Home / විශේෂාංග (page 5)

විශේෂාංග

111 සිංහල හාලේ බත් හැලියට පන්නරය දෙන ගාල්ලේ ගොවි රජවරුන් සමඟ

එකල අපේ පැරැන්නෝ වී වලට නම් දීමේදී වියෙහි පැහැය, හැඩය, මෙන්ම සුවඳ පිළිබඳවද සැලකිලිමත් වී තිබේ. හේනේ වපරනු ලැබුවේ ගොඩවී හෙවත් ඇල් වීය. මඬේ වපරනු ලැබුවෙ මඩවීය. සමහරක් වී වර්ග රතු යනුවෙන්ද සුදු යනුවෙන්ද හැඳින්වූහ. වියෙහි හැඩය අනුව දික් වී කුරු වී හීං වී ආදි වශයෙන් නම් පටබැඳීය. කෙසේ වුවද මෙකී වර්ග දැන් දැන් අපේ ජනවහරින්ද මැකී යමින් පවතී.

Read More »

තිස්ස තිස්ස තව අඹ ගහක් හම්බුණා

මේ ඔක්කොම බිදින්න නම් හේතුඵලවාදයට යන්න වෙනවා. ඒකට බුදු දහම වැළදගන්න ඕන නෑ. ගැටලූවට හේතුව හොයන එක තමයි ක‍්‍රමය. අපි කොච්චර හොද වෙන්න හැදුවත් ඒකට පවතින්න දෙන්නැති මේ සමාජ ක‍්‍රමය අතුගාන්න ඉදලක්වත් හදන්න වෙනවා. ඒ ඉදලේ සමගිය කියන ඉරටු මිටිය බලය කියන බැම්මෙන් බ`දින්න ඕන. පීඩාවට පත් වුන නැති බැරිවුන් ‘අපි’ කියලා මිටක් ගත්තාම ඉදල බැ`දලා ඉවරයි. දැන් පටන්ගමු හැමෝම නරුමත්වය, ආත්මාරථකාමීත්වය, පාදඩකරණය, වෙච්ච මේ දුර්ත සමාජ ක‍්‍රමය අතුගාන්න. මිදුලක් අතුගාන තරම් ලේසි නැතත් මේ සමාජ ක‍්‍රමය පරදන්න එකතුවීම හැර වෙනත් මගක් නෑ.

Read More »

ලස්සන වෙන්න කවුද අකමැති

කාන්තාවක් සතු ලස්සන මුහුණ කියන්නෙ ඕනම කෙනෙක්ගේ ඇස් ඇදිලා යන තැනක්. ඒවගේම මුහුණ ලස්සනට Make up කරගන්නත් ඕනම කාන්තාවක් කැමතියි. මේ විශේෂාංග මගින් කියලා දෙන්න හදන්නේ මුහුණ් ලස්සනට Make up කරගන්න උපදෙස් (Tip) කිහිපයක්.

Read More »

වෙසක් කූඩුවක් ගන්නට මල්ලක් අරගෙන කඬේට ගියෙමු

කොම්බුවා සරුංගලයක් සමතුලිත වන්නට සේරුව දාන්නට තියා අටපට්ටමක රැල් නොතියා සව් කොළ අලවන්නට වත් ඔවුන් ඇද්ද යන්න සැකකයෙකි.නමුත් වෙසක් කූඩුවක් සකස් කරන විට අම්මා තාත්තා දුදරුවෝද ආච්චී සියාද, අසල පහළ දු දරුවෝද එක්ව සකස් කරන වෙසක් කූඩු සමහර වෙසක් කාල වල දි ගෙදරින් එළියට ගන්නට නොහැකිය.ඒ කවුරුත් සතුටින් සකස් කළ මහ කූඩුව ගන්නට නොහැකිය. ඒ දොරට වඩා එය විශාල විමයි. මේ නිසා මහ කූඩුව නැවත එළියේ සකස් කරන්ට අප පියවර ගත් ආකාරයක්ද අපට මතකය

Read More »

ජීවන ගීය නිමා කල ඔහු සදා මතකයේ රැදේ (Video)

ඔහු ගැයූ මගේ නාමලී, සුළං කුරුල්ලෝ, ආනන්ද මේ රෑ වැනි ගීත ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්විය. චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස සිංහල සිනමාවට මහත් සේවයක් සිදු කළ ලන්ත්‍රා මහතා කැලණියේ පිහිටි ඔහුගේ නිවසේ කථා කිරීමට පවා නොහැකිව දැඩි අසනීප තත්ත්වයෙන් වසර ගණනාවක් ගත කළේය.

Read More »

අවුරුද්දත් කිට්ටු කිට්ටු

අළුත් අවුරුද්ද නිසාම සිංහල අපේ අනන්‍යතාව නැතහොත් සිංහලකම නොනැසී ඉදිරියට පැමිණ ඇත.අළුත් අවුරුද්ද සිංහල අපට වැදගත් වන්නේ මෙම කරුණ හේතුවෙනි.මක් නිසාද යත් අළුත් අවුරුද්ද නොතිබෙන්නට අපේ පැරණි ජාතික සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර, ඇදහිළි, ක්‍රියාකාරකම් ජනක්‍රීඩා බොහොමයක් සමහර විට අද වන විට අපෙන් ඈත් වීමට ඉඩ තිබූ බැවිනි.

