Home / පුවත් (page 21)

පුවත්

උතුරේ සහ නැගෙනහිර භට පිරිස 180000ක් යොදවා නෑ …

දෙමළ ඇමතිවරුන්, දේශපාලඥයෝ සහ වයිකෝ වැනි අය යුධ හමුදාව ගැන කියන චෝදනා ප්‍රතිකේෂ්ප කරන බව හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහනුවර දළදා මාලිගාවේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා. ප්‍රශ්නය; විග්නේෂ්වරන් මහ ඇමතිවරයා පවසා සිටිනවා ඔහුගේ මතය අනුව උතුරේ යුධ හමුදාව 1,80,000ක් පමණ ඉන්නවා කියලා, “යුධ ...

Read More »

පාර්ලිමේන්තුව ආක්‍රමණයට කාලේ ඇවිල්ලා, මන්ත්‍රිවරු බහුතරයක් ආර්ථික මංකොල්ලයේ චූදිතයෝ

රටේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමට එම ගැටළු වලට විසදුම් සෙවීමට පාර්ලිමේන්තුවේ බහුතරයකට සුදුසුකම්නොමැති බැවින් මේ රටේ විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්ගේ වගකීම වනුයේ පාර්ලිමේන්තුව ආක්‍රමණය කිරීම බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති සඳහන් කරනවා. ඊයේ (27) මාතර ඕලන්ද කොටුවේ පැවති පුනරුදය – 2o17  කළා උළෙලේදී අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව ...

Read More »

කලබල වෙන්න එපා , පළාත් සභා මැතිවරණ ලබන මාර්තුවේදි….ඒකේ සැකයක් නෑ

ලබන වසරේ මාර්තු මාසයේදි පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි වන බවත් ඊට ප්‍රථමයෙන් ජනවාරි මාසයේදී පමණ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට හැකියාව පවතින බවත් ග්‍රාමිය ආර්ථික කටයුතු අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ...

Read More »

රෝහින්ග්‍යා සරණාගතයන්ට හිරිහැර කිරීම මනුෂ්‍යත්වයට නිගා කිරීමක් !

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිසමේ භාරකාරිත්වය යටතේ ලංකාවේ තාවකාලිකව රඳවා සිටින රෝහින්ග්‍යා සරණාගතයින්ට පසුගිය 26දින භික්‍ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් හිරිහැරකොට පහරදුන් බවට වාර්තා පළවී තිබේ. ජාතිවාදී හා ආගමික අන්තවාදී ගැටුම් නිසා අසරණභාවට පත්ව දිවි බේරාගැනීමට, රැකවරණ සොයා පැමිණ සිටි කුඩා ළමුන් හා කාන්තාවන් ඇතුලූ 30 දෙනෙක් පමණ වන මෙම සරණාගත ...

Read More »

නොබෙදුණු හා නොබෙදිය හැකි එක්සත් ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදාහැරීම අවශ්‍යයි…

ශ්‍රී ලංකාව තවදුරටත් නොබෙදුණු රටක් නොබෙදුණු හා නොබෙදිය හැකි එක්සත් ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදාහැරීම සිදු කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්. සම්පන්දන් පවසයි. අම්පාර කල්මුණේ පැවැති තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභා රැස්වීමේදී විපක්ෂ නායකවරයා අවධාරණ කළෙ උතුරු නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කළ එක්සත් ශ්‍රී ලංකාවක උපරිම බලය ...

Read More »

“රන්ජන් රාමනායක” උප්පැන්න සහතිකයේ නමක් නෑ…

 රන්ජන් රාමනායක කියලා නමක් උප්පැන්න සහතිකයේ නැති බව  පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ අද (27) කොළඹ දි පැවති මාධ්‍ය හමුවකදි කියා සිටියා… “ස්වාමින්වහන්සේ නමක් ආගම දහම ගැන් කතා කෙරුවට, ව්‍යවස්ථාව ගැන කතා කෙරුවට අර දඩාවතේ යන සත්තු වගේ කෑගැහුවම, දැන් මගේ ආසනයේ නේ ඔය රන්ජන් රාමනායක උන්නැහේ හිටියේ. අපි එලෙව්වා මේ ...

