Home / පුවත් (page 4)

පුවත්

IMF හා එකගතා …රාජ්‍ය ආයතන තොග පිටින් අළෙවියේ තව මාසයයි …ජල ,විදුලි සහ ඉන්ධන ගාස්තු ඉහළට

රාජ්‍ය ආයතන විකිණීම සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැත්වූ , සාකච්ඡාවේදී ලංකා ඛණිජ තෙල් සංස්ථාව , විදුලි බල මණ්ඩලයට සහ ජල සම්පාදන මණ්ඩලයට මිල සූත්‍රයක් හදුන්වා දීමට රජය එකගවී ඇති බව ,ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවා .ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සදහන් කළා. ඒ ...

Read More »

රට නගා සිටුවනවා යැයි කියා , අප්‍රේල් 01 සිට නව බදු ක්‍රමයක්

නව වැට් බද්දක් හදුන්වා දීමට මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා .අදාළ වැට් බද්ද අප්‍රේල් 01සිට ක්‍රියාත්මක කිරීම සදහා මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් ඊට අදාළ කැබිනට් පත්‍රයද කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඝානා රාජ්‍යයේ ක්‍රියාත්මක වන ආකාරයේ වැට් පනතක් ගෙන ඒම තම අපේක්ෂාව බව මුදල් අමාත්‍යවරයා එහිදී කැබිනට් මණ්ඩලයට ...

Read More »

මහා ආර්ථික අවුලක් …වැඩේ බරපතලයි හම්බන්තොට චීනෙට දීම එකම විසදුමයි

හම්බන්තොට වරාය චීන සමාගමක් වෙත පවරා දීම හරහා මෙරට ආර්ථිකයට ධනාත්මක බලපෑමක් සිදු වනු ඇති බව , මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්ස්වාමි පවසනවා.ඊයේ (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මහ බැංකු අධිපතිවරයා , “මේ ගනුදෙනුව නිසා අපේ විදෙස් සංචිත හොඳ ...

Read More »

විමල් අන්තෙටම වැටේ …දැඩි අසනීපයෙන් උපවාසය අත් නොහරී …සටන එලෙසමයි

උපවාසයක නිරතව සිටින ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ ශරීර තත්වය පිරිහෙමින් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළා. පැය 04 කට වරක්,මන්ත්‍රිවරයාගේ ශරීරය වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා . මන්ත්‍රිවරයාගේ සුව දුක් බැලීම සදහා හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂ ...

Read More »

මේ විදියට විභාග පාස්වෙන්න අවුරුදු 60න් -නවීන ලෝකයට ඔබින අධ්‍යාපන ක්‍රමයක් ලගදිම

සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දෙසැම්බර් මාසයේම උසස් පෙළ විභාගයට ලියා අවුරුදු දෙකක් යනකොට විශ්වවිද්‍යාලයට යන්න ක්‍රමවේදයක් සාදන ලෙස තමන් අධ්‍යාපණ බලධාරීන්ට උපදේස් දුන්බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. ගාල්ල නාගොඩ රාජකීය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් අගමැතිවරයා සදහන් කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා වඩා වේගවත් සහ නවීන ලෝකයට ඔබින අධ්‍යාපන ක්‍රමයක් ...

Read More »

එදා හිටපු හොරු අදත් ඉන්නවා….-අපි සියයට සීයක් සාර්ථක නෑ

එදා හිටපු හොරු අදත් ඉන්නවා…. අපි ඒ අයට විරුද්ධව කෙලින් හිටගන්න ක්‍ර‍මවේදයක් ඇති කළ යුතු බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක නිලධාරීන්ගේ විසිර යෑමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ පසුගියකාලයේ මෙන්ම අදත් රටට විනකටින පුද්ගලයින් සිටින බැවින් ඔවුන්ගෙන් රට ආරක්ෂා කරගත යුතු බවයි. “වරාය ...

