Home / ප‍්‍රාදේශිය (page 30)

ප‍්‍රාදේශිය

හැප්පුණු හැප්පිල්ල!

නුවරඑළිය සිට හැටන් දෙසට ධාවනයවූ ටිපර් රථය අධික බෑවුමක් සහිත රදැල්ල කෙටි මාර්ගයේදී ටිපර් රථයේ තිරිංග ක‍්‍රියා විරහිතවීමත් සමඟම ටිපර් රථය නතරකර ගැනීමට රියදුරා විසින් උත්සාහ කිරීමේදී නුවරඑළිය දෙසට ධාවනයවූ ටිපර් රථයේ ප‍්‍රතිවිරුද්ධ දිශාවෙන් ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි නානුඔය පොලීසිය පවසන්නේ.

Read More »

ඩයගම අළුකල ගින්නේ ඡායාරූප මෙන්න

ඩයගම පොලිස් වසමට අයත් ඩයගම වතුයායේ වතු නිවාස පේලියක අද (10) රාත‍්‍රී 7 ට පමණ ගින්නක් හටගෙන ඇති බව ඩයගම පොලීසිය පවසනවා.

Read More »

එල ඇමතිතුමා!

පශු සම්පත් හා ග‍්‍රාමීය ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොන්ඩමාන්ගේ ඉල්ලීමක් මත නෝර්වුඩ් නගරයේ සිට කාසල්රී ජලාශයට ජලය ගලා බසින ඇල මාර්ග තුනක් පුළුල් කර ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා ආපදා කළමණාකරණ අමාත්‍යංශය මඟින් රු. ලක්ෂ විසිහයක (26) ප‍්‍රතිපාදන ලබාදි තිබෙනවා.එම ප‍්‍රතිපාදන යටතේ එම ඇල මාර්ග පුළුල් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භකර තිබෙනවා.

Read More »

අපූරු ජෝඩුව!

පසුගිය 2 දින තානායමට පැමිණ ඇති ඔවුන් 05 දින තානායමෙන් පිටව ගොස් ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි තිබේ. ඔවුන් රුපියල් ලක්ෂයක මුදලක් සොරාගෙන ඇතැයි අනාවරණ වී ඇත්තේ ඉන් අනතුරුව කළ සොයා බැලීමකදීයි.

Read More »

ෆයිනස් චකබ්ලාස්

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වටවල දමිළ මහා විද්‍යාලයට ඉහලින් කඩා වැටීමේ අවදානමකට ලක්වී ඇති ෆයිනස් ගස් හතලිහක් කපා දැමීමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි පවසයි. පාසලට ඉහළින් රක්ෂිතයේ තිබෙන විශාල ෆයිනස් ගසක අත්තක් එම පාසලට කඩා වැටී මෙන් පාසැල් සිසුන් තිදෙනෙකු තුවාල ලැබුවා.

Read More »

ගසකට යටවි පාසැල් සිසුන් තුන් දෙනෙකු රෝහලේ

අද (04) දහවල් 12.10 ට පමණ විශාල ශබ්දයකුත් සමඟ මෙම ගසේ අත්ත කඩාවැටී ඇති බවයි විදුහල්පතිතුමිය පවසන්නේ. මෙම ගසේ අත්ත කඩා වැටීමෙන් එම විද්‍යාගාර ගොඩනැඟිල්ලට අලාභ හානි සිදුවී තිබෙනවා.ප‍්‍රදේශයේ පැවති අධික වර්ෂාව සහ දැඩි සුළං සමඟ මෙම ගසේ අත්ත කඩා වැටුණු බවයි එම පාසලේ සිසුන් පවසන්නේ.

