි කරමින් සිටින අවස්ථාවේ හදිසියේ කරන ලද වැටලීමකදී මෙම ආහාර ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වූ බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.එල්.කේ.වසන්ත පැවසුවා.විනාකිරි බෝතල් තොගයක්, රසකැවිලි තොගයක්, තුනපහ සහ මිරිස්කුඩු තොගයක්, දෙහි යුෂ අඩංගු බෝතල් කීපයක් සහ රටඉදි තොගයක් මෙසේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් භාරයට ගැනුනු අතර එම ආහාර ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් ලක්ෂ දෙකක් බවට තක්සේරුකර තිබෙනවා.

Read More »

ලංගමයක් ත්‍රිවිලයේ ගැටේ -ත්‍රිවිලය ප්‍රපාතයට විසිවේ ! (Photos)

ACCIDENT_19_06_2015_lankanewsalert

මස්කෙළිය සිට නෝටන්බි‍්‍රජ් හරහා කොළඹ දක්වා ධාවනය වූ අවිස්සාවේල්ල ඩිපෝවට අයත් ලංගම බස් රථයක් සහ හැටන් වටවල සිට ගිනිගත්හේන දක්වා ධාවනය වූ ත‍්‍රීරෝද රථයක් අනතුරට පත්වීමෙන් ත‍්‍රීරෝදරථයේ ගමන්ගත් කාන්තාවක් බරපතල ලෙස තුවාල ලබා ගිනිගත්හේන රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඇයගේ තත්වය බරපතල නිසා නාවලපිටිය මූලික රෝහලට මාරු කර යවා තිබෙනවා.

Read More »

අධික වර්ෂාවත් සමගින් නාය යෑමේ අවධානමක් !(Photos)

rain_lankanewsalert-03_06_2014

මධ්‍යම කඳුකරයට ඊයේ (16) රාත‍්‍රීයේ සිට කඩින් කඩ අධික වර්ෂාවක් සමගම තඳ සුළං තත්වයක් පවතින බව අප වාර්තාකරු ප්‍රකාශ කලා .එසේම ප‍්‍රධාන නගර කීපයකම විදුලිය විටින් විට විසන්ධි වන බවත් ලක්ෂපාන සිට මස්කෙළිය දක්වා ඇඳ ඇති අධි බලැති විදුලි රැහැන් පද්ධතියකට අකුණු සැරක් පතිත වීමෙන් මස්කෙළිය බල ප‍්‍රදේශය පුරා ඊයේ රාත‍්‍රියේ සිට අද උදෑසන දක්වා විදුලිය සම්පූර්ණයෙන්ම විසන්ධිවී පැවති බවද අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.

Read More »

වඩේ ඇතුළේ කුණු අල -සොයා බලන්න PHI නෑලු (Photos)

IMG_2556

මේ සම්බන්ධයෙන් අවන්හලේ අයිතිකරුට පැමිණිලි කළ අවස්ථාවේ තමන් පිළිබඳව ඕනෑම ස්ථානයකට ගොස් පැමිණිලි කරන ලෙසත් තමන් කිසිවෙකුටත් බියනොවන බවත් දැණුම්දී ආහාරයට ගත් වඬේ වෙනුවෙන් රුපියල් අසූවක මුදලක් අවන්හලේ අයිතිකරු විසින් එම පාරිභෝගිකයාගෙන් ලබාගෙන ඇත. හැටන් ප‍්‍රදේශයේ පදිංචි මෙම පාරිභෝගිකයා මුලින්ම හැටන් නගරසභාවට ගොස් පැමිණිලි කිරීමේදී එහි උසස් නිළධාරියෙකු පවසා සිටියේ මේ පිළිබඳව ක‍්‍රියාත්මක වීමට හැටන් නගරසභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරයෙකු නොමැති බවත්ය.

Read More »

මැණික් වෙනුවට බෝම්බ හමුවෙයි (Photos)

DSC09636

බගවන්තලාව චැපල්ටන් වතුයායේ කෙසෙල්ගමු ඔය අසල ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් මැණික් ගැරීම සඳහා වෙන්දේසි කළ භූමියක මැණික් ඉල්ලම් කපා තිබූ පතලකට යෑම සඳහා තාවකාලිකව මාර්ගයක් කපමින් සිටි කම්කරුවන් පිරිසකට එම ජීව අත් බෝම්බ දෙක හමුවී තිබෙනවා. පොළව මට්ටමේ සිට අඩි තිහක් පමණ ගැඹුරට වූ පතලේ තිබීයදී මෙම ජීව අත් බෝම්බ දෙක හමුවුවී තිබෙනවා.

