Home / 2014 / May

Monthly Archives: May 2014

යුද්ධයෙන් පසු බිහිවුණු රට

ගතවූ අවුරුදු පහ තුළ රටේ සිදුවූ, සිදුවන දේ හැම’තින්ම තර්කානුකූලය. ඒ කාලය තුළ ජනාධිපතිවරයා සිතන්නේත් කටයුතු කරන්නේත් පරාජිතයා බිමට සමතලා කිරීමෙන් පසු බාහු බලය පමණක් ඇති ජයග‍්‍රාහකයකු සිතන පතන ක‍්‍රියාකරන ආකාරයට කිසිසේත් වෙනස් ලෙස නොවේ.

Read More »

බස්රථ දෙකක් මුහුණ මුහුණ ලා ගැටෙ… 4 දෙනෙක් රෝහලේ

රෝහල්ගත කළ සේවිකාවන්ගේ තත්වය බරපතල නොවන බව දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරුන් පවසනවා. ඇගුළුම් කර්මාන්ත බස්රථයේ රියදුරාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අනතුර හේතුවෙන් හැටන් බගවන්තලාව ප‍්‍රධාන මාර්ගයේ පැයකට ආසන්න කාලයක් ගමනාගමනය ඇණ හිට තිබුණා.

Read More »

සරසවි සිසුවියගේ ඝාතකයා සොයාගිය “රොනි”

පාසල් යන කාලයේ සිටම ඇසුරු කළ ඩිමාෂා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ දින සිටම මම ඇයට අවශ්‍ය සියලූ වියහියදම් දැරුවා. මා පණමෙන් ඇයට ආදරය කළා. දැනට වැඩිදුර පුහුණුවක් සඳහා තන්තිරිමලේ හමුදා කඳවුරේ රාජකාරි කටයුතු කරන මා මැයි මාසයේ වැටුප අරගෙන ඩිමාෂා හමුවෙන්න කොළඹ ඇවිත් ඇගේ අතට රුපියල් 21,000 ක් ලබාදීලා ඈ සමඟ 20, 21 යන දින දෙක කොළඹ පුද්ගලික නවාතැනක ගත කළා. පසුව මා යළි හමුදා කඳවුරට ගියා.

Read More »

සුධර්මා සැකකාරියක්‌ද? නැද්ද? තින්දුව ඔක්‌: 01

ලක්ෂ පනහක මුදලක්‌ සම්බන්ධයෙන් විශ්වාසය කඩ කළැයි කියන පැමිණිල්ලට අදාළව වරෙන්තු ලද ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර සැකකාරියක ලෙස නම්කර නොමැති බව ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න ඊයේ (30 දා) කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශ කළේය.

Read More »

කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ “සාය” ගැලවේ!

කාන්තා නිලධාරීනියන් මෙතෙක් කාර්යාලීය නිල ඇදුම ලෙස සාය හා කමිසය භාවිතා කල අතර, කාර්යාල රාජකාරි හැර වෙනත් රාජකාරි ඉටුකිරිමේදි ඇතිවන අපහසුතා සලකා බලා මෙම නව නිල ඇදුම හදුන්වා දී තිබේ.

Read More »

පරණ චොක්‌ලට්‌ වල වටිනාකම කෝටි 10 පනී

කල්ඉකුත් වූ මෙම චොක්‌ලට්‌වල පැරණි ඇසුරුම් ඉවත් කර නව ඇසුරුම්වල බහා වැඩි මිලට අලෙවි කරන බවට මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

Read More »

විවාහ වෙලා දික්කසාද වෙන්න මට බෑ

මේ දිනවල විකාශය වන 'පුංචි වලව්වේ' විහාරාගේ චරිතය හා ‘සඳපානාගල‘ හි නෙලුම් ගේ චරිතයට පණ පොවමින් කාගෙත් සිත්වල ලැගුම් ගෙන සිටින මේ තාරකාව ඔබ අප කවුරුත් හොඳින් දන්නා හඳුනන ශලනි තාරකා ය.

Read More »

ලිංගික අධ්‍යාපනය ගැන පිම්මක් පනී!

මේ ඉල්ලීම් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර අධ්‍යාපන විෂය පාඨමාලාවේ විද්‍යා විෂය යටතේ ඉගැන්වීම සම්බන්ධව කටයුතු සම්පාදනය කරමින් පවතින බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පවසයි.

Read More »

මිහින්තලේ පොසොන් පොත් දන්සලට ඔබත් එන්න

සංස්කෘතික දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය, දිවයිනේ සියලුම විද්‍යා පීඨ, අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලවල සහ දිවයිනේ සියලුම පළාත් හා කලාප අධ්‍යාපන කාර්යාලවල සේවයේ නියුතු කාර්ය මණ්ඩලවල සහාය මෙම පොත් දන්සල සඳහා ලබා ගැනේ.

Read More »

සටන නසන්න රු. 100ක් දිලා

රජයේ හෙද නිලධාරින්ගේ සංගමය හා පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය දීමනා වෙනුවෙන් කළ සටන හමුවේ සටන අඩාල කිරීමට හා දුර්වල කිරීමට ආණ්ඩුව අයවැයෙන් ලබා දුන් සොව්වම දීමනා වැඩි කිරීමට අදාලව සෞඛ්‍ය ලේකම් 2014.05.09 දින නිකුත්කළ මෙම චක්‍රලේඛය මගින් අනතුරු දීමනාව රු. 100 කින් වැඩි කර තිබේ.

Read More »

මතට එරෙහිව දිවි නැගුම කොඩි සටනක්

දිවි නැගුම සංවර්ධන වැඩසටහනට ශක්තියක් ලබාදෙමින් දිවයින පුරා කි‍්‍රයාත්මක මෙම කොඩි අලෙවියෙන් උපයන ආදායම් සමාජ සංවර්ධන පදනමට බැරවන අතර එම මුදලින් අදාල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සමාජ සුභසාධන කටයුතු හා නිවාස, සනීපාරක්ෂක, ශිෂ්‍යත්ව වැනි වැඩසටහන් කි‍්‍රයාත්මක වේ. ඉකුත් 2013 වසරේ කොඩි අළවියෙන් ලද ආදායම රුපියල් දශලක්ෂ 125කි.

Read More »

දෙමුහුන් සතුන් මවුබිමට ආවේ අවේනික සතුන් වඳ කිරීමටද?

විදේශවලින් අරගෙන එන මත් ද්‍රව්‍ය මැණික් , මුදල් , රත්රන් වැනි දේ අත්අඩංගුවට ගන්නට රේගුව දදිඅවධනයක් යොමු වී තිබෙන නමුත් දෙමුහුන් සතුන් මෙරටට ගෙන එන ජාවාරම කෙරෙහි එතරම අවධානයක් යොමු වී නොතිබිණි.

Read More »