Read More »

පොරොන්දු වලට ගරු කර ඒවා අකුරටම ඉටු කරනු-මානව හිමිකම් කවුන්සලයට TNA ප්‍රසාදය

34/L I යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට හා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට නිශ්චිත කාලයක් ලබාදීමත්, 30/1 යෝජනාව සාර්ථක ලෙස ක්‍රියාත්මක කර ඒ පිළිබඳ වාර්තාවක් පිළිවෙලින් 2018 දී හා 2019 දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 37 වන හා 40 වන සැසිවාරයේදී ඉදිරිපත් කිරීමට නියම ...

Read More »

TVඑකේ දැන්වීම් දැම්මායි මා වරදකරුවෙක් කරලා …එදත් එකයි අදත් එකයි …

පසුගිය ජනාධිපතිවරණ සමයේ රූපවාහිනී සංස්ථාවේ දැන්වීම් පළ කිරීමේ සිද්ධියකදී රුපියල් මිලියන ගණනක් රජයට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද (24) ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත පැමිණියා . එහිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ , රූපවාහිනියේ දැන්වීම් පල කිරීමේ වගකීම තමාට භාර ගත ...

Read More »

ලොව බලවතා පුටින් හමුව මට මහා ආඩම්බරයක් … අනර්ඝතම අවස්ථාව මෙයයි

රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් අතර නිල හමුව ඊයේ (23) පස්වරුවේ සිදු වූ අතර එම හමුවේ විශේෂ මතක සැමරුමක් ලෙස ව්ලැඩ්මිර් පුටින්ගෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සුවිශේෂී තිළිණයක් පිරිනැමිණි. 19 වන සියවසට අයත් මහනුවර යුගයේ රාජකීය කස්තානයක් මෙලෙස ව්ලැඩ්මිර් පුටින් විසින් ජනාධිපතිවරයා වෙත ...

Read More »

ත්‍රස්තවාදි HH මෙහෙයුමක් ගැන තොරතුරු … මහා බුද්ධි අංශ දඩයමක්

වත්මන් ආණ්ඩුව මහා බුද්ධි අංශ දඩයමක් ක්‍රියාත්මක කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසනවා .ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් මන්ත්‍රිවරයා මේ බව කියා සිටියා . එදා ක්‍රියාත්මක වූ ඩබල් එච් මෙහෙයුමට අද ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් නව අර්ථකතනයක් ලබා දෙන බවත් ඒ හරහා මහින්ද ...

Read More »

සරත් වීරසේකරට කල හැකි දෙයක් නෑ … කාමරවල කියන කතා ජිනීවාවල ගණන් ගන්නේ නෑ

වත්මන් ආණ්ඩුව ශක්තිමත් ලෙස ඉදිරියට යන බවත්  , 2020 වන තුරු මැතිවරණයක් පවත්වන්නේ නැති බව , ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ නිසා කිසිදු ආකාරයකින් ආණ්ඩු පෙරලියක් රට තුළ සිදු නොවන බවද ඔහු සදහන් කළා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද අමරවීර මේ බව කියා සිටියා. රියර් ...

Read More »

දෙමළ ජනතාව ඝාතනය කළේ සිංහල හමුදාව-උතුරේ යුධ හමුදාව වහාම ඉවත් කල යුතුයි

උතුරේ සිටින යුධ හමුදාව වහාම ඉවත් කලයුතු බව යාපන දිස්ත්‍රික් මන්ත්‍රී එස්.ශ්‍රිධරන් (S. Shritharan) ඊයේ (23) පාර්ලිමේන්තුවෙන් ඉල්ලිමක් කර සිටියා. ඉවත් කිරිමට රජයට මැදිහත් විමට නොහැකි නම් හමුදා නිළධාරින් සංඛ්‍යාව අඩුකිරිමට වහාම කටයුතු කල යුතු බවයි මන්ත්‍රී එස්.ශ්‍රිධරන් පෙන්වා දුන්නේ. අධිකරණ ක්ෂේත්‍රයට අදාළව පනත් සම්බන්ධයෙන් වු විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ දෙමළ ...

Read More »