Read More »

විජය ශ්‍රී ජය ශ්‍රී මා බෝ රජුන්ට පිදේන අලුත් සහල්

යහ පාලනයක් සදහා නැවුම් අපෙක්ෂාවන් සහිතව ශ්‍රී ලංකාව නව ගමන් මඟකට ප්‍රවේශව ඇති මෙවන් යුගයක ජාතික සහ ආගමික වශයෙන් ශ්‍රී ලංකික අනන්‍යතාවය පිළිඹිඹු කෙරෙන අලුත් සහල් මංගල්‍ය තුලින් අපේක්ෂා කරනුයේ මුළු මහත් දේශයට ම ජය ශ්‍රී මහ බෝ සමිදුන්ගේ පිහිට ලබා ගැනීම ය. එදා සිටම නුවර කලාවියේ ගොවිජනතාවගේ ලෙඩට දුකට බව භෝග ආරක්ෂාවට නිරන්තරයෙන් ම කෙරුණ උඩමළුවට බාර හාර ඔප්පු කිරීම ද සිදු වන්නේ අලුත් සහල් මංගල්‍යයට සමගාමීව ය.

Read More »

යහපාලනයට දිග ලියුමක්!

අවතැන් වුවන්ට ගෙවල් ලබා දිය යුතුයි. එහිදී මුලින්ම කල යුත්තේ ඔවුන් යුද්ධයට පෙර පදිංචි වී සිටි ප්‍රදේශ වල නිවාස සාදා දී පදිංචි කල යුතුය. ශ්‍රී ලංකාවේ හරිත වනාන්තර විනාශ වෙමින් පවතින යුගයක විල්පත්තු වනාන්තරය අසල එළිපෙහෙළි කරමින් නිවාස සැදීමට කටයුතු කිරීම අතිශය භයානක පරිසර විනාශයකි. මේ රටේ පදිංචි වීමට කෙතරම් ඉඩ තිබියදීත් සිය දේශපාලනික අරමුණු සඳහා මෙලෙස වනාන්තර හා විශේෂයෙන් විල්පත්තු අභයභුමිය හෙළි කර විනාශ කිරීම හා එයට අනුමැතිය දීම භයානක අපරාධයක් බව බොදු බල සේනා අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කරමු.

Read More »

රාම-සීතා පෙම් කතාවේ රාවණාගල හමුවේ

මස්කෙළිය මාවුස්සාකැලේ ජලාශයට සහ කැනියොන් ජලවිදුලි බලාගාරයට ඉහලින් සප්තකන්‍යා කඳුවැටියට නුදුරු මාවුස්සාකැලේ නයිසා වත්තේ සීටන් කොටසේ අක්කර තුනක පමණ විශාල වපසරයකින් යුත් තැනිතලා ගල්පරයක් වෙතට අපට සංචාරය කිරීමට හැකිවුනා. අති දුෂ්කර මාර්ගයක් ඔස්සේ මෙම තැනිතලා ගල්පොත්තට ගිය අවස්ථාවේ අප කැමරාවේ සටහන්වුනේ අඟලක් පමණ ගැඹුරට අඟල් දෙකක් පමණ පළලට අඩි පහක පමණ පරතරයකින් යුත් එක හා සමාන රේඛා දෙකක් අඩි සියයක් දිගට ගල්පර්වතයේ ස්ථාන කීපයකම සලකුණු කීපයක් තිබෙන ආකාරයයි.

Read More »

ඉතිහාසයේ නොමැකෙන මතක

ඒ වන විට කන්ද උඩරට සෙංකඩගල නම් රාජධානිය පැවැතියේ අපේ රාජාවලියේ අවසන් රජු වූ වඩුග පරම්පරාවේ හතරවැනියා වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු යටතේ ය.පෘතුගීසිහු ද ලන්දේසීහු ද මෙරට ජනතාව බෙදා පාලනය කිරිමට වග බලා ගත්තෝ ය. පෘතුගීසීහු බුවනෙකබාහු විජයබාහු හා මායාදුන්නේ තෙසොහොයුරන් අතර භේද වපුළෝය. මුහුදුබඩ වෙළෙදාමේ යෙදී සිටි යෝනක පිරිස් ද භේද කැරවූවෝ ය.

Read More »

යහපාලනයෙන් කරනවා නම් මෙන්න වැඩ!

තිරසාරත්වය වර්ධනය කිරීමට හැකි ක්‍රමයන් අවශ්‍යය. මක් නිසාද ඒවා නොමැති වීමෙන් කුඩා පරිමාණ මත්ස්‍ය ගොවීන්ට හා ධීවරයන්ට අහිතකර බලපෑම් ඇති විය හැකි බැවිනි.

Read More »