Read More »

පස් කදු කඩා වැටීම තවදුරටත්

තවද හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේත්, හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේත් ඝන මීදුම් තත්වයක් පවතින බැවින් එම මාර්ගයේ වාහන ධාවනය කිරීමේදි වාහන වල ඉදිරිපස ප‍්‍රධාන ලාම්පු දල්වා ගෙන වාහන ධාවනය කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

Read More »

පාරක් ඉල්ලා ගම්මු විදී බසී

පවුල් 75 ක් පමණ මෙම ගම්මානයේ ජිවිකාව ගෙවන අතර ප‍්‍රදේශයේ සියළු කුණු එකතුකර ප‍්‍රතිශක්තීකරණ ව්‍යාපෘතියක්ද මෙම ප‍්‍රදේශයේ පවත්වා ගෙන යයි. දෛනිකව එම කුණු ප‍්‍රවාහනය කරනු ලබන්නේද මෙම මාර්ගයෙනි. මේ සදහා අවස්ථාවන් කිහිපයකදී බලධාරින් දැනුවත් කල ද එයට ප‍්‍රතිචාරයක් නොලැබුණු බව උද්ඝෝෂණයට එක්වු ගම්වාසීන් පැවසූහ.මෙම මාර්ගයේ ඇතැම් ස්ථාන කොන්ක‍්‍රීට් කොට ඇති අතර ඇතැම් ස්ථානවල ගමන්කල නොහැකි තත්වයක පවතී.

Read More »

කුඹුරු අක්කර 300 ක් විනාශයි

අනතුරුව වෙරල සංරක්ෂණ අධිකාරිය විසින් පවසා සිටියේ එම ගල් වැටිය හා වැලි වැටිය රැහුණු විශ්ව විද්‍යාලය හා එක්ව සිදු කල පරීක්ෂනයකින් ඉදිකල බවත් එය අවශ්‍ය නම් ඉවත් කර ගත හැකි බවත්ය.ඒ අනුව රාජ්‍ය නිළධාරීන් ගේ සාකච්ඡාවෙන් අනතුරුව තීරණය වුයේ ඉදිරි සතිය තුල රැහුණු විශ්ව විද්‍යාලය , ගාල්ල දිසාපතිවරයා, ඇතුළු සියළු රාජ්‍ය ආයතන තිත්තගල්ල කුඹුරු යාය අසල ඛෙත්තාරාම විහාස්ථානය වෙත පැමිණ ඉදිරි අවශ්‍ය තීරණය ගන්නා බවයි.

Read More »

දැය සනසන ලිය අබිමන්

ගම්පහ දිස්ත්‍රික්කයේ කාන්තාවන් කණ්ඩායම් වශයෙන් සවිබල ගැන්වීම මෙම වැඩ සටහනෙහි අභිමතාර්ථයයි. ඒ අනුව මැහුම් කර්මාන්තය දිරි ගැන්වීම සඳහා මහන මැෂින් ලබාදී කාන්තාවන්ට අවශ්‍ය පුහුණුව, ආධාර මෙන්ම වෙළෙඳපොළ සකසා දීමට ලිය අභිමන් වැඩ සටහනෙන් සිදුකර තිබේ.

Read More »

බිරිදගේ බෙල්ල කැපු සැමියා ගෙල වැළලා ගනී

මේ දෙදෙනා අතර අද (29) බහින් බස් වීමක් ඇතිවී ඇති අතර එය දුර දිග යෑමෙන් ස්වාමි පුරුෂයා කාන්තාවගේ ගෙල කපා දමා තිබේ.ඉන්පසුව ඔහුද ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන තිබේ. බිරිද මේවන විට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

Read More »

ආණ්ඩුවටත් පාට් එකක් දාලා

මේ සම්න්ධයෙන් නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරිගෙන් අප කළ විමසුමකට අනුව ඔහු පවසා සිටියේ වත්මන් රජයේ පාලනය යටතේ පවතින හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජය යටතේ ක‍්‍රියාත්මක කරන සංවර්ධන කටයුතු පිළිබඳව රාජ්‍ය නිළධාරීන් දැණුවත් කිරිමට ශබ්ද විකාශන යන්ත‍්‍රයක් පාවිච්චි කිරීමට පවා ඉඩ ලබා නොදෙන හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අලගමුත්තු නන්ද කුමාර් පිළිබඳව අතිශයෙන් කණගාටු වන බවත්මෙම සම්මන්ත‍්‍රණය නගර සභාවේ වැඩ කටයුතු වලට බාධා නොවන අයුරින් පවත්වාගෙන ගිය බවත්මෙවැනි සභාපතිවරුන් යටතේ ප‍්‍රදේශයේ ජනතාවට සංවර්ධන කටයුතු කිරිමේ ගැටළු සහගත බවත් දිස්ත‍්‍රික් ලේකම්වරයා වැඩිදුරටත්සඳහන් කළා.

Read More »