Read More »

චීවරධාරින් හා රස්තියාදුකාරයින් සමස්ත බෞද්ධ ආගමටම නිග්‍රහයක්!

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඊයේ (26) ගල්කිස්ස තෙමහල් නිවස රදවා තිබූ රෝහින්ග්‍යා සරණාගතයින්ට එල්ල කළ ප්‍රහාරය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එම සිද්ධිය මුලු මහත් බෞද්ධ ආගමටම නිග්‍රහයක් බවයි. “රෝහින්ග්‍යා මියන්මාර සරණාගතයින් පිරිසකට චීවරධාරින් විසින් පහර දීම මාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් විතරක් නොව ශ්‍රි ලාංකික බෞද්ධයෙක් හැටියටත් මම තරයේ ...

Read More »

දේශසීමා අපරාධ වලකන්න ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර අවබෝධතා ගිවිසුමක්!

දේශසීමා හරහා සිදු කරනු ලබන විවිධ අපරාධ වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මිනිස් ජාවාරම සහ දේශසීමා ඉක්මවන අනෙකුත් අපරාධ වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දැනට පවත්නා සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ හා ප්‍රව‍ර්ධනය කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමකට ...

Read More »

මධ්‍යම අධිවේගී මාර්ගය ගැන අවබෝධයක් නොමැති පිරිස් සාවද්‍ය මත ප්‍රචාරය කරනවා….

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී කුලුනු මත ඉදිකිරීමට හා පස් පුරවා ඉදිකිරීමට වැය වන වියදම් පිළිබඳව මනාව අධ්‍යනයක් සිදු කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති එන්.ආර්.සූරියආරච්චි සදහන් කර ඇත්තේ මෙම මාර්ගය ඉදිකරන්නේ රටට දරාගත හැකි ප්‍රශස්ත පිරිවැයක් යටතේ බවයි.ඒ පිළිබඳව අවබෝධයක් නොමැති පිරිස් ...

Read More »

මේවා තිරිසන් වැඩ…..බුදු හාමුදුරුවෝ මේ වගේ කාලකන්නි දේවල් දේශනා කලේ නෑ….

රෝහින්ග්‍යා සරණාගතයෝ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක හා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අද (27) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින්, අදහස් පලකර සිටියා. ප්‍රශ්නය; ඊයේ රෝහින්ග්‍යා සරණාගතයෝ රදවලා තිබුණ සරණාගත කඳවුරකට පහර දීලා තිබුණා. ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ  කට්ටියක්. ඒකට පොලිසියත් බලාගෙන හිටියා. “එහෙම සරණාගත කඳවුරකට ගැහුවා ...

Read More »

සංහිදියාව ඇති කරන්න නම් ප්‍රධාන පක්ෂ දෙකේ එකඟතාවයක් අවශ්‍යයි…

ඊයේ (26) කොළඹ මහනගර සභාවේ අනුග්‍රහය යටතේ හින්දු කෝවිල් 39 කට මූල්‍ය පරිත්‍යාග ලබා දීම සඳහා අරලියගහ මන්දිරයේ දි පැවති උත්සවයේදි,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පලකර සිටියා. “දැන් යුද්ධය අවසානයි. අපි ඔක්කෝම ආපහු එකමුතු වෙලා තමයි යන්න තිබුණේ. ඒ සංහිදියාව ඇති කරන්න තමයි අපි ඔක්කෝම එකතු වෙලා අනිත් දේශපාලන ප්‍රශ්න ...

Read More »

විද්‍යා දැරිය දූෂණය කර මරාදැමු ස්විස් කුමාර් ඇතුලු 7කට මරණීය දණ්ඩනය

ශිවයෝගනාදන් විද්‍යා දැරිය පැහැර ගෙන දූෂණයට ලක් කොට ඝාතනය කිරීමේ සිද්ධියේ  විත්තිකරුවන් වන මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් ඇතුළු හත් දෙනෙකුට අද යාපනය මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළා. මෙම නඩුව ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාග වූ අතර අගනුවරින් පිටත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ නඩු විභාගයක් පැවැති ප්‍රථම අවස්ථාව ලෙසටද වාර්තා ...

Read More »