Read More »

වගාවට කැපු ළිදේ වැටි දරුවා මිය යයි (Photos)

CHAIL DETH_11_06_2015_lankanewsalert

නිවසේ සිටි දරුවා නොමැති බව වැටහුණු මව අසල්වාසීන් සමග දරුවා සොයන අවස්ථාවේ සැකයට වගා ලිඳට බැස පරීක්ෂා කරන අවස්ථාවේ වගා ලිදේ තිබී ළමයාගේ සිරුර පස්වරු 5 ට පමණ සොයාගෙන තිබෙනවා. නිවසේ අවශ්‍යතාවයන් සඳහා සහ වගා කටයුතු සඳහා කපා තිබූ මෙම වගා ලිඳ අඩි හතරක ගැඹුරකින් යුත් බවත් එම වගා ලිඳ වටා ආරක්ෂිත වැටක් ඉදිකර නොතිබූ බවත් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන වටවල පොලීසිය පවසනවා.

Read More »

දුම්රිය අනතුර ගැන පුළුල් පරීක්ෂණයක් !(Photos)

DSC00192

තලවාකැලේ වටගොඩ දුම්රිය ස්ථානය අසලදී භාණ්ඩ ප‍්‍රවාහනය කළ දුම්රියන් දෙකක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුර පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙකු පැවසුවා. බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වූ භාණ්ඩ ප‍්‍රවාහනය කළ දුම්රිය වටගොඩ දුම්රිය ස්ථානයේ නතරකර තිබීයදී නාවලපිටිය සිට හපුතලේ දක්වා ධාවනය වූ භාණ්ඩ ප‍්‍රවාහන දුම්රිය නවතා තිබූ භාණ්ඩ ප‍්‍රවාහන දුම්රියේ ගැටී ඊයේ (09) රාත‍්‍රී 7 ට පමණ මෙම අනතුර සිදුවී තිබෙනවා.මෙම අනතුරින් දුම්රියේ ගමන්ගත් මගීන් සිව් දෙනෙකු සුළු තුවාල ලබා ලිදුල රෝහලට ඇතුලත් කළ අතර භාණ්ඩ ප‍්‍රවාහනය කළ දුම්රියන් දෙකටද දැඩි අලාභහානි සිදුවී තිබුණා.

Read More »

වතුනිවාස පෙළක ගින්නක් (Photos)

DSC09437

මස්කෙළිය පොලිස් වසමට අයත් ගවරවිල තේ වතුයායේ වතුනිවාසයක අද (09) අළුයම හටගත් ගින්නකින් එම නිවසේ කාමර දෙකක් සම්පූර්ණයෙන් ම ගිනිගෙන විනාශ වී තිබෙනවා. අලුයම 1 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, නිවසේ පදිංචිකරුවන් නිදා සිටින අවස්ථාවේ ගින්න හටගෙන ඇතත් ඉන් කිසිවෙකුටත් හානි සිදුවී නැහැ. පැතිර යන ගින්න, අවට පදිංචි වතුකම්කරුවන් විසින් නිවාදැමීම නිසා ගින්න වළක්වා ගැනීමට හැකි වී තිබෙනවා.

Read More »

කාසල්රි ගිනි ගනී (Photos)

FIRE_lankanewsalert_08_06_2015

පවතින වියළි කාළගුණය නිසා ජලාශයේ ජල මට්ටම පහළ යෑමත් සමගම ජලාශයේ සෙල්ලම් කිරීමට යන අවට වතු නිවාස වල පදිංචි කුඩා ළමුන් මෙම ගින්න තබන්නට ඇති බව හැටන් පොලීසිය සැක පහල කරනවා.පැතිර යන ගින්න මැඩ පැවැත්වීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ කාසල්රී ජලාශ වේල්ල භාර ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.

Read More »

කාළගුණය රියදුරන් අනාත කරයි (Photos)

accident_lankanewsalert_05_06_2015

නුවරඑළිය සිට කොළඹ දක්වා ධාවනය වූ මෝටර් රථයක් හැටන්-නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පුව ප‍්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන, බෝක්කුවක් මතට පෙරලීමෙන් එහි ගමන්ගත් එක් අයෙකු තුවාල ලබා තිබෙනවා. අද (05) පස්වරු 3.30 ට පමණ එම අනතුර සිදුවී ඇති බවයි අප ප්‍රාදේශිය වාර්ථාකරු පැවසුවේ.

Read More »

ගාල්ල අලි ගමනක

රනිල් වික්‍රමසිංහ කර්මාන්ත ඇමතිව සිටියදී කොග්ගල වෙළඳ කලාපය 1992 ආරම්භවූ අතර එමඟින් ගාල්ලේ ජනතාවට බොහෝ රැකියා උත්පාදනය වුණා.පසුගිය විසි වසර පුරාවට කිසිඳු ආයෝජනයක් ගාල්ල දිස්ත්‍රික්කයේ සිදු වී නෑ.